ජනපති මෛත‍්‍රී නිදහස් උත්සව තුනක් අමතා අවසන්.. තවත් ඉතිරි දෙකක් පමණයි..

February 5, 2017 at 12:29 am | lanka C news
ජනපති මෛත‍්‍රී නිදහස් උත්සව තුනක් අමතා අවසන්.. තවත් ඉතිරි දෙකක් පමණයි..

ඊයේ දින ශ්‍රී ලංකාවේ 69 වෙනි ජාතික නිදහස් දිනය ගාලු මුවදොර දි ආණ්ඩුවේ ප්‍රධානින්ගේ සහභාගිත්වයෙන් පැවති අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තුන්වෙනි වරටත් එහි සිට ජාතිය ඇමතීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට තව ඇත්තේ නිදහස් දින උත්සව අවස්ථා දෙකක් පමණි. එනම් 70 සහ 71 වෙනි නිදහස් උත්සවය ඇමතිමේ අවස්ථාවන් පමණි.

මෙම උත්සවය අවසානයේ එයට සහභාගි වූ ඉහළ රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකු විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කරමින් සිටින අතර එක්තරා අමාත්‍යාංශයක් ප්‍රධානියකු විමසුවේ මොරගහකන්ද ජලාශය හැදුවේත් චීනයෙන්ම ණය අරන් නෙද යනුවෙනි. එහිදි එක් නිලධාරියෙක් උත්තර දෙමින් පැවසුවේ මොනවා කරන්නද ඒකත් මහින්ද යුගයේ ණය අරන් පටන් ගත්ත එකක් යන්නයි.

තවත් ලේකම්වරයෙකු සාකච්ඡාවට සහභාගි වෙමින් කිව්වේ මොනවා කරන්නද අදත් අපි දැක්කේ ඒ කාලේ හමුදාවට ගෙන්නපු බඩු ඇරෙන්න වෙන දෙයක් නැහනේ. ඉතිරි නිදහස් උත්සව දෙක ඉවරවෙන්න ඉස්සෙල්ලා හෝ අඩුම ගාණනනේ චීනයේන් හරි ණයක් අරන් සිවිල් ආරක්ෂක සේවාවට මෝටර් සයිකලයක්වත් දුන්නොත් හොදයි නේද කියායි.

එවිට ඒ අසලින් ගිය ආණ්ඩුවේ තරුණ ප්‍රධානියකු මේ සාකච්ඡා දැක ‘කොහොමද නිදහස් උත්සවය හොදයි නෙද’ යි විමසද්දී ඊට පිලිතුරු දුන් එක නිලධාරියෙකු පැවසුවේ ‘ඉතාම හොදයි’ නියා වුවත් ඔහුගේ පිලිතුර ගැන සෑහිමකට පත් නොවු ආණ්ඩුවේ ප්‍රධානියෙක් පැවසුවේ ‘බලමුකෝ තව අපිට කල් තියෙනවා නේ’ කියාය. ඊට එයට පිලිතුරු දෙමින් තවත් පුද්ගලයකු පැවසුවේ ‘මොනවාද ඇමති තුමා අපේ ජනාධිපතිතුමාට තව දෙපාරයි නිදහස් උත්සව අමතන්න පුලුවන් ඊට පෙර අඩුම ගානේ මොනවා හරි සිවිල් ආරක්ෂක සේවාවටවත් කරන්න’

69 වෙනි නිදහස් උත්සවයට විශාල පිරිසකට ආරාධනා පත්‍ර යවා තිබුනත් සැලිකිය යුතු ප්‍රමාණයක් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙන්ම ආරාධිතන් පැමිණි නොසිටිම හරහා මේ ආණ්ඩුවේ යම් ඇල්මැරුනු ස්වභාවය උත්සවය පුරා පෙන්නුම් කල අතර ඉදිරි වසර දෙක තුලදී හෝ මීට වඩා ජනතාව මෙන්ම රට වෙනුවෙන් යමක් කලයුතු බව මෙම නිලධාරින්ගේ කසු කුසුවෙන අනාවරනය විය.

– FB

1,439 views