ජනපති මෛත‍්‍රි බොරු කියන බව සිංගප්පූරු රජය කියයි.. විදෙස් මාධ්‍ය ලෝ පුරා පතුරුවයි..

March 20, 2019 at 10:47 pm | lanka C news
ජනපති මෛත‍්‍රි බොරු කියන බව සිංගප්පූරු රජය කියයි.. විදෙස් මාධ්‍ය ලෝ පුරා පතුරුවයි..

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වීමට සිංගප්පූරුව මැදිහත් නොවුණු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය සිංගප්පූරු රජය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ජනාධිපතිවරයා පසුගියදා කියා සිටියේ අර්ජුන් මහේන්ද්‍ර මෙරට ලබාදෙන්නැයි සිංගප්පූරු අගමැතිගෙන් තමන් පුද්ගලිකව ඉල්ලීමක් කළද මෙතෙක් ඒ පිළිබඳ කිසිවක් සිදුකර නැති බවත් ඒ සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවත්ය.

මෙම ප්‍රකාශයට පිළිතුරු ලෙස සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය විදෙස් මාධ්‍ය වෙත සඳහන් කරන්නේ හිටපු මහබැංකු අධිපති ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍යනම් උදර්පණ නීතිය යටතේ අවශ්‍ය වන තොරතුරු රැසක් ශ්‍රීලංකා බලධාරීන්ගෙන් ඉල්ලා ඇතත් මෙතෙක් එම ලිඛිත කරුණු තමන්ට ලැබී නැති බවයි.

එම තොරතුරු ලබාදෙන්නේ නම් ඉදිරි ක්‍රියාමාර්ග ගත හැකි බවද සිංගප්පූරුව සඳහන් කර සිටී.

55 views

13 Comments to “ජනපති මෛත‍්‍රි බොරු කියන බව සිංගප්පූරු රජය කියයි.. විදෙස් මාධ්‍ය ලෝ පුරා පතුරුවයි..”

  1. Sam Fernando says:

    Now what prez Sirisena has to do is to make arrangements to send the proper documents to Singapore government.
    If not he os just speaking to the gallery.

  2. Lanka says:

    මේකට කියන්නේ රාජ්‍යතාන්ත්‍රික මොංගල් භාවය. යාළුවෙක්ගෙන් උදව්වක් ඉල්ලනවා වගේ රටකින් ඉල්ලන බැහැ . එය ප්‍රෝටෝකොල් එක හරහා පැමිණිය යුතුයි. ගෙදර ගැනිට කියනවා වගේ කියලා හරියන්නේ නැහැ. රට කනවා…

  3. Buddhist says:

    Aiyo meke news ekakda, api okkoma dannawa ne, me janadhipathi pachoris saha passen aniya miniyek kiyala. Ithin katha karala wadak na.

Main News