ජනපති මෛත්රී අද ලෝකයේ නෙල්සන් මැන්ඩෙලා කියා මුළු ලෝකයම කියනවා.. මෛත්රී රූකඩයෙක් නම් මැන්ඩෙලාත් රූකඩයෙක්..
February 28, 2017 at 3:50 pm | lanka C news
නෙල්සන් මැන්ඩෙලාට පසුව මෙලොව බිහිවූ ප්රජාතන්ත්රවාදීම නායකයා මෙරට වත්මන් ජනාධිපති මෛත්රිපාල සිරිසේ මහතා බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
දෙරණ 360 වැඩසටහනට එක්විමන් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිටද දෙවැනි මැන්ඩෙලා වීමේ පාර තමන් කියු දුන් නමුත් ඔහු තෝරා ගනු ලැබුවේ රොබට් මුගාබේ වීම බවද ඇමතිවරයා පැවසීය.
වත්මන් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා මැන්ඩෙලාගෙන් පසුව ලෝකයේ බිහිවූ ප්රජාතන්ත්රවාදී නායකයා ලෙස ලෝක නායකයින් විසින් අද පිලිගන්නා බවද ඛී ඔහු ජනාධිපති මෛත්රී රූකඩයක් නම් නෙල්සන් මැන්ඩෙලාද රූකඩයක් බවද සදහන් කලේය.