ජනපති මෛත‍්‍රීගේ ජනප‍්‍රියත්වය නැති කරන්න කුමන්ත‍්‍රණයක්..- අමරවීර

January 26, 2018 at 3:28 am | lanka C news
ජනපති මෛත‍්‍රීගේ ජනප‍්‍රියත්වය නැති කරන්න කුමන්ත‍්‍රණයක්..- අමරවීර

මේ වන විට ඉහල ජනප‍්‍රියත්වයක් දිනාගෙන සිටින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ජනප‍්‍රියත්වය අඩු කිරීම සදහා විවිධ ආකාරයේ කුමන්ත‍්‍රණ සාකච්චා සිදුවෙමින් ඇති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මේ අතර ජනාධිපතිවරයාද පසුගියදා කියා සිටියේ තමනට මඩ ගැනීම සදහා රාජපක්‍ෂ පිල විසින් සමාගමකට කොන්ත‍්‍රාත්තුවක් ලබා දී ඇති බවයි.

41 views

20 Comments to “ජනපති මෛත‍්‍රීගේ ජනප‍්‍රියත්වය නැති කරන්න කුමන්ත‍්‍රණයක්..- අමරවීර”

  1. Mmb says:

    ඒකනං කොහොමත් කරන්න බැහැ. අන්දරේවත් මෙච්චර famous වෙලා නැතුව ඇති

  2. Open mind says:

    ජනප්‍රිය යන වචනයට නව අර්ථ කථනයක්…..අනාගත අගමැති යැයි සිතා සිටින කෙනෙකු ගෙන්

  3. රාහුල මල්ලී says:

    ඡනපති දූෂණය ගැන කතා කලාට ප්‍රශ්ණයක් නෑ.. හැබැයි රටේ ඡනතාවගේ බඩට දැනෙන කුස්ප්‍සියට දැනෙන, විධායක ඡනපති ක්‍රමය අහෝසි කිරීම ගැන කරන්නේ නෑ…

  4. indunil says:

    supiri tharuwakkk

  5. Upali says:

    අත්පුඩි ගහන වටවෙලා ඉන්න පිරිස් දකින කොට මම හරි ජනප්‍රියයි කියල හිතුව ගොඩක් බලයේ ඉන්න නයකයෝ, බලය නැතිඋන ගමන් වැටෙන්නේ කුනු බක්කියට. බලය නැති උනත් තාම මිනිසුන් වටකරගෙන අත්පුඩි ගසමින් ආදරය කරන අපි දුටු එකම හිටපු නායකය…අපේ මහින්ද මැති තුමා.

  6. රාජ says:

    එයාගේ ජනප්‍රියත්වය නැතිකළේ එයාමයි, දැන් 2015 වගේ ස්ෙටිඡ් වල බෙරිහන් දෙනවා දැන් ඕවට මොන්ටිසෝරි ළමයෙක් වත් අහුවන්නේ නැ මෙයා තමා සිරස “මයික් ස්ටාර්” පලමුවනිය

  7. Condostara says:

    Amuthuwen nathi karanna java priyathaawayak ithiri wela thiyenawada kiyala Feb. 10 n passe balaganna puluwan wevi.

  8. hitan gedara appuhami says:

    ජනප්‍රිය = ජනතාව ප්‍රිය කරන
    ඔව්, ඔව් ජනතාව සෑහෙන්න ප්‍රිය කරනවා.
    පොල් ගෙඩිය 110ට ගිය නිසා,
    මල්ලි පාලනය කරන හාල් 105ට, 110ට ගිය නිසා,
    අවුරුදු 3ක් පළාත් පාලන චන්ද කල් දාපු නිසා,
    රස්සා ලක්ෂ 4ක් අහිමි වුනු නිසා,
    මහා බැංකුව මංකොල්ල කාපු නිසා,
    කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කරන්න නොදී පාර්ලිමේන්තුව විසුරුවපු නිසා,
    චන්ද දායකයන් එපා කියපු හොරු ටික චිට් එකෙන් පාර්ලිමේන්තුවට ගෙන නිසා,
    හම්බන්තොට විකුනපු නිසා,
    සරසවි දරුවන් පාරේ නිසා,
    ෆොක්ස්වැගන්, ටයර් හදන නිසා
    රණවිරුවන් හිරේ නිසා,
    රට බේරා ගත් නායකයින් දඩයම් කරන නිසා,
    රට පාලනයට නායකයෝ 50ක් විතර ඉන්න නිසා,
    ලම්බෝගිනි, රත්තරන් අශ්වයෝ ගැන ඇත්ත විස්තර කියපු නිසා.
    සත්‍යම මිසක් අසත්‍යයක් මොනම මොහොතක වත් ප්‍රකාශ නොකරන නිසා.
    කොටින්ම වැඩ බැරි, නායකත්වයක් නැති, කටින් බතල කොළ හිටුවන, පලිගැනීම පමණක් එකම රාජකාරිය කරගත්, කට මිසක් වැඩ නැති, අයාලේ යන ඇමති මඬලක් සිටින, ජනතා විරෝධයට ලක් වන ලාංකික සංකෘතියට පටහැනි තීන්දු තීරණ ගන්න ඇමතිවරුන් සිටින, කොන්දක් නැති, පාලකයෙක් කියන්න බැරි පාලකයෙක් නිසා ජනතාව අතර හරීඊඊඊම ජන..ප්‍රියයි.

Main News