ජනපති මෛත‍්‍රීට එන ජනාධිපතිවරණයේදී නැවත පොදු අපේක්‍ෂක වෙන්න එජාපයේ සහාය ඉල්ලයි.. එජාප-ශ‍්‍රීලනිප සාකච්චා

October 6, 2018 at 10:00 am | lanka C news
ජනපති මෛත‍්‍රීට එන ජනාධිපතිවරණයේදී නැවත පොදු අපේක්‍ෂක වෙන්න එජාපයේ සහාය ඉල්ලයි.. එජාප-ශ‍්‍රීලනිප සාකච්චා

වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මීලග ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉල්ලීමක් කර ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

මේ සාකච්චාව සදහා එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් ඇමතිවරුන් වන මලික් සමරවික‍්‍රම හා මංගල සමරවීර සහභාගී වී ඇති අතර ශ‍්‍රීලනිපය වෙනුවෙන් සහභාගී වී ඇත්තේ මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න ඇමතිවරුන්ය.

පවතින තත්වය යටතේ මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට වැඩිම සුදුසුකම් ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාට බවත් සුළු ජාතික ඡුන්ද වැඩිපුරම ආකර්ශණය කර ගත හැක්කේද ඔහුට බවත් එහිදී සාකච්චා වී ඇත.

කෙසේ වෙතත් වෙනත් අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන්හි සදහන් වන්නේ මෙම සාකච්චවේදී එක්සත් ජාතික පක්‍ෂ පාර්ශවය විසින් මෙම යෝජනාවට කිසිදු කැමැත්තක් පල කර නැති බවයි.

27 views