ජනපති මෛත්‍රීට විරෝධය පාමින් එජාප මන්ත්‍රී පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි..
June 30, 2017 at 9:20 am | lanka C news
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන තමන් ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කොන්කිරීමේ වැඩපිළිවෙළක ජනාධිපතිවරයා යෙදී සිටින බවත්,පසුගිය ආණ්ඩුවේ සිටි ඇමතිවරු සමගින් පමණක් කටයුතු කරමින් ජනාධිපතිවරයා මුල අමතක කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධව අද (30දා) දින ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන සාකච්ඡාවට තමන්ට ආරාධනා කර නොමැති බවත්, බණ්ඩාරවෙල ජනතාව මුහුණපා ඇති ගැටලුව පිළිබඳ කරුණු පැහැදිලිව දන්නා තමන්ට ආරාධනා කර නොමැති සාකච්ඡාවලට නොයන බවත් ඒ මහතා කීය.
“පසුගිය ආණ්ඩුව විසින් උමා ඔය ව්‍යෘපෘතිය ආරම්භ කළේ.නමුත් අපේ ආණ්ඩුවත් එම ව්‍යාපෘතිය සම්බන්ධව කල්මරමින් සිටින ප්රතිපත්තියක ඉන්නේ.ඒ නිසා තමයි බදාදා හර්තාල් කරලා උද්ඝෝෂණ කළේ.ජනාධිපතිවරයා මේ ප්‍රශ්නයෙන් ලිස්සනවා.මේ ප්‍රශ්නයට ඉතා ඉක්මනින්ම කරන්න ඕන දෙය ජල කාන්දුව නවත්වන එක.ඒකට පිළියම් නෑ.ජනතාව බියගන්වමින්, කෑගහන බොහෝදෙනා ඒකට පිළියම් ඉල්ලන්නේ නෑ.බදාදා පැවැති උද්ඝෝෂණය මෙහෙයවූ අයට පැහැදිලි දේශපාලන අරමුණක් තිබුණා.
මම ආණ්ඩුව නියෝජනය කළාට මාව ස්වාධීන කළේ ජනාධිපතිතුමාමයි. උමා ඔය ව්‍යාපෘතියේ සහන ලබාදීම සඳහා පැවැත්වෙන සාකච්ඡා ගැන සඳහන් ලිපියේ පිටපත් රාශියක් දේශපාලන අධිකාරින්ට එතුමා එවලා තිබුණා.
බණ්ඩාරවෙල ආසන සංවිධායක,බදුල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් වන මගේ නම ඒකෙ සඳහන් කරලා නෑ.ඒ කියන්නේ මේ ආණ්ඩුවේ මම නියෝජනය වෙන්නෑ කියන කාරණයද?මෛත්‍රිපාල දිනවන්න කැපවෙලා වැඩකරපු මන්ත්‍රීවරයෙකුට ඒ බව දන්වන්නේ නැහැ කියන්නේ ඒ ආණ්ඩුවේ මම නියෝජනය කරන්නෑ කියන කාරණය.අපි පත්කරපු ජනාධිපතිවරයා මෙහෙම කරනවා නම් මම තීන්දුවක් ගෙන ස්වාධීනව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරනවා.පසුගිය ආණ්ඩුවේ මැතිඇමතිවරුන් තමයි ජනාධිපතිතුමා එක්ක ඉන්නේ.
ගිය ආණ්ඩුවේදී ඔවුන් කරපු දේවල් යූඑන්පී එක් මන්ත්‍රීවරුන්ගේ කරපිට තියලා ඉදිරියට ගෙනියනවා. මන්ත්‍රී කෙනෙක් විදියට මට තේරෙනවා,සයිටම් ප්රශ්නය ගත්තත්,උමා ඔය ප්රශ්නය ගත්තත් අනෙකුත් ප්‍රශ්නවලට වගකියන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ අපි නෙමෙයි.හැබැයි ඒ සියල්ල අපේ පිට තියලා ඒගොල්ලෝ ආරම්භ කරපු ව්‍යාපෘතිය,ඒ ගොල්ලෝ ගහගත්තු කොමිස් ටික ආරක්ෂා කරගෙන ඒ ගොල්ලෝ බේරිලා ඉන්නවා.අටවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි කල්තැබීමේ විවාදයට මගේ මංගල කතාව විදියටත් ඉදිරිපත් කළේ උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධවයි.අගමැතිතුමා මේක විසඳන්න විශාල වෑයමක්,මැදිහත්වීමක් දැරුවා.නමුත් විෂය භාර ඇමතිවරයා විදියට ඉන්නේ ජනාධිපතිවරයා.ජනාධිපතිවරයාට තියෙන විධායක බලය අනුව ඔහු අබිබවා යැමට අගමැතිවරයාට හැකියාවක් නැති බව මට තේරුණා.එතුමා ඒක ප්‍රකාශ කළේ නෑ.අගමැතිවරයා දරන උත්සාහයේ ඵලයක් නැති බව මම අවසානයේදී තේරුම් ගත්තා.
