ජනපති මෛත‍්‍රී ‘මොනාලිසා’ වගේ.. ලස්සනට බැලූවොත් ලස්සනයි..- විජිතමුණි..

May 26, 2018 at 4:40 pm | lanka C news
ජනