ජනපති මෛත‍්‍රී ජනාධිපති ධුරයෙන් සමු ගැනීම සනිටුහන් කරයි.. ජනාධිපතිවරණයට ඇප තැන්පත් නොකරයි..

October 6, 2019 at 12:00 pm | lanka C news
ජනපති මෛත‍්‍රී ජනාධිපති ධුරයෙන් සමු ගැනීම සනිටුහන් කරයි.. ජනාධිපතිවරණයට ඇප තැන්පත් නොකරයි..

නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්‍ෂකයන්ගේ ඇප තැන්පත් කිරීම අද දහවල් 12.00ට අවසන් විය.

වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට තරග කිිරීම සදහා මෙවර ඇප තැන්පත් කිරීමක් සිදු කර නැත.

එනිසා ඒ මහතාට මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමි වෙයි.

ඒ අනුව මෛත‍්‍රිපාල සිරිසේන මහතා නොවැම්බර මස 17 වැනිදා සිය ධුර කාලය අවසන් කරනු ඇත්තේ නව ජනාධිපතිවරයාට රාජ්‍ය පාලනයට අවස්ථාව ලබා දෙමිනි.

මේ අතර ශ‍්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ශ‍්‍රීලනිපය මෙවර ජනාධිපතිවරණයට තරග නොකරන බවත් පක්‍ෂය සහාය දෙන්නේ කුමන අපේක්‍ෂකයාටදැයි හෙට දිනයේ ප‍්‍රකාශ කරන බවත්ය.

42 views

13 Comments to “ජනපති මෛත‍්‍රී ජනාධිපති ධුරයෙන් සමු ගැනීම සනිටුහන් කරයි.. ජනාධිපතිවරණයට ඇප තැන්පත් නොකරයි..”

  1. චේතියසේන says:

    අපරාදෙ!
    ඉල්ලුවනං දිනන්න තිබුන ඇස් පියාගෙන!

    😟😟😟

  2. කිරා says:

    නොවැම්බර් 17 මෙෙත්‍රි යන්නේ නොවැම්බර් 16 ජනාධිපතිවරණයක් තිබුනොත්නේ..
    එතුමා දෙසැම්බර් වල ලොකු වැඩක් කරනවා කියලා දැනටමත් කියලයි තියෙන්නේ.

  3. ක්‍රිමිනල් says:

    ඇති යාන්තං !

    • Rata Wenuwen says:

      ඇති යාන්තන්! යම ලොව යන්නට එලියට බැහීමට සිදුවීම ගැන අපේ සතුට

  4. desta says:

    mona weradda tibunath sirisena mahattaya nohitinna UNP JVP balu hethikare rata winasama karanawa obatuma newatha janadipathi nounath ape rata beraganna ara gon sajiya gen saha hora UNP ballangen gotabaya mahattaya ta sahaya denna eccharai .

  5. ජනයා says:

    ජනපතිතුමණි මාතෘභූමියේ සමූහදූෂකයෝ හා මාතෘභූමියේ මංකොල්ලකාරයෝ අතට තව ටික දිනකින් මේ රට පත් වීමට නියමිතය.
    ඔබ වෙත ජනතාව පවරා ඇති බලය පාවිචිචි කරන්න උන්ගෙන් ජනතාව බේරාගන්න .

  6. Lolla says:

    What ever said and done he is not a rogue….
    and blocked all the bad dicisions taken against the country bu UNP……

  7. Siri says:

    මයෙ දෙයියනේ …. . හොඳා හොඳා ..

  8. ඒ බං ජනයො උඹැහැ ඔය කියන්නේ අර සජී පුතානෝ ගැන නේද කිරි පුතේ.

  9. අනේ සිරි ඔයාගේ එල්ලුංගහට මොකද වෙන්නෙ

  10. gamarala says:

    දැන් ඉතින් ගෙදර ඉදගෙන පත්තර විස්තර බල බලා ඉන්න පුලුවන් ගොටාබයට රට ගෙනියන්න ඉඩදීලා

Main News