ඇමතිවරයා හැටියට රටේ ජනාධිපතිවරයා මේ පිළිබඳ උනන්දුවක් නොදක්වන බව පැහැදිලි වුණා.අද පැවැත්වෙන සාකච්ඡාවට මට ලිඛිතව එන්න කියලා නැති නිසා මම සහභාගි වෙන්නෙ නෑ.ජනාධිපතිතුමා අපිව තල්ලු කර තිබෙන්නේ ස්වාධීන වෙන විදියටයි.හරින් ඇමතිතුමා කිව්වා පුළුවන්නම් එන්න කියලා.මම දැනුම්දීමකින් තොරව සාකච්ඡාවට සහභාගිවෙන්නෙ නෑ.ඒක ප්‍රජාතන්ත්‍රවාදීත් නෑ,නීත්යනුකූලත් නෑ” යනුවෙන් පවසා සිටියේය.
– ADA
මේ වන විට ඩොලරය වේගයෙන් ඉහළ යන්නට පටන් ගෙන තිබේ. රට මුqහුණදෙමින් තිබෙන ආර්ථික අර්බුදය එයින් පෙන්නුම් කෙරේ. මේ නිසා පිටරටින් ආනයනය කෙරෙන සියලු භාණ්ඩ මිල ඉහළ යැම සිදුවේ. මේ නිසා ජනතාව අපහසුවට පත්නොවන ලෙස භාණ්ඩ මිල පාලනය කරගන්නට රජය වහාම අවශ්‍ය පියවර ගතයුතුය. ජල බිල්පත් හා දුම්රිය ගාස්තු වැඩි කරන්නට යෝජනා ඉදිරිපත් වී තිබේ. මේවා ළඟදීම වැඩිකිරීමට බොහෝදුරට ඉඩ තිබේ. මෙය සාමාන්‍ය ජනතාවට ඉහිලිය නොහැකි බව රජය තේරුම් ගත යුතුය.
රටේ ආර්ථික අර්බුදය ඉහල ගියත් මැති ඇමැතිලාගේ ආර්ථිකය නම් වැඩිවෙනවා ඔවුන් කරන්නේ ජනතාවට බර පටවලා තමන්ගේ මඩිය තර කරගැනීමයි
අද රට පාලනය කරන්නේ අවස්ථාවාදීන් දේශද්‍රෝහියන් වංචාකාරයන් ….පන්සල්වල ආදායමත් කොල්ලාකන්න හදන නරුමයින්ය
sasi, dolaraya ihala yanawa nemeyi, rupiyala baaldu wenawa. oya meka nodanada nathnam aanduwa rakinna dolaraya ihala yana bawa pennawada danne naha.
me aanduwa hondatgama bankoloth welaa. maha bankuwatama keliya. billion ganan sapa wahana genenna viyadam karanawa. dan pansalwala pin petti tikatath kelinnayi hadanne. mun ikmanatama tholonji wela nogiyoth, ratath, jaathiyath ivarayi. rata dekata kadana viyavasthaawa hora rahase sammatha karannayi hadanne.
ඇර සොයිසා ජනතාව ගොනාට ඇන්දීමේ අලුත් තියරිය උන් කාකොටා ගැනීමයි.
මේ රටේ පාලකයා සිරිසේන සිංහළයා අද තම රට තුලම සරණාගතයකුගේ තත්ත්වයට පත්කර තිබේ.
අද අපේ රට බටහිර බලවතුන්ගේ ඉන්දියාවේ සහ ඔවුන්ගේ තැරැව්කරුවන් වන දේශ ද්‍රෝහී රාජ්‍ය නොවන සංවිධානවල සහ සුළු වාර්ගික ඛෙදුම්වාදී කුමන්ත්රනකරුවන්ගේ දඩබිමක් බවට පත්ව තිබේ
අද අපේ රට බටහිර බලවතුන්ගේ ඉන්දියාවේ සහ ඔවුන්ගේ තැරැව්කරුවන් වන දේශ ද්‍රෝහී රාජ්‍ය නොවන
සංවිධානවල සහ සුළු වාර්ගික ඛෙදුම්වාදී කුමන්ත්රනකරුවන්ගේ දඩබිමක් බවට පත්ව තිබේ එදා තිබුණු ඒ සිංහල කම ඒ ජාතික අභිමානය අද නම් සිංහලයා තුළ දක්නටද නැත ජාතියක් වශයෙන් අප සිංහලකම අමතක නොකළ යුතුය, තම ජාතිය ආගම රැකගත යුතුය. නිවටයන් රූකඩයන් නොවිය යුතුය. තම අනන්‍යතාව ස්වාධීනත්වය නැති නොකර ගත යුතුය.උතුරු පළාත් සභාවේ ජාතිවාදී දේශපාලකයින්ගේ පීඩා වලට ගොදුරුවී සිටින මේ සිංහල ගම්මානවල ජනතාව තම ගම්බිම් හැරයන තත්වයක් මේ වනවිට උදාවී ඇත. මේ ආණ්ඩුව සිංහල ගම්මානවල ජනතාව ගැන සොයා බැලුවාද ? නැහැ නේද ?
