ජනපති මෛත‍්‍රී තුට්ටුවකට විශ්වාස නෑ.. ඔහු සමග හවුල් ආණ්ඩුවට කිසිම සූදානමක් නෑ..- ඒකාබද්දයෙන් මාධ්‍ය හමුවක්..

October 7, 2018 at 2:10 pm | lanka C news
ජනපති මෛත‍්‍රී තුට්ටුවකට විශ්වාස නෑ.. ඔහු සමග හවුල් ආණ්ඩුවට කිසිම සූදානමක් නෑ..- ඒකාබද්දයෙන් මාධ්‍ය හමුවක්..

‘දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුමු කතා බහක් තියෙනවා බාරකාර ආණ්ඩුවක් හදනව කියල.මේ වන විට සති අන්ත පුවත්පත් වල ප්‍රදාන කාරණාව ලෙස ලියවිලා තියෙනවා.මහින්ද රාජක්ෂ මහත්තයා ප්‍රමුක ඒකා බද්ධ විපක්ෂයේ අපි මොනම වෙලාවකවත් සූදානම් නැහැ අපි කවුරු කොහොම කිව්වත් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් සමග එකට හවුලේ යන ආණ්ඩුවකට අපේ කිසිම සූදානමක් නැති බව මම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට මගේ පුද්ගලික මතය ඉදිරිපත් කරනව’

යයි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  රංජිත් සොයිසා මහතා කීය.මන්ත්‍රීවරයා මෙම අදහස් පලකර සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ ඉරිදා විග්‍රහය මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා කියා සිටියේ,

‘මොකද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පිළිබදව අපිට විශ්වාසය තැබිය හැකි කාල සීමාව මේ වන විට ඉක්ම ගොස් තිබෙනවා.එතුමා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය ගෙන එන විට අපිට කිව්වා මාස තුනක් ඇතුලත මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය ගේනවා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා නිසා මම ගැන විශ්වාසය තියල 19 වන ව්‍යවස්ථා සංශෝදනයට ජන්දය දෙන්න කිව්වා.මම විස්ස ගේනව කිව්වා.දැන් අවුරුදු තුන හමාරක් උනා එතුමාට තාම විස්ස ගේන්න බැරි උනා.මේ තමයි විස්වාසය බිදපු ආකාරය.

මූල්‍ය වංචා කොට්ඨාශය පිළිබදව ගැසට් පත්‍රය ගෙන ආ වෙලාවේ අපි පුද්ගලිකව ජනාදිපති තුමාගෙන් ඉල්ලීමක් කලා මේතුල බරපතල ආකාරයේ දේශපාලන දඩයමක් ඉලක්ක කරගෙන තිබෙනවා මේ මූල්‍ය වංචා කොට්ඨාශය පිළිබදව ගෙනා ගැසට් පත්‍රය අවලංගු කරන්න කියල.මම දැක්කෙවත් නැහැ ඒක මම වහාම ඒක අවලංගු කරනවා කියල නැගිටලා ගියා අද වෙනතුරුත් ඒක එහෙමමයි ජනාධිපතිතුමා අපේ විශ්වාසය බින්දා.

ඉන් අනතුරුව 2015 ගෝස්තු මාසයේ පවතින මහ මැතිවරණයේදී එතුමා ප්‍රකාශ කලා ඊලගට බලයට පත්වෙන්න ඕන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක්ය කියන ප්‍රකාශය කලා.අපේ ප්‍රතිපත්ති ප්‍රකාශණය පිළිගත්තා.හැබැයි මැතිවරණය අවසාන දවස් වන විට අගෝස්තු මාසයේ 14 රාත්‍රීයේ එතුමා ප්‍රකාශයක් කරනවා මහින්ද රාජපක්ෂ අගමැතිකමට සුදුසු නැහැ.රනිල් වික්‍රමසිංහ හොරෙක් නෙවෙයි.රනිල් හොද කෙනෙක් ඒ නිසා අපි රනිල් එක්ක ආණ්ඩුවට යනවා කියන එක එතුමා ප්‍රකාශ කලා.ඒක අපේ මැතිවරණ ජයග්‍රහණය අවලංගු කරල දැම්මා.ඉන් අනතුරුව නැවත වතාවත් විපක්ෂ නායක වරයා තෝරා ගැනීම සම්බන්ධ ප්‍රශ්ණයේදී අපි මන්ත්‍රීවරු කීප දෙනෙක් විපක්ෂ නායක වරයා සම්බන්ධ ඉල්ලීම කරන්න ගිහිල්ලා ජනාධිපතිතුමා හම්බවෙන්න ගිහිල් අපි ඉල්ලීම බාරදුන්නා ඒ ඉල්ලීම බාරගත්තා.

අපි පාර්ලිමේන්තුවට එනකොට විපක්ෂ නායක ධූරය සම්බන්ධන්ට දෙන්න තීන්දු කරල.ඒ වතාවෙත් අපේ විශ්වාසය කඩල දැම්මා.මෑත කාලයේ ඉතා ආසන්නයේ ආව විශ්වාස භංග යෝජනාවක් අගමැතිවරයාට විරුද්ධව මේ විශ්වාසය ජයග්‍රහණය කිරීමට ඉතා ආසන්නව පැය කීපයක් තියෙද්දී ජනාධිපතිතුමා නැවත වතාවක් අගමැතිතුමා බේරාගන්න විශ්වාස භංගය පාවාදීම කලා.

මෙන්න මේ ආකාරයට කටයුතු කරපු මෛත්‍රීපාල ජනාධිපතිතුමා පිළිබදව එතුමා කියන යම් යම් ප්‍රකාශ පිළිබදව විශ්වාසය තියල තවදුරටත් භාරකාර ආණ්ඩු හෝ සභාග ආණ්ඩු ලෙස ඒකාබද්ධ විපක්ෂය හැටියට එකගවීමේ බරපතල ගැටලුවක් අපිට තියෙනවා.ඒ නිසා අපි වර්තමාන ජනාධිපතිතුමා කියන දෙයක් අපි විශ්වාස කරන්නේ නැහැ.අපි කියනවා පුලුවන්නම් මේක ක්‍රියාවෙන් ඔප්පු කරල පෙන්වන්න.

රට යන බරපතල අගාධයෙන් රට යන බරපතල මේ තත්වයෙන් ගොඩගත යුතුයි කියන එක පිළිබදව කිසිදු තර්කයක් හෝ සැකයක් නැහැ.අපි සූදානම් මේ සදහා නායකත්වය දෙන්නට හැබැයි ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරිත්වයෙන් ඔප්පු කරල පෙන්වන්න ඕන.නැත්නම් ඔහු කියන කිසිම දෙයක් එක තුට්ටුවකට තබේකට විශ්වාස කරන්න අපි සූදානම් නැහැ’

– ප‍්‍රගීත් ජනක

80 views
Main News