ජනපති මෛත‍්‍රී උණු-උණු පොරොන්දුවක් කඩයි..

April 12, 2017 at 2:10 pm | lanka C news
ජනපති මෛත‍්‍රී උණු-උණු පොරොන්දුවක් කඩයි..

2017 වසරේ මුල් මාස තුන ඇතුලත පළාත් පාලන මැතිවරණය පවත්වන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගිය වසරේ ලබා දුන් පොරොන්දුව කඩ කර ඇතැයි මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානය සදහන් කරයි.

එම සංවිධානයේ අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ ජනාධිාපතිවරයා කලින් පොරොන්දුව ඉටු නොකර මේ වසර අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන බවට යලි පොරොන්දු වූ බවයි.

කෙසේ වෙතත් මේ වසර අවසන් වීමට ප‍්‍රථම මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව අවම බවද පෙන්වා දෙන ඔහු මැතිවරණය පැවැත්වීමට ප‍්‍රථම පනතේ තාක්‍ෂණික දෝෂ නිවැරදි කිරීම කල යුතු බවත් අවම වශයෙන් එය මේ වන විට ආරම්භ කර හෝ තිබිය යුතු බවත් කියා සිටී.

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් පත‍්‍රය අලූත් අවුරුද්දට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නයි විෂයභාර ඇමති ෆයිසර් මුස්තාෆා මහතා පොරොන්දු වුවත් එයද ඉටු නොවූ බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

41 views
Main News