ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණයට නෑ..? පොහොට්ටු-ශ‍්‍රීලනිප සන්ධානය කඩිනමින්..

August 7, 2019 at 9:20 am | lanka C news
ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණයට නෑ..? පොහොට්ටු-ශ‍්‍රීලනිප සන්ධානය කඩිනමින්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගතවීම පිළිබඳ සාකච්ඡා යම් සාර්ථකත්වයක් ලබා ඇති බවත් මේ නිසා එම පක්ෂ දෙක අතර ක්‍රියාත්මක කිරීමට නියමිත සන්ධානයට කොළ එළියක් වැටී ඇති බවත් වාර්තා වෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් පෙරේදා (05දා) රාත්‍රියේදී ජනාධිපති නිල නිවසේදී පැවැති අතර එම සාකච්ඡාව පැයකට අධික කාලයක් පවත්වා ඇත.

මෙම සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ දේශපාලනික තොරතුරු මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉදිරි දේශපාලන ස්ථාවරයන් හා ශ්‍රී ලංනිප මන්ත්‍රී කණ්ඩායමේ දේශපාලන අනාගතය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව දෙපාර්ශ්වයේ සෙසු නියෝජිතයන් සමග සාකච්ඡා කර අවසන් එකඟතාවයට පැමිණීමට නායකයන් දෙදෙනා එකඟතාවකට පැමිණ තිබේ.

මෙම සාකච්ඡාවේ එක් ප්‍රතිඵලයක් ලෙස ඉදිරි ජනපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවනු ඇති බවටද වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයනි පිරිසක් ඊයේ පක්ෂ මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ.

එමෙන්ම ඊයේ සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක්ද පැවැති අතර එහිදී පුළුල් සන්ධානයේ ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

– ada

64 views

6 Comments to “ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණයට නෑ..? පොහොට්ටු-ශ‍්‍රීලනිප සන්ධානය කඩිනමින්..”

  1. Bold Citizen says:

    1.5 million SLFP voters did not like the SLPP on 10th Feb 2018.. What reasons are there now for them to vote for SLPP..??

    • Pal says:

      You don’t know politics..
      May be that’s why you are called Bold citizen.

      They voted for Mahinda in the year 2015.

      Mokada Awulda?

    • Analyst says:

      1.5 million SLFP voters did not Vote for SLPP because they were CONFUSED. The confusion was cleared after SLPP brought the winning Candidate with a Strategy to Develop Sri Lanka.

  2. Ariyathilaka says:

    බලපන් සහරාන්! නුඹ කළ හදිය නිසා,
    කවුරුත් බනිනවා මට දැන් පතුරු ගසා,
    කාගෙත් ඉදිරි ජනපති සිහිනය ද නසා,
    වැඩෙනව අන්තවාදය ජාතියම වසා

    තිබුණත් සිතේ තව කල් වැජඹී ඉන්න,
    කවුරුත් කැමැති නැතිවද එය පිළිගන්න,
    නමවත් ඉතිහාස ගත වී චුත වෙන්න,
    දැන්වත් උදව්වක් දෙනවද සැනසෙන්න

  3. රංගජීව​ says:

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් අවසන් මොහොතේ හරි අපේක්‍ෂකයෙක් දානවා.

  4. Rathgama MC says:

    මහින්ද හදන්නේ සිරිසේනට ආප්ප න්‍යායෙන්ම උත්තර දීමටයි,ඒ බව වරක් මහින්ද මාධ්‍යට ප්‍රසිද්ධියේ පැවසුවා.එනිසා එය සිරිසේනගේ හිතේ තියෙනවා,මහින්ද හදන්නේ මටත් මගේම ආප්ප න්‍යායෙන්ම උත්තර දෙන්න බව.එනිසා බොහෝ විට සිරිසේන මෙවර මහින්දට පැණි ආප්පයක් කවන්න ලොකු ඉඩක් තියෙනවා.පොහොට්ටුවේ වැඩි ජනතාවක් ඉල්ලන්නේ හිට්ලර් ගෝටා,එජාපයේ වැඩි ජනතාවක් ඉල්ලන්නේ දුප්පතාට ගෙවල් හදන සජිත් ,හැබැයි මේ දෙන්නම රෙද්ද බැනියම අඳින්නේ නැහැ.වෙල්ගම නම් සහතික කරලා කියනවා මෙවරත් ජනපති වෙන්නේ රෙද්ද බැනියම අඳින කෙනෙක් කියල.වෙල්ගම කියපු කිසි දෙයක් මෙතෙක් වැරදිලා නැහැ.එහෙම නම් ඉතින් මේකත් වරදින එකක් නැහැ,නියම වෙලාවට රෙද්ද බැනියම අඳින කෙනෙක් ඉස්සරහට ඒවි.

Main News