ජනපති මෛත‍්‍රී අවසන් වතාවට ජාතිය අමතන්න යයි.. ඊට කලින් සජිත් හමුවේ.. 100%කින් කැමැත්ත ගෝටාටයි..

November 11, 2019 at 11:20 am | lanka C news
ජනපති මෛත‍්‍රී අවසන් වතාවට ජාතිය අමතන්න යයි.. ඊට කලින් සජිත් හමුවේ.. 100%කින් කැමැත්ත ගෝටාටයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලයේ අවසාන වතාවට ජාතිය ඇමතීමට සූදානමින් සිටී.

ජනාධිපතිවරයා විසින් සිය ප්‍රධානත්වයෙන් අවසාන කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත අතර 14 වැනිදා ඔහු සිය කාර්යය මණ්ඩලයෙන් සමු ගැනීමට නියමිතය.

ඒ වෙනුවෙන් වූ උත්සවයක් ද ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කර තිබේ.

ජනාධිපතිවරයා ජාතිය අැමතීම එළැඹෙන 13 වැනිදා රාත්‍රියේ සිදු කරනු ඇති බවද වාර්තාවේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිතවාදී පුවත් අඩවි වාර්තා කරන්නේ හෙට දිනයේදී ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බවය.

කෙසේ වෙතත් ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කරන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා 100%ක්ම තම සහයෝගය ගෝටාභය රාජපක්‍ෂ මහතාට ලබා දීමට කටයුතු කර ඇති බවයි.

43 views

25 Comments to “ජනපති මෛත‍්‍රී අවසන් වතාවට ජාතිය අමතන්න යයි.. ඊට කලින් සජිත් හමුවේ.. 100%කින් කැමැත්ත ගෝටාටයි..”

  1. Ratnamalala says:

    මොන වගේ බෝම්බයක් අතහරින්න බලාගෙන ඉන්නවද දන්නේ නැහැ.මතකනේ පසුගිය මහමැතිවරණයේදී අන්තිම මොහොතේ මහින්ද දින්නත් අගමැතිකම දෙන්නේ නැහැ කිව්වා.

  2. චික් says:

    මිනීමරුවෝ එලියට දාලා තෝ ආයේ ජාතිය අමතන්න එනවාද

  3. David Milli-banda says:

    Mooo Depath Nayek………………………. Jayamahalage Victory Spring ekak savi karagena wage.

  4. PULATHISI says:

    සිරිසේන 2015 සිට අපේ මව්බිමට සහ ජනතාවට කරන ලද විනාශය ආරම්භ වුනේ බහුතර ආණ්ඩුවට එරෙහිව සුලුතර එ.ජා.ප.යේ රනිල් අගමැති කරවීමත් සමගයි. එම නිසා සිරිසේන දේශද්‍රෝහියෙකි. ඒ අනුව කෙසේවත් ඔවුන්ට අනුකම්පා කළයුතු නොවේ. ඉදිරියේදී ජනතාව නිසි තීරණය ගන්නවා ඇත.

Main News