ජනපති මෛත‍්‍රී- මහතීර් මොහොමඩ් ආණ්ඩු පෙරලන කුමන්ත‍්‍රණයක.. රහස් සාකච්චා විදෙස් මාධ්‍ය හෙලි කරයි..

May 12, 2018 at 3:24 am | lanka C news
ජනපති මෛත‍්‍රී- මහතීර් මොහොමඩ් ආණ්ඩු පෙරලන කුමන්ත‍්‍රණයක.. රහස් සාකච්චා විදෙස් මාධ්‍ය හෙලි කරයි..

මැලේසියාවේ විප්ලවීය මැතිවරණයකින් පසු ජය ලබා ගත් මහතීර් මොහොමඩ් මහතා ඉතිහාසයට එක්වන්නේ වයස්ගතම (අවුරුදු 91) අග්‍රාමාත්‍යවරයා ලෙසයි. හිටපු අග්‍රාමාත්‍ය නජීප් පරදා විශිෂ්ඨ ජයක් ලබාගත් මලයාසියාව ගොඩ නැඟූ මහතීර් මොහමඩ් මහතා පිළිබඳව විවිධ කතා විදේශ මාධ්‍ය මේ වන විට වාර්තා කරයි. අදාල ජයග්‍රහණය සමග ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මහතීර් මොහොමඩ් සමඟ සිදුවූ රහසිගත හමුවක් පිළිබඳව මැලේසියානු මාධ්‍ය වාර්තා කොට තිබුණි.

මෙම හමුව සිදුවී ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මලයාසියානු නිල රාජ්‍ය සංචාරය 2016 දෙසැම්බර් 17 වන දින අදාල හමුව පිළිබඳව චායාරූප දෙකක් මේ වන විට මාධ්‍ය එළිදක්වා තිබෙනවා. ක්වාලාලම්පූර් නුවර ඉන්ටකොන්ටිනල් හෝටලයේ ශ්‍රී ලංකා ජනාධිපති රැඳී සිටි කාමරයේදී මෙම හමුවීම සිදුව තිබෙනවා. අදාල මාධ්‍ය වාර්තා කරන්නේ එවකට පැවති නජීප් පාලනය විසින් මහතීර් මොහොමඩ් සහ ශ්‍රී ලංකා ජනාධිපති වරයාගේ හමුව සිදු නොවීමට සැලසුම් ක්‍රියාත්මක කල බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා රැඳී සිටි හෝටලය අවට මැලේසියානු අග්‍රාමාත්‍ය වරයාගේ චර පුරෂයන් පුරා පැය 24 තුල යොදවා තිබු බවත්ය.

කෙසේ වුවත් මෙම හමුව සිදුවී ඇත්තේ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරයාද නොදැනුවත්ව බව අදාල මාධ්‍ය වාර්තා කොට තිබුනා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කාමරය තුලදී සිදුකල සාකච්ඡාවේ ප්‍රධාන කාරණා කිහිපයක් මේ වන විට මාධ්‍ය වාර්තා කරනවා. එහිදී 1980 දශකයේදී මැලේසියාව ගොඩ නැඟීමට ඔහු කල වෙනස් කිරීම් සහ ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව දැනුවත් කර තිබෙනවා. ආර්ථික සංවර්ධනයට මූලිකත්වය ලබාදුන් පසු සියළු ජාතීන් එකතුකළ හැකි බවට ජනාධිපතිවරයාට උපදෙස් දුන් බවට දැනගන්නට ලැබෙනවා.

එලෙසම 70 දශකයේදී පොහොසත් රටවල් දුප්පත් රටවල් සඳහා සංවර්ධනය වීමට ආධාර ලබා දුන්නද 80 දශකයේදී සහන ණය රටවල් සහ බැංකු මාර්ගයෙන් හිමිවූ බවත් ඒවා ඉතා අඩුපොලියට ගෙන ඔහු රට සංවර්ධනය කල බවත් පවසා තිබෙනවා. 90 දශකයේදී තවත් ණය යෝජනා ක්‍රම පැමිණි අතර එය ඉතා භයානක ණය ක්‍රමයක් බවත් එය ඔබ ලබාගැනීමෙන් වලකින ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට සඳහන් කොට තිබෙනවා. එම ණය ලෙස මහතීර් මොහොමඩ් මහතා සඳහන් කර තිබුනේ “ඔවුන් මුදල් ලබා දෙති. ව්‍යාපෘතිය සඳහා ඔවුන් පැමිණෙති. වැඩ කිරීමට ඒ අයගේ රටේ මිනිසුන් රැගෙන එති. ඔවුන්ම ව්‍යාපෘති ඉදිකරති. ඒ ගන්නා ණය ක්‍රමය කිසිවිටෙක අපට ගෙවීමට නොහැකි වෙති. ඔවුන් ඉන් පසු ඒ රටින් නොයති. මේ ණය ක්‍රමය කිසිදා ඔබ ලබාගන්න එපා” මහතීර් මොහොමඩ් මහතා එලෙස ජනාධිපතිට ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ පැවති රජය පෙරළීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් සහ සැලසුම් පිළිබඳව මහතීර් මොහොමඩ් මහතා විසින් ඉතා දීර්ඝව සාකච්ඡා කර ඇති අතර දුෂණයට වංචාවට එරෙහි මැතිවරණ සටන පිළිබඳව බොහෝ කාරණා ජනාධිපතිවරගෙන් විමසා මහතීර් මොහොමඩ් සිය මැතිවරණ මෙහෙයුමට යම් යම් කාරණා එකතුකර ගන්නට ඇති බවට විදෙස් මාධ්‍ය හෙළි දරව් කර තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මහතීර් මොහොමඩ් තුමා සමඟ ඉතා පෞද්ගලික සමබන්දතාවයක් ඇති බව මාධ්‍ය වාර්තා කරන අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් සිය ට්විටර් ගිණුමේ ට්විටර් පණිවිඩයක් ඔස්සේ මහතීර් මොහොමඩ්ට සුභ පතා තිබෙනවා.

තවද 2017 ජනවාරි 08 දෙවසරක ජයග්‍රණය සැමරීම නිම්මිත්තෙන් මහතීර් මොහොමඩ් ප්‍රධාන ආරාධිතයා ලෙස ලංකාවට ගෙන්වා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂාවෙන් සිටි අතර ඒ සඳහා විදෙස් කටයුතු අමාත්‍යංශය අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කර නොමැති බවට වාර්තා වනවා.

– srilnakamirror

29 views

8 Comments to “ජනපති මෛත‍්‍රී- මහතීර් මොහොමඩ් ආණ්ඩු පෙරලන කුමන්ත‍්‍රණයක.. රහස් සාකච්චා විදෙස් මාධ්‍ය හෙලි කරයි..”

  1. kasun says:

    Ane me two years tiyagena election ekka tiybbe my3 ta government eka peralanna one nisada? Goni bayiyo education ekak nati unama ohoma tamai.

  2. vishnu says:

    සිංහලෙන් කියපු දේ නොතේරුන
    හින්ද දිනුව

  3. cim says:

    balapuwahama MY3 wirayek wage penne, gotala, basilla, mahindala pissu yakku

  4. Pal says:

    Mahinda too wanted to first do the economic development and next the Sanhidiya factor would come along with that.

    Dear Mr. President,
    You joined the opposition and toppled that government and now getting the instructions from Mr. Mohomad .

  5. Karu says:

    මේ ඇහුණද?
    එතකොට අපේ චතුර පුතා?

  6. Critic says:

    DId he understand what Mr M.M explained to him?

  7. LIONEL C MAYADUNNAGE says:

    these two not same.Its like sky and earth. Dr. Mahtheer is a Great gentlemen as well as good Governor. Never listing to any western leaders. Congratulation you Victory.

Main News