ජනපති මෛත‍්‍රිගේ යුගය වාසනාවන්ත යුගයක්.. ආණ්ඩුව වෙනස් කිරීම ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ..

January 15, 2018 at 4:40 pm | lanka C news
ජනපති මෛත‍්‍රිගේ යුගය වාසනාවන්ත යුගයක්.. ආණ්ඩුව වෙනස් කිරීම ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග මහත්මියගේ ආරධනයකින් උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනොල්ඞ් කුරේ මහතා නිට්ටඹුව ප‍්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි විය.

ඔහු මෙසේ අදහස් පල කළේය.

‘අපේ රටේ තියෙනවා මැතිවරණ ගණනාවක්. පළාත් පාලන මැතිවරණය තියෙනවා. පළාත් සභා මැතිවරණය තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය තියෙනවා. ජනාධිපතිවරණය තිබෙනවා. මේ පාර මැතිවරණය මීට පෙර තිබූ ක‍්‍රමයට වඩා හාත්පසින්ම වෙනස් මැතිවරණයක්.

මේ මැතිවරණයේ විශේෂත්වය තමයි යහපත් චරිතයක් ඇති අවංකව වැඩ කිරීමට පුලූවන් දක්ෂ නායකයෙකු තෝරා ගැනීම. මේ මැතිවරණයෙන් ආණ්ඩු වෙනස් වෙන්නේ නෑ. මේ මැතිවරණයෙන් ජනාධිපති වෙනස් වෙන්නේ නෑ. මේ මැතිවරණයෙන් ජාතික ප‍්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ. පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩු වෙනස් කරන්න යනවා නම් ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්. ගලෙන් පට්ට ගන්නවා වගේ වැඩක්.

ජේxආර් ජයවර්ධන මහතා ඇති කරපු මැතිවරණ ක‍්‍රමය නිසා රටක් ජාතියක් ජන්මයක් අදුනන්නේ නැති කොහෙන්ද පහත් වෙච්ච මිනිස්සු අපේ ආසනයට ඇවිල්ලා, ඒ දිස්ත‍්‍රික්කයේ ඔක්කොම මනාප ඡුන්ද ටික එකතු කරලා මන්ත‍්‍රිවරයො වෙනවා. එයා මන්ත‍්‍රීවරයා වෙන්න පාවිච්චි කරනවා ඔහු සතු ධන බලය, සල්ලි වල බලය, අරක්කු වල බලය, පාතාලේ බලය, ආයුධ බලය, චණ්ඩි බලය පාවිච්චි කරල තමයි පාර්ලිමේන්තුවට පච්චකාරයෝ, හොරු තක්කඩි ගියේ.

ඡුන්දය පාවිච්චි කිරීමේදී හරියට කතිරය පාවිච්චි කරේ නැත්නම් අවුරුදු හතරක් තමුන්ට දුක් විඳින්න වෙනවා. හොඳට හිතලා බලලා නියෝජිතයා තෝරා ගන්න.

පහුගිය කාලය පුරාවටම හොරුන්ට කිසිම ආණ්ඩුවකින් දඩුවම් දුන්නේ නෑ. මේ හොරුන්ට දඩුවම් දීපු එකම එක ආණ්ඩුවක් තිබුනා. ඒ තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක පුරෝගාමී නායකයා එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක මහතා හදපු ආණ්ඩුව. එතුමා දැම්මා කොමිසමක් වෝල්ටර් තයිගොඩපිටිය කියලා කොමිසමක්. ඒ කොමිසම දාලා වැරදි කරපු ඇමතිවරු පස්දෙනෙකුව ගෙදර ඇරියා. තමන්ගේ පක්ෂයේ තමන්ගේ ආණ්ඩුවේ හොරකම් කරපු ඇමතිවරු 5දෙනෙක් ගෙදර යවපු එකම එක්කෙනා තමයි බණ්ඩාරනායක මහත්තයා. එදා මෙදාතුර බලයට ආපු කිසිම ආණ්ඩුවක් හොරුන්ට දඩුවම් කලේ නෑ.

