ජනපති මෛත‍්‍රීගේ නිර්භීතකම නොවන්න රට කොහේ යන්නේදැයි හිතාගන්නවත් බෑ…

August 26, 2018 at 8:43 am | lanka C news
ජනපති මෛත‍්‍රීගේ නිර්භීතකම නොවන්න රට කොහේ යන්නේදැයි හිතාගන්නවත් බෑ…

”ගැටෙන හැපෙන මිනිස්සු ජීවත් වන සමාජයකට අවශ්‍ය වන්නේ සුසාන භූමියේ සාමය හෝ සමාදානය නොවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතැම් විට කලබල වැඩියි. නොසන්සුන්කම දැඩියි. චංචලයි. නමුත් ජීවමාන ප‍්‍රජාත්නත‍්‍රවාදය අවශ්‍ය වන්නේ ජීවමානව ජීවත්වන මිනිසුන් සිටින සමාජ රටාවකට” යයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පසුගිය දා කොළඹ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ වැඩමුථවකදී පැවසීය.

වැඩිදුරටත් රැස්ව සිටි පිරිස ඇමතූ රෙජිනෝල්ඞ් කුරේ මහතා මෙසේ පැවසීය. ”ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නවීන පන්නයේ පක්‍ෂයක් බවට පත් විය යුතුයි. ඒ සඳහා තරුණ තරුණියන්ගේ මෙන්ම වැඩිහිටි ප‍්‍රවීණ දේශපාලඥයන්ගේ අදහස් පක්‍ෂයකට අවශ්‍යයි. පක්‍ෂයක් වර්ධනය වන්නේ දර්ශනයක් හා වැඩ පිළිවෙලක් මත මිසක් පුද්ගලයන් මත පදනම් වූ ක‍්‍රම වේදයක් නිසා නොවෙයි. වර්තමාන ඡුන්ද ක‍්‍රමය අනුව කිසිදු පක්‍ෂයකට බලවත් ආණ්ඩුවක් තනිවම හදන්න බැහැ. ඉදිරියේදී හැම ආණ්ඩුවක්ම හදන්න වෙන්නේ සංයෝජනයක් හෝ සංධානයක් පදනම් කර ගෙනයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දැවැන්ත පක්‍ෂයක්. ඒ පක්‍ෂය වටා සියලූම ජාතීන් ලෙහෙසියෙන් සහ පහසුවෙන් ඒකරාශී කර ගත හැකියි. ඒ නිසා ඉදිරියේදී එන ජනාධිපතිවරණය වේවා, පළාත් සභා මැතිවරණය වේවා, වැඩ පිළිවෙලක් සහ දර්ශනයක් අනුව ගොඩ නැගූ විට ජයග‍්‍රහණ නිර්මාණය කර ගන්න පු`ථවන්.

අද වන විට කිසිදු පක්‍ෂයක් තමන්ගේ ජනාධිපති අපේක්‍ෂකයා කවුද යන්න ප‍්‍රකාශ කරලා නැහැ. එයට ප‍්‍රධාන හේතුව වන්නේ හැම තැනම අවුල් වියවුල්, මතභේද, ගැටුම් තිබෙන නිසයි. එහෙම නොවේ නම් අපේ පක්‍ෂයේ අපේක්‍ෂකයා අහවලා යයි පැහැදිලිව නිර්භයව අද වන විට කියන්න පු`ථවන්කම හැම පක්‍ෂයකටම තිබිය යුතුයි. ඒ අනුව නිර්භයව හා පැහැදිලිවම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයා මෛත‍්‍රීපාල සිරිසේන මහතා බව මේ වනවිට අපේ පක්‍ෂය ප‍්‍රකාශ කර අවසානයි. ශ‍්‍රී. ල. නි. පක්‍ෂය බිම් මට්ටමේ නායකයින් හදන්න, උඩට ගන්න හොඳ ක‍්‍රීඩා පිටියක් බව මෙහිදී මා කිව යුතුමයි. නව ලොවට ගැලපෙන පක්‍ෂයක් නිර්මාණය කිරීමේ භාර ¥ර කාර්යය අප හැමෝටම තිබෙනවා.

අද වන විට ජනාධිපතිතුමාට හොඳට බැනලා පෝස්ටර් ගහලා ගෙදර ගිහින් හොඳට නිදා ගන්න පු`ථවන් සමාජ රටාවක් ඇති වී තිබෙනවා යයි ඔබ හැම පිලි ගන්න සත්‍ය වූ කරුණක්. අද සැක බිය නැතිව ගෙදර ගිහින් නිදා ගන්න පු`ථවන් පරිසරයක් ඇති වී තිබෙනවා.

මේ රටේ ෙඓතිහාසික මහ බැංකු මංකොල්ලය සොයා ගත්තේ ජනාධිපතිතුමාගේ නිර්භය අව්‍යාජ ප‍්‍රතිපත්ති නිසයි. මේ රජය තුළ ජනතා විරෝධී, ප‍්‍රතිගාමී, අධිරාජ්‍යවාදී වැඩ පිලිවෙලවල් පරාජය කර ජනතාවාදී වැඩ පිළිවෙලකට යන්න පු`ථවන් කම ලැබී තිබෙන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ තිරිංග තද කිරීම නිසයි. එසේ නොවන්න අද මේ රට ගමන් කරන්නේ කොහාටද කියා කාටවත් සොයා ගන්න පු`ථවන් කමක් නැහැ.
කොස් ගෙඩිය කඩපු එකාට, අඹ ගෙඩි 5ක් කඩපු කාන්තාවට දඩුවම් දෙන මේ රටේ කෝටි ගණන් සල්ලි මංකොල්ල කාපු හොරුන්ට අද වන තුරු දඩුවමක් දීලා නැහැ. ශ‍්‍රී. ල. නි. ප. ආණ්ඩු කාලයේ එ.ජා.ප. හොරුන්ට දඩුවම් දුන්නෙත් නැහැ. එ.ජා.ප. ආණ්ඩු කාලයේ ශ‍්‍රී. ල. නි. ප. හොරුන්ට දඩුවම් දුන්නේත් නැහැ. මේක තමයි තිත්ත ඇත්ත. ඒ අනුව අපි රජයට කියන්නේ කවුරු හොරකම් කළත් ඒ අයට දඩුවම් දිය යුතුයි” යයිද රෙජිනෝල්ඞ් කුරේ මහතා වැඩිදුරටත් පැවසීය.

රැස්ව සිටි පිරිස ඇමතූ හෙතෙම අවසාන වශයෙන් මෙසේ පැවසීය. ”ඩඞ්ලි සේනානායක මහතාට ‘පිටිභාහු, පචභාහු’ කියපු මේ රටේ ඡුන්ද දායකයින් එතුමා මිය ගිය පසු ‘බත් දුන් පියා’ යයි කිව්වා ඔබට මතක නැද්ද? එසේම ඞී. එස් සේනානායක මහතාට ‘කැලෑ ජෝන්’ කියපු මේ රටේ ජනතාව එතුුමා මිය ගිය පසු ‘ජාතියේ පියා’ කිව්වා ඔබට මතක නැද්ද? ඒ වගේම සිරිමාවෝ බන්ඩාරනායක මැතිණියට ‘බින්දුමතී’ කිවු මේ රටේ ජනතාව එතුමිය මිය ගිය පසු ‘ජාතියේ මාතාව’ කිව්වා ඔබට මතක නැද්ද? එස්. ඩබ්ලව්. ආර්. ඞී. බණ්ඩාරනායක මැතිතුමාගේ පාලන කාලය පුරාම වැඩ වර්ජන කරපු රටක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කාලයේ වැඩ වර්ජන, ගැට`ථ, මතබේද නොවෙනවානම් ඒක පුදුමයක් ලෙසයි මම සිතන්නේ. එවැනි තත්ත්වයක් යටතේ අද වන විට කිසිදු වංචාවකට ¥ෂණයකට නම ගෑවී නැති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්ත්වය පක්‍ෂයට හා රටේ ජනතාවට අවශ්‍ය වී තිබෙන බව අප කාටත් සක් සුදක් සේ පැහැදිලි” යයි රෙජිනෝල්ඞ් කුරේ මහතා අවසාන වශයෙන් පැවසීය.

– උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

36 views
Main News