ජනපති මෛත‍්‍රී ගැන කිසි විශ්වාසයක් නෑ.. ශ‍්‍රීලනිප-පොහොට්ටු සන්ධාන සාකච්චා වැඩක් නෑ..- පොහොට්ටු ලොක්කන් කෙලින්ම කියති..

April 7, 2019 at 10:00 am | lanka C news
ජනපති මෛත‍්‍රී ගැන කිසි විශ්වාසයක් නෑ.. ශ‍්‍රීලනිප-පොහොට්ටු සන්ධාන සාකච්චා වැඩක් නෑ..- පොහොට්ටු ලොක්කන් කෙලින්ම කියති..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකත්වය පිළිබදව තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බැවින් පොහොට්ටු – ශ්‍රීලනිපෙ ඉදිරි සාකච්ඡා සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඒපිළිබදව තීන්දුවක් ගතයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දේනනේ  අය වැය ඡන්දය මගහැරීමෙන් ශ්‍රීලනිපය නැවතත් මේ රටේ ජනතාව රැවටූ බවයි.

උඩුගම්පල දී මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ උපාධීධාරී සංගමයේ රැස්වීමක් අමතමින් රණතුංග  මහතා මේ බව සදහන් කළේය. ඉදිරි දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කිරීම සදහා මෙම රැස්වීම පැවත් විණි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.

” ආණ්ඩුවේ සිහින අය වැය අවසන් ඡන්ද විමසීම වෙළාවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැලකී සිටියා. ඊට කලින් දවසේ අපේ කණ්ඩායම් රැස්වීමට ආපු ජනාධිපතිවරයා කිව්වේ මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕනෑ කියලයි. තමන්ට වැඩ කරන්න දෙන්නේ නෑ. කකුලෙන් අදිනවා කියලා නාහෙන් අඩපු ජනාධිපතිතුමා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කලා. ඒ වුනාට පහුවදා අය වැය ඡන්දය වෙලාවේ ඡන්දය දීමෙන් වැලකී ඉන්න ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ට උපදෙස් දුන්නා. ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිප මේ කලේ අනියම්ව රනිල්ට හා රනිල්ගේ ආණ්ඩුවට ආශිර්වාදයක් ආණඩුව පවත්වාගෙනයාමට උදව්වක් . කොටින්ම කිව්වොත් දෙපිට කාට්ටු වැඩක්. ශ්‍රීලනිපයේ දවල් මිගෙල් රෑ දනියල් ප්‍රතිපත්තිය තමයි මේකෙන් නැවත පැහැදිලි වුනේ

ශ්‍රීලනිපයේ හැසිරීම අපට කිසිසේත් අනුමත කරන්න බෑ. ආණ්ඩුව විවේචනය කරනවනම් කොන්දක් ඇතිව තීන්දුවක් ගන්න මේ අයට පුළුවන්කමක් තියෙන්න ඕනෙ. 2015 ජනවාරි 08 වෙනිදා ඉදලා අද දක්වාම මේ අය කළේ ශ්‍රී ලංකා කාරයන් වගේම රටත් රවට්ටපු එක. මේ රටේ ජනතාව රවට්ටපු එක. පිටිපස්සෙන් පිහියෙන් අනින එක.  අප තවදුරටත් ශ්‍රීලනිපයට රැවටෙන්න ඕනෙ නෑ. රෑ වැටුන වලේ දවල් වැටෙන්න බෑ. ඒ නිසා සන්ධානයක් සදහා යන පොහොට්ටු – ශ්‍රීලනිපෙ සාකච්ඡා ගැන අපට නැවත නැවත සිතා බලන්න වෙනවා. ඒකාබද්ධ විපක්ෂනායකයන් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුය.

අපි මෙහෙම කියන කොට  UNP එකට කඩේ යන ශ්‍රීලනිප අයට හරියට රිදෙනවා. ඒ අය අපිට කියනවා ඩීල් කියලා. අපිට නම් රනිල් එක්ක කිසිම ඩීල් එකක් නෑ. අපි ඩීල් දාන්නේ මේ රටේ ජනතාව එක්කයි. ඒ රට දිනවීම සදහායි.

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයට අපි කවදත් විරුද්ධයි. ඒ විරුද්ධ වෙන මොකවත් නිසා නෙමෙයි. රනිල් ප්‍රමුඛ එජාපය හැමදාම හිටගත්තේ රට පැත්තේ නොවන කිසායි.ජනතාවගේ පැත්තෙ නොවන නිසායි. රනිල් බලයට පත්වෙච්ච හැමදාම කළේ රට උගස් තියන එක. රට විනාශ කරන එක. රට බෙදන එක. අපි ඒකට විරුද්ධයි. රටට ආදරය කරන මිනිස්සු විදියට UNP එක බලයට එනවට බලයෙ ඉන්නවාට අපි විරුද්ධයි. මේ ආණ්ඩුව ගෙදර යවලා මහින්ද මහත්තයා නැවත බලයට ගේන්න පුළුවන් හැමදේම අපි කරන්නේ ඒ නිසයි.

රනිල්වයි රනිල්ගේ ආණ්ඩුවයි රකින එවුන් එක්ක සන්ධාන ගහන්න එපා කියලා තමයි රටේ ජනතාව කියන්නේ. ඒත් ජනාධිපතිවරණයේදී එක ඡන්දයක් වටින බවත් අප පිළිගත යුතුයි. ශ්‍රිලනිප –  පොහොට්ටු සන්ධානය හැදෙනවානම් එහි වැඩි බලය පොහොට්ටුවට ලැබිය යුතුයි. නමුත් පසුගිය සිකුරාදායින් පස්සෙනම් මේ සාකච්ඡා නැවත නැවත සලකා බැලිය යුතු බවයි රටේ බහුතර ජනතා මතය වෙලා තියෙන්නේ. මමත් ඊට එකගයි.

ඊළග ජනාධිපතිවරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේන්ෂයා තමයි ජයග්‍රහණය කරන්නේ. ඒ සදහා දැන් රටම පෙළ ගැසිලා ඉන්නෙ. ආණ්ඩුව මේ ගත කරන්නේ තමන්ගේ අන්තිම කාලය. ආණ්ඩුව දිනලා UNP මැති ඇමතිවරු කියන පම්පෝරි කථා ගැන අපි කලබල වියයුතු නෑ. මොකද ඒවා හංස ගීත වගේ හංසයත් සිය ගීතය ගයන්නෙ මැරෙන්න කිට්ටු වුණාම කියලයි කියන්නේ. ආණ්ඩුවත් ඒවගේ. ආණ්ඩුවෙත් අවසානය අතළගයි. ඒකයි ඔය පම්පොරි ගහන්නේ.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල,  උප සභාපති සුජීව සම්පත් යන මහත්වරුන් ද මෙහිදී කථා කලහ

– ප‍්‍රදීප් අනුර කුමාර

40,008 Viewers

10 Comments to “ජනපති මෛත‍්‍රී ගැන කිසි විශ්වාසයක් නෑ.. ශ‍්‍රීලනිප-පොහොට්ටු සන්ධාන සාකච්චා වැඩක් නෑ..- පොහොට්ටු ලොක්කන් කෙලින්ම කියති..”

  1. මේ සැරේ මෙයා පොහොට්ටුවේ චන්ද ගොඩක් කඩල පස්ස බලන්නෙ.

    • හූ ඇන්පී says:

      බ්‍රේස්ලට් වලට පෙරේත කමේ අපි නායක තුමා විශ්වාස කරනවා වගේ චන්ද වලට පෙරේත කමේ මහින්ද මහත්තයා සිරාව විශ්වාස කරණවා.

      ආසාවෙන් අන්ධ වෙනවා කියන්නේ ඕකට.
      ඕක අපි හැමෝටම තියන දුර්වලතාවයක්.
      ආයේ රැවටුනත් අපිට හරි මහින්ද මහත්තයට හරි බනින්න එපා හොදේ.

  2. appuhamy says:

    dennama bala thanhawen merenna dangalanawa. ekek wayasaa 74 genita, daruwanta rajakama denna dangalanawa. merenne nedda manussayo.
    aneka pin janapaathi .. yantham O.L…ugathkama netha, maruu english kiyawanawa….raja sepa…. diyaniya bena lokenma danapathiyo une awurudu hatharen. rata keeeewa DENNAMA PALAYALLA APATA EPA paschath upadi ethi, wayasa 65 adu, buddimath, nenawath, wedagath,honda paulaka MEDAHATH kenek soya gamu rata winasayi desapalakayo 225 dena raja sepa windinawa OKKOMA SEPA MOMILE
    sure meya palakaranne netha

  3. Manel says:

    Appuhamy sounds like a mad man. Some time we see crazy people screaming and shouting at everything everyone they see on the road. Appuhamy is like that. Can’t make sense of anything, any person, any party what happened in the past or what’s going to happen in the future. Forget about the country.

    • Vesamuni says:

      I totally agree with you, Manel. Appuhamy must understand that what matters in politics is not age, but ability. Mahathir Mohamed is 90+, but still the majority of Malaysians trust him to deliver. Mahinda may be 74, but he is the physically and mentally most stable senior politicians though some of them may be younger than he is. Some like Chandrika, Siripala Silva, Mervin and Karu J are a few years senior to him chronologically.

  4. තිලක් says:

    අපිනම් ආප්ප කාල පැනපු දවසෙම දැනගත්තා

  5. අපේ රට says:

    මුන් ඔක්කොටොම ඕන උන් හදෙන්න මිසක් රටත් ජනතාවත් ගොඩගන්න නෙමේ වරෙවිකෝ චන්දෙට.

  6. appuhamy says:

    no Manel
    one is 74.trying to put the crown to his son/wife is it not right? It’san exoteric fact, the other is with O.L. , did nothing family members are so comfortable and wealthy
    I am not a mad man. try to understand country needs a highly educated person

  7. john the baptice says:

    ගොවි අඹුඩයට මුවාවී සකල ලෝ වාසීන් ‍රැවටූ කෛරාටිකයා

  8. KARI APPPAYATA HEN 7MA GAHPIYA. KATTA KAE RATIKA PARAYA.

Main News