තොරණේ බල්බ් පත්තු වෙනවානේ. ඉස්සරහට ගිහින් බලපුවාම බල්බ් වෙන වෙනම තියෙන්නේ. හැබැයි පිටිපස්සට ගිහිං බලපුවාම ඒ බල්බ්වල වයර් එකට හොඳට බැඳිල සමඟියෙන් ඉන්නෙ. ඒ වගේ තමයි මේ රටේ හොරකමත්. පාට, පක්ෂ එකතු වෙලා හැමදාම හොරකම රජ කෙරුවා. හොරකමට දඩුවම් දෙන්න ඕන. අම්මා, තාත්තා, දුව, පුතා කවුරු උනත් මහජන දේපළ කොල්ලකන අයට නිසි දඩුවම් දෙන්න ඕන ඒ තීරණයේම අපේ ජනාධිපතිතුමා සිටීම අපේ වාසනාවන්ත යුගයක්.

එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක මහතා මැතිවරණය සඳහා රොස්මිඞ් වලව්ව උකස් තිබ්බා. ඔහු දේශපාලනයෙන් සල්ලි හම්බ කලේ නෑ. තිබුන දේත් නැතිකර ගත්තා. හෙක්ටර් කොබ්බෑකඩුව මහතා එතුමා මේ රටේ ඉඩම් සීමා කිරීමේ පනත ගෙනාවේ අක්කර 50 දක්වා. අවසානයේ එතුමා විසින්ම ගෙන ආ පනත මගින් තමාගේ අක්කර 50ත් ආරක්ෂා කර ගත්තේ නෑ. අන්න අවංක දේශපාලනය කරන මිනිස්සු. එන්එම්පෙරේරා මැතිතුමා තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුව හැදුව නිර්මතෘවරයා. එතුමා ණයක් ගන්න ඉල්ලූම්පතක් ඉදිරිපත් කරපු අවස්ථාවේ බැංකුව විසින් එය ප‍්‍රතික්ෂේප කලා. ඔහුගේ වයස වැඩියි කියලා.

එහෙම අවංක රටක අවංක දේශපාලනයක හිටපු අය හා අපේ සංස්කෘතිය පසුගිය කාලය තුල මුදලට, බලයට, හොරකමට, වංචාවට තෝතැන්නක් බවට පත්වුනා. මේ රටේ විමුක්තිය උදාකර ගන්නනම් හොඳ මිනිස්සු තෝරා යැවීමට අපි කවුරුත් තීන්දු කරන්න ඕන.

අතිගරු මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වැනි නායකයෙක් අවංකව එඩිතරව වැඩ කරන කොට අර හොරුටික, වංචනිකයෝ, ¥ෂිතයෝ එකතු වෙලා එක්සත් පෙරමුණක්, හොරුන්ගේ සංවිධානයක්, වංචනිකයින්ගේ පෙරමුණක් හදලා බණ්ඩාරනායක මහත්තයට කලා වගේ ජීවිත තර්ජන පවා ඇති කරන්න පුලූවන්.

ජේආර් ජයවර්ධන මැතිතුමා, ආර් පේ‍්‍රමදාස මැතිතුමාගේ, අපේ චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ පැමිණීමේත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණයේත් එකම සටන් පාඨය වූයේ භීෂණය, ¥ෂණය, හිංසනය නැති කරමු කියා. ඇයි මේ එකම සටන් පාඨය කිය කියා ඉන්න වෙලා තියෙන්නේ. ඒ කිසිම දේකට නිසි දඩුවම් නොදීම නිසා තමයි අපිට එහෙම කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.

මෙවර ඡුන්දයෙන් එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් අල්ලන්න පුලූවන්. ඒ තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන් පාවිච්චි කරන ඡුන්දය මගින් නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපට තවදුරටත් අවශ්‍යයි කියන උත්තරය දෙනවා. ඒ වගේම තමන්ගේ ගමට වැඩ කරන්න පුලූවන් නායකයෙක් පත්කර ගන්න පුලූවන් වෙනවා. ගමට සංවර්දනයයි රටට නිදහසයි දෙකම එකවර ලැබෙනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ආරක්ෂා කරගත යුතුයි. මේ පක්ෂය වැටුනොත් දුර්වල වුනොත් දිනන්නේ අධිරාජ්‍යවාදයයි. මේ රටේ හැම එක්සත් පෙරමුණක්ම හැදුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන්. ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම ඔබේත් අපේත් වගකීම හා යුතුකම වෙනවා.

– වජිර කොඩිතුවක්කු

67 views

9 Comments to “ජනපති මෛත‍්‍රිගේ යුගය වාසනාවන්ත යුගයක්.. ආණ්ඩුව වෙනස් කිරීම ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ..”

  1. Ga says:

    Amoooooo akanam aytamai.mara. vasavantai.
    Habai api balagena ine. Ibbage pihatu galavanna namai , ibage katta galavanna. Pravesaman

  2. kamalasirikuruwita says:

    ඔලුව ලුස් ද හලෝ , මේ චන්දෙන් ආණ්ඩු වෙනස් වෙන්නේ නැහැ කියල හයේ පන්තියේ ළමයත් දන්නවනේ. හැබැයි චන්දෙන් පස්සේ ආණ්ඩුවට තේරෙයි මිනිස්සු එදාට වඩා අද වෙනස් වෙලා කියල. මේ යුගයේ වාසනාව තියෙන්නේ ඔහෙලා වගේ ජනතා මුදලින් සුර සැප විඳින එවුන්ට. අපි කඩේට බඩු ගන්න ගියාම තමයි ආණ්ඩුව ජනතාවට දීල තියෙන වාසනාව තේරෙන්නේ . එතකොට ඉතින්……#@%^
    @##!^&^%_+%@#

  3. Gadol says:

    පොල්ගෙඩිය රුපියල් 150 හරි වාසනාව

  4. ඉබ්බාගේ පිහාටු says:

    ඉබ්බාගේ පිහාටු තට්ටයාගේ ගොන් මොලේ. පාවා දෙන්නා, අහිකුන්ටක රජෙක්.දැන් ඉතින් තටු ගැලවේවි ඉබේම.ඉක්මනට අපායට පල.

  5. Aurora says:

    සිරිසේන කොතරම් අවංකද කියල අපට එත්තුගන්න පුළුවන් කරන කථා වලින්. 2014 ට පෙර ආණ්ඩුවෙන් සැලසුම් කරලා ගිවිසුම් ගහලා නය/මුදල් අනුමතකරලා කොන්ත්‍රාත් දුන්න ව්‍යපෘති උගේ සංකල්ප අනුව කියල පුවරුවල කොටාගෙන විවුර්ත කරනවා. මුළු රටම අප්පයට හිනාවෙන අතරේ මොලේ නැති වුනත් තට්ටේ විතරක් තියන මෙවැනි බත් බැලයෝ ඌට පාන අල්ලනවා. තොපේ දේශපාලනේටත් ආයුෂ තියෙන්නේ 2019 නොවැම්බර් වෙනකම් විතරයි.

  6. kadiya says:

    “අතිගරු මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වැනි නායකයෙක් අවංකව එඩිතරව වැඩ කරන කොට” අර ඕස්ට්‍රේලියාවේ කොම්පැනියකින් පගාව ඉල්ලපු ශ්‍රී ලංකාව කියන රටේ හිටපු ඇමති තුමා ගැන මේ රටේ මුල්පෙළේ ජනමාධ්‍ය වල පල නොවෙන්නේ ඇයි හිටන් කියල කිව්වොත් හොඳයි නේද?

  7. විජේවීර says:

    මට දුක අනාගතයේ දවසක බස්නාහිර අර”මහා” ඇමති “කොටා”, හම්බන්තොට සන්ධාන ලේකම් “බස් කොන්දොස්තර” වගේ මේ “ටියුෂන් ගුරා” මැරෙන්නේ පනුවෝ ගහල.එදාට අහල පහල කවුරුවත් මිනිය උස්සන්නත් කවුරුවත් හොයාගන්න බැරිවෙයි.

  8. බුරු තට්ටයා says:

    මුට රෙද්ද ගලවලා ගිණි නිවන වතුර බටෙකින් වතුර ගහා හෝදලා ගන්න ඕනෙ,

  9. KAMAL says:

    thoge thattey kes enawa wageda macan.

Main News