ජනපති මෛත‍්‍රිගේ සහාය අපට එපා.. ඔහු ආවොත් තියෙන ඡන්ද ටිකත් නැති වෙනවා..- එජාප විරෝධය

June 7, 2019 at 2:10 pm | lanka C news
ජනපති මෛත‍්‍රිගේ සහාය අපට එපා.. ඔහු ආවොත් තියෙන ඡන්ද ටිකත් නැති වෙනවා..- එජාප විරෝධය

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහයෝගය ලබා නොගත යුතු බවට එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයට දැනුම් දීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ගේ සහයෝගය ලබා ගැනීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමට හානියක් වනු ඇති බවත් ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළා මහින්ද රාජපක්ෂ මහතා දින 52 කාලයකට අගමැති තනතුරට පත් කරමින් ආණ්ඩුවක් පිහිටුවීම නිසා එජාප පාක්ෂිකයන් ඔහු ගැන දැඩිව කලකිරී සිටින බවයි.

ඇමැති මණ්ඩලයේ සිටින බහුතර පිරිසක් ද වත්මන් ජනාධිපති වරයාගේ සහාය ගැනීමට අකමැති බව අගමැතිවරයාට දැනුම් දීමට තීරණය කර ඇති බවද එම මන්ත්‍රීවරුන් සඳහන් කරයි.

මේ සම්බන්ධ තීරණය අද දිනයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කළේය.

39 views

30 Comments to “ජනපති මෛත‍්‍රිගේ සහාය අපට එපා.. ඔහු ආවොත් තියෙන ඡන්ද ටිකත් නැති වෙනවා..- එජාප විරෝධය”

  1. sunimal says:

    ඔහොම යමං පඹයෝ උඹ පිදුරු කකා
    හැබැයි දීපියව් අපෙ නම් කොටහ නොකා
    කෙලින් කලෙත් අපි නම් උඹ හොරා කකා
    පෙරලලා දාන්නෙත් අපිමයි කියමු දුකා

    • යුක්තිය says:

      රට කාපු යූඑන්පී කවලං ජාන ඇත්තන්ට සාප වේවා…! උඹ හරි උජාරැවට නේ කවි කියන්නෙ…! සිරාද ඒ කාලෙ ෆ්‍රී වයිවයි,වොක්ස් වැගන් ගැන කතා කරේ කවුද වැඩි පුරම…? උඹල තමයි පච හලල රට කෑවෙ…! සිරා නෙවේ ප්‍රභාකරන් හිටියත් උඹල තමයි රට විනාස කරන්න උන්ට තල්ලු කරල දැම්මෙ…. ! යූඑනපී සමාජෙ සැබෑ සිංහල සමාජෙන්ම කොන් කරල පෙරලල දානව..එතකොට කවි කියවෙන එකක් නෑ..! සිංහල බොද්ධයාගෙ සෑබෑ හතුරා සිංහල කියාගන්න යූඑන්පී සමාජයමයි.. ! සේරම කරල සුදනො වගේ කවි කියන්න එනව…!

  2. one shot says:

    වඩු බාස්ලටත් එයාව එපාලු.

  3. Critic says:

    If UNP contests with or without MY3, absolute result is nowhere!

  4. Aurora says:

    යමපාලනේ සැලසුම වුනේ කතෝලිකයන් හට පහරදීමෙන් පසු මීගමුවේ මාළු කපන පිහි එලියට අරන් ගේම පටන් අරන් අනෙකුත් සිංහල ජනතාවත් එකට එකතුකර මහා ලේ වැගිරීමක් සිදුකිරීමයි. ඉන්පසු විදේශ සහයෙන් ගැටුම නවත්වා සිංහලයන් මතම වැරැද්ද පටවල රට මැතිවරණයකට සාමකාමී නැහැ කියල සියලු චන්ද කල් දමන්නයි. නමුත් අති උතුම් කාදිනල් තුමාගේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම නිසා කුමන්ත්‍රණය සහමුලින්ම පරාජය වුණා. ඒ නිසයි එම කුමන්ත්‍රණයේ නිර්මාතෘවරු කාදිනල් තුමාට අපහාස කරන්නේ. දැන් සිරාටත්, කරුමයාටත්, රනින් ටත් ඇඩ්රස් නැහැ.

  5. charles says:

    That is a good idea UNP. Pohottuwa will not take him to a stage anyway.

Main News