ජනපති මෛත‍්‍රිට එරෙහිව දෝෂාභියෝගයක් ගේනවා.. 2/3 අප සතුයි.. – එජාපය නිල වශයෙන් කියයි…

January 20, 2018 at 11:20 am | lanka C news
ජනපති මෛත‍්‍රිට එරෙහිව දෝෂාභියෝගයක් ගේනවා.. 2/3 අප සතුයි.. – එජාපය නිල වශයෙන් කියයි…

කුමන හෝ අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ක්‍රියා කළහොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහි දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන්ම ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කෙළේය.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කරනවා, නව ආණ්ඩුවක් පිහිටුවනවා වැනි යම් යම් ප්‍රචාර දැන් සිටම සිදුවන බවත් ඒවා ප්‍රචාරවලට පමණක් සීමාවේ කියා තමන් සිතන බවත් මන්ත්‍රිවරයා සඳහන් කෙළේය.

යම් විදියකින් අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමේ සූදානමක් පැවැතුණහොත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කර එයට ඒකාබද්ධ විපක්ෂයේද සහාය ලබාගැනීමට අදහස් කරන බව විජේසිරි මන්ත්‍රිවරයා සඳහන් කරයි.

යහපාලනය ආරක්ෂා කරගැනීමට තම පක්ෂය කටයුතු කරන බවත් පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළහොත් ඉන් පසු එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවන බවත් ඒ සඳහා ජනාධිපතිවරයාගේ සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කෙළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු සඳහන් කෙළේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව නව දේශපාලන ගමනක් යෑමට ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් සිටින බවයි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ වාගේම ඒකාබද්ධ විපක්ෂයේද සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එම ප්‍රබලයා පැවැසීය.

මේ තත්ත්වය මත පළාත් පාලන මැතිවරණයෙන් පසු එනම් පෙබරවාරි මස 10 වැනිදායින් පසුව අනපේක්ෂිත දේශපාලන පෙරැළි සිදුවිය හැකි බවත් එහිදී වඩා ඉස්සර වන පාර්ශ්වයට වැඩි වාසි අත්වීමට ඉඩ ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.

පාර්ලිමේන්තු බහුතරය පෙන්විය හැකි පුද්ගලයා අග්‍රාමාත්‍ය වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයාට හැකි බවද එම ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරයකුට එරෙහිව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 75 දෙනකුගේ අස්සන් තිබිය යුතු බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

දෝෂාභියෝග යෝජනාවක් ජනාධිපතිවරයකුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු කතානායකවරයා පිළිගත්තොත් එය විවාදයට ගන්නා තුරු ජනාධිපතිවරයාගේ විධායක බලතලද සීමා වන බවද එම ආරංචි මාර්ග තවදුරටත් ප්‍රකාශ කළේය.

අවශ්‍ය නම් දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් දැමිය හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

– Mawbima

27 views

9 Comments to “ජනපති මෛත‍්‍රිට එරෙහිව දෝෂාභියෝගයක් ගේනවා.. 2/3 අප සතුයි.. – එජාපය නිල වශයෙන් කියයි…”

  1. mokada me thappulanne ane ane kauda ganan ganne hithana innawa maha lokkek kiyala labana wara aasanayath paradai

    • kamalasirikuruwita says:

      මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

    • රාජිත says:

      තුනෙන් දෙකක් සතු බව ඔබෙ පෙනුනාද
      හම නැත්නම් ඒ තුනද බිම බව තේරුනාද
      තුනෙන් දෙක නොතලා ඔබ වැඩකරනවාද
      අභියෝග කෙරුවත් එතුමා දෙයි සිංහනාද

  2. බන්ඩා says:

    රට කාපු ‘යහපාලන’ හොර හැත්ත, තොපි පෙරහැරේ ගෙනිහින් ජනපති කොර ගත්ත සිරිසේනට විරැද්ධව දෝෂාභියෝග ගෙනාවට අපට කම් නැහැ. නමුත් සිරිසේන ජනපති හොරු රකින්න රනිල්ට උදව් කලා විතරය්. අර්ජුනය මහ බැංකුව හොරා කෑවෙ රනිල්ගෙ උපදෙස් මත බව අද පහේ පන්තියෙ ලමයත් දන්නවා. අද වෙනකොට ඒක නොදන්නෙ, හොරු රකින්නෙ කැපුවත් කොල තොපි වගේ හරක් විතරය්. ජනතාව 10 වෙනිදට උත්තරේ දෙය්.

  3. samuvel says:

    යහපාලනය කියන “පට්ට” සොඳුරු වචනයට මුවාවෙල , මුන් කරලා තියෙන්නෙ පට්ට හොර වැඩ සහ පට්ට හොරු සමග ගනුදෙනු කිරීම, උන් ආරක්ශා කිරීම පමනයි. මුන්ට අදත් ජනපති හොදයි කොමිසම නොදැම්මනම්.මේකත් අර නාටකේම කොටසක්ද දන්නෙත් නෑ.

  4. SUNIMAL says:

    ආප්ප කාලා පැන්න එකේ විපාකය දැන් පලදෙනවා

  5. Loku deyak GOOD NEWS all the way…..UNP/SLFP/brapathi balusena gramasevaka yamaaplanaya pala APAYATA NOW.

  6. Alapaluwa says:

    මේ ලෝකේ කිසිම දේවිකෙනෙක් නෑ තොපිලා වගේ අවලං ජාතියක් වරිගයක් නැති කල්ලතොනින්ව බලා උපකාරකරණ.දැනගනියවූ මේ තොපි උරා බීවේ.කාබී සිටින්නේ දහදිය හලන සැමදාම දුකට ඇදදමපු අහිංසක අසරණ ජනතාවගේ රුධිරයයි ,මහංශපෙෂින්ය, කියලා අනෙක අපි දැන් සියළුදෙනාටහොඳින් වැටහී තිබෙන්නේ මෙයින් කිසිම පලප්‍රෝජනයක් නොමැතිබව. අද මේ වෙන සිද්ධාන්ත එදා 1815 කන්ද උඩරට මොළගොඩලා ගලබොඩලා ඇතුළු අනිකුත් අධිකාරම් නිළමේලාට සමානාත්මකව කිසිම වෙනසක් නොවෙමින් කරගෙන යනවා. එදා ඒ මහා පාවාදීමේ දේවිනි කොටස තමයි අද මේ වෙමින් තිබෙන්නේ.එහි සාමාජිකයෝ තමයි ඔය රට ගැන කිසිම තැකීමක් නොමැතිව අඳුරට ඇදදමන්නේ.අහෝ කොතරම් මනරම්මනිය රටක්ද අද මේ අපිට අහිමිවෙමින් පවතින්නේ.මට මහා කළකිරීමක්,දුකක් දැනෙන්නේ ඇයි තොපිලට මේ දුක නොදැනෙන්නේ????

  7. ajita de costageneral strike says:

    topila one redak koragathata apita kamak ne – api mahindata

Main News