සිංහලයෙනි සමගි වී එක්වෙයව් අපේ රට ජාතිය රැකගැනීමට පෙරට වරෙව්
DAHAM KIYANNE ATHTHA. DAVASIN DAVASA JANATHAAVATA UGUL ATAVANAVAA.
wE HAVE TO GET RID OF THIS gOVT. VERY VERY SOON !!
OTHERWISE IT WILL BE TOO LATE
මන්ත්‍රී චමින්ද විජේසිරි ගත් තීරණයට අපේ ප්‍රණාමය …රට අගාදයට ගෙන යන මේ ආණ්ඩුව ඉක්මනින් ඉවත් කිරීමට සියලු මැති ඇමතිවරු මේ මන්ත්‍රීතුමා කල දෙය අනුගමනය කල යුතුයි ..දැන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කාලය හරි
මේ චමින්ද කියන මනුස්සයා කරපු වැඩ බණ්ඩාරවෙල ඉන්න දන්නෝ දනිති. මහා ලොකුවට පොරටෝක් දුන්නට මේ මිනිහා බණ්ඩාරවෙලට මොනවද කලේ. නගර සභාවට බලයට ආපු දවසේ ඉදලා මහින්ද මහත්තයගේ පාක්ෂිකයන්ව නගර සභාවෙන් එලෙව්වා. ඊට පස්සේ සුදුසුකම් නැති තමන්ගේ හෙන්චයියෝ නගර සභාවට දාගත්තා.
ඊට පස්සේ කලේ ටව්න් ඒරියා එකේ තියන පොදු සහ ඇතැම් පුද්ගලික ඉඩං එහෙන් මෙහෙන් කරලා විකුනලා තමන්ගේ සාක්කු පුරව ගත්තු එක. තව ටව්මේ කඩ පේමන්ට් එකට වෙනකල් ලොකු කරන්න ඉඩ දීලා මේ මිනිහා ගසා කාපුවා හැමෝම දන්නවා.
ඇත්තටම මේ මිනිහට ජන බලයක් ලැබුනේ මහින්ද මත්තයට පිං සිද්ධ වෙන්න. මොකද මෙයා ප්‍රාදේශීය සභාවේ ඉන්න කාලෙදි මහින්ද මහත්තයාගේ ආන්ඩුවෙන් ගම් දියුනු කරන්න සල්ලි දීපු නිසා මේ මිනිහට පුලුවන් උනා ගම්වල පාරවල් කොන්ක්‍රීට් කරන්න. ඉතිං සමහර මිනිස්සු හිතුවේ මේ ඔක්කොම මෙයා කරන සුපිරි වැඩ කියලා.
ඊට පස්සේ මහින්ද මහත්තයට ගුනමකුවා වෙලා පක්ෂේ මාරු කරලා යූඇන්පී එකෙන් නගර සභාවට ආවා. ආවා ආවමයි කන්න පටන් ගත්ත එක තමයි කරේ. මිනිහෙකුට කතා කරන්න දන්නෙ නැ. දැන් තියන්නේ යූඇන්පී එකෙන් බලයට ආපු ආන්ඩුවක් ඒත් මේ මිනිහා බණ්ඩාරවෙල පැත්තේ එක පාරක් හැදුවෙ නෑ. අඩුම තරමේ වලක් වැහුවෙ නෑ. බණ්ඩාරවෙලට එන ඕනි කෙනෙකුට මේ මම කියන දේ පෙනෙයි.
දැන් මේ මිනිහගේ හිතේ තියන්නේ වෙන මොකවත් නෙවෙයි. එදා සමන්ත සංවිදානය කරපු රැලියට සෙනග ආපු එකට දරා ගන්න බැරි කම. එදා ආපු සෙනග මැද්දේ මෙයා නෝන්ඩි වෙලා ගියා කියලා හිටපු හැමෝම දැක්කා. දැන් ඒක දරා ගන්න බැරුව බොරු රගපෑමක් දානවා. මෙයා විතරක් නෙවෙයි හරීන් කියන මිනිහත් මේ පැත්තේ චන්ද ටික අරන් ගිහින් කරන්නේ මේ පැත්තම වැනසෙනකන් බලාගන ඉන්න එක විතරයි.
සිංහලයින් එකිනෙකා ඇන කොටා ගන්නේ නැතුව ජාතියක් වශයෙන් සමගි වී රට ජාතිය ආගම රැක ගනිව්
Chaminda Wijesiri ge patikiriya Kapila mahaththaya eli karayi.
Moo apiwa gonata andanna hadanawa.
Munta yana ena mang nehe
Chamindaya ta yana enamak na..