ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණයට තරග නොකරන බව කිවුවා..- මහින්ද කියයි..

June 22, 2019 at 12:00 pm | lanka C news
ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණයට තරග නොකරන බව කිවුවා..- මහින්ද කියයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නැවත වතාවක් ජනාධිපති අපේක්‍ෂක ලෙස තරග නොකර ගෞරවාන්විතව ධුරයෙන් ඉවත් වන බව පැහැදිලිවම පැවසූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා එසේ කියා තිබියදී ඔහුගේ ගෝලයන් මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක හා තමන් අගමැති අපේක්‍ෂක ලෙස නම් කරන බවට පවසන්නේ අසත්‍ය බවද රාජපක්‍ෂ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මේ වන තෙක් ජනාධිපති අපේක්‍ෂකයෙක් නම් කර නැති බවත් ස්ථිරවම ජනාධිපතිවරණය ජය ගන්නා අපේක්‍ෂකයෙකු නම් කරන බවත් ඒ මහතා කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ බෙල්ලන්විල රජ මහා විහාරයේදී බෝධි පූජා පිංකමකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

27,020 Viewers

6 Comments to “ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණයට තරග නොකරන බව කිවුවා..- මහින්ද කියයි..”

  1. අංකූරා says:

    දේශපාලන නායකයන් සේම ජනතාව ද මේ අවස්ථාවේ දී පළමුව රට යන තේමාව සහිතව කටයුතු කළ යුතුය !. කතා බහ සේම ක්‍රියාව ද එකිනෙකා බේද භින්න නොවන ආකාරයට කිරීමට වග බලා ගත යුතුය !!.

  2. Dp says:

    සිරා දැන් අහයි මම එහෙම එකක් කිව්වද කියලා.එහෙමට මිනිහා….

    • Rata Wenuwen says:

      අයියෝ සිරා මහත්තයාට ‘සබ්බේ ලබන්’ කිව්වලු

  3. Love nature says:

    කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි!

  4. Hopefully says:

    Both are not believe

Main News