ජනපති මෛත‍්‍රීට කොන්දක් නෑ කියපු කෙනා අද ටෙලිකොම් පාලනාධිකාරියේ.. ඇමති රාජිත ටෙලිකොම් විරෝධතාකරුවන්ට එක්වේ..

January 17, 2017 at 8:40 am | lanka C news
ජනපති මෛත‍්‍රීට කොන්දක් නෑ කියපු කෙනා අද ටෙලිකොම් පාලනාධිකාරියේ.. ඇමති රාජිත ටෙලිකොම් විරෝධතාකරුවන්ට එක්වේ..

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කරන මෑන් පවර් සේවකයින් 2100 ක් තමන් ස්ථිර කරන ලෙස ඉල්ලා කොටුව ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. එම සේවකයින්ගේ ගැටළු සාකචිඡා කිරිම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එම ස්ථානයට පැමිණියේය.

සාකචිඡාවෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

‘ටෙලිකොම් මෑන් පවර් සේවකයින්ගේ ගැටළුවලට සාධාරණ විසදුමක් ලබාදිය යුතුයි. 2015 ජනවාරි 08 වන දා වත්මන් රජය බිහි කිරිමට මෙම සේවකයින් කැපවී සිටියා. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයටත්, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයටත් පත් කිරීම සදහා ඔවුන් දිවා රෑ නොබලා කටයුතු කළා. පසුගිය රජයට විරුද්ධව සටන් කළා. ටෙලිකොම් ආයතනයේ දැන් සිටින ප්‍රධානීන් හිටපු ජනාධිපතිවරයා සමග කටයුතු කළ ආකාරය මම දන්නවා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට පිටකොන්දක් නැහැ කියලා කියපු පුද්ගලයාත් මෙම පාලන අධිකාරිය සමග එකතුව කටයුතු කරනවා.

රජය ඉදිරියට ගෙනයන්න හදනවා. ජනවාරි 08 වනදා අපි බිහි කළේ ප්‍රතිපත්තිගරුක ආණ්ඩුවක්. අපි ක්‍රමය වෙනස් කළා. ටෙලිකොම් සේවකයින් බිය නැතුව සිටින්න. කාලය මෙම ප්‍රශ්ණය විසදයි. අමාත්‍ය මණ්ඩලයේ දී මම මෙම කරුණ පිළිබදව සාකචිඡා කළා. ජනාධිපතිවරයා පැහැදිලි තීරණයක සිටිනවා මෙම ප්‍රශ්නය විසදිය යුතු බවට. ජනාධිපතිවරයා සමග එකතුව මෙම ප්‍රශ්ණය විසදීමට මම කටයුතු කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතුන් පිරිසක් ටෙලිකොම් ආයතනයේ සිටිනවා. එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා වරාය අධිකාරියේ සිටින කාලයේ දී කරපු වැඩ ගැනත් මම දන්නවා. ඔවුන්ගේ කුමන්ත්‍රණයට අපි හසු වන්නේ නැහැ. රජය අපහසුතාවයට පත්කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. සාධාරණ විසදුමක් දිනාගන්නා තුරු මම ඔබ සමග සිටිනවා’

– නිපුන් ඒකනායක

0 views

5 Comments to “ජනපති මෛත‍්‍රීට කොන්දක් නෑ කියපු කෙනා අද ටෙලිකොම් පාලනාධිකාරියේ.. ඇමති රාජිත ටෙලිකොම් විරෝධතාකරුවන්ට එක්වේ..”

  1. සසන්ක says:

    “හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතුන් පිරිසක් ටෙලිකොම් ආයතනයේ සිටිනවා. එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා වරාය අධිකාරියේ සිටින කාලයේ දී කරපු වැඩ ගැනත් මම දන්නවා. ඔවුන්ගේ කුමන්ත්‍රණයට අපි හසු වන්නේ නැහැ”
    මේ කියන ප්‍රධාන විධායක නිලධාරීවරයා දැන් විදේශ ඇමති වරායෙ ඇමති වෙලා හිටිය කාලෙ වරායෙ සභාපති වෙලා හිටපු කෙනා. එතකොට මේ කියන කුමන්ත්‍රන කාගෙ වැඩද ?

    • leel says:

      මෙයත්, රතන සවාමින්වහන්සත්, චම්පිකයත් දන්නව එන පොට හොද නැති බව…….දැන් හදන්නෙ අනාගතේ ඇතිවෙන ආන්ඩු විරොදී බලවේගයකට දැම්ම ඔලුව ඔබන්න….රටට, ජාතියට, ආගමට ආදරෙ ඇති ජනතාවනි….මුන්ගෙ ගැටවලට හසු නොවන්න……

  2. යුක්තිය says:

    ඉතින් බං මේ රට තම්බං කාපු උඹ වගේ නැව් හොරෙක්,බොරැ කාරයෙක් මේරටෙ මිනිස්සුම ජන්දෙ ගහල මේ රටේ පාර්ලිමන්ට් යවල කැබිනට් අැමති පට්ටමකුත් දීල කැබිනට් ප්‍රකාශකත් කරල අතේ පැල වෙන කෙපර අැද බබා යස අගේට ඉන්නව නම්,මෙෙත්‍රීට කොන්ද පන නෑ කියපු එකා ටෙලිකොම් පාලනාධිකාරියට යන එක කොච්චර සුළු දෙයක්ද…අනික උෟ කියල තියෙන්නෙ වැරදි දෙයක් නෙවේ නේ…

  3. Vajja says:

    Nice try! But you will not get candidacy for the next presidential election. Even Harrison has better sense than you.

Main News