ජනපති මෛත‍්‍රී තවත් සිරකරුවන් 267ක් නිදහස් කරයි..

November 14, 2019 at 8:40 am | lanka C news
ජනපති මෛත‍්‍රී තවත් සිරකරුවන් 267ක් නිදහස් කරයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිරකරුවන් 267 දෙනෙකු ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබේ.

මෙසේ නිදහස් කර ඇත්තේ සුළු වැරදිවලට සිරදඬුවම් විඳින අවුරුදු 65 ට වැඩි සිරකරුවන් පිරිසකි.

නිදහස් කරන ලද සිරකරුවන් අතර මිනීමැරුම්, මංකොල්ලකෑම්, මත්කුඩු ජාවාරම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර හා සංවිධානාත්මක අපරාධ යන කිසිවක් හේතුවෙන් දඬුවම් විදින කිසිවෙකු ඇතුලත් නොවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ පසු නව ජනාධිපතිවරයා පත් වීමත් සමඟ සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

38,420 Viewers

5 Comments to “ජනපති මෛත‍්‍රී තවත් සිරකරුවන් 267ක් නිදහස් කරයි..”

  1. Nimal R says:

    සිරිසේන වගේ හොර කපටිකම් කරපු නායකයෙක් ලංකාවේ හිටියෙම නැහැ . Royal Park මිනීමැරුමේ චූදිතයා හොඳ ගණනක් අරගෙන නිදහස් කරලා දැන් ඒකට මිනිස්සු කෑ ගහනකොට සුළු වැරදි කරපු හිරකරුවෝ නිදහස් කරලා ජාමේ බේරාගන්නවා .මෙහෙමත් සූත්තර කාරයෙක්

    • Amda says:

      එනකන් හැන්ගිලා රැකගෙන ඉඳලා අර ගෑනු ලමයගෙ ඔලු කට්ට කෑලි 64කට කැඩෙන්න තරප්පු පෙලේ හප්පලා මරපු කාලකන්නි මිනීමරුවාට සමාව දුන්න පවෙන් ගැලවෙන්න බෑ ඕකට සම්බන්ධ වුනු කාටවත් …. කර්මය ඉතාම බරපතලයි. එය සෙවනැල්ලක් සේ පසුපස එනවා, රජවුනත්.

  2. Ariyathilaka says:

    හලා නොගෙන හොදි ඇඳුමෙහි කීව අගේ,
    කළා විවස්තා සංසෝදනය රගේ,
    දෙව්දුව නීතියේ රෝයල් පාර්ක් මගේ,
    තබවා නෑව්වා හොදි හිස සියලු
    ඇගේ (ඇඟ+ඒ)

    තුලා දරණ දෙව්දුව නීතිය කරනා,
    හඩා වැටින හිරි බිදලුණ හැටි දුකිනා,
    තලා මුහුණ ගෙල සිරවී පණ ගොසිනා,
    වැලපෙන ආත්මෙට ඉවෝන්ගෙ සම
    කෙරිණා

  3. Gonsun says:

    Siribirista heenayak penunalu.
    Siribirisge job eka nethivenawai kiyala deyyek awith kivvalu ,wedak thiyenawa Thamuseta billionayak arang rassawa nokara sepata innanam, apayata yaveemata inna mage yaluwek nidahas korapan kiyala.
    Sira heenenma billianaya arang vede kola.
    Eherila beluvama, Deyya atththatama salli arang penala gihilla.

  4. Ruwan says:

    Kanjipaani Imran shouldnt be over 65 years in age right ?

Main News