ජනපති මෛත‍්‍රිට ගෙන්වූ වාහනය කෝටි 60ක් වෙන්නේ නෑ.. වටිනාකම මිලියන 58යි.. ඉතිරිය බදු..- රවි

April 12, 2017 at 10:20 pm | lanka C news
ජනපති මෛත‍්‍රිට ගෙන්වූ වාහනය කෝටි 60ක් වෙන්නේ නෑ.. වටිනාකම මිලියන 58යි.. ඉතිරිය බදු..- රවි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් රුපියල් මිලියන 600ක වටිනාකමින් යුතු බෙන්ස් රථ ගෙන්වා ඇතැයි පැවසීම සම්පූර්ණයෙන්ම අසත්‍ය යයි මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ගෙන්වා ඇති රථයක් උපරිම වශයෙන් මිලියන 58ක් වනු ඇති බව තමන් කල්පනා කරන බවද කී ඇමතිවරයා මෙම වාහන බදු අය නොකර ගෙන්වන බවද පැවසුවේය.

ජනාධිපතිට හා අගමැතිට ගෙන්වන රථවලට බදු අයකිරීමක් සිදු කරන්නේ නැතැයිද කී ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යුගයේ ඔහු විසින් කල වියදම්වලින් 2-3% ක් පමණ ඉතා අඩු ප‍්‍රමාණයක් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් මහතා විසින් විදයම් කරනු ලබන බවද පෙන්වා දුනේනේය.

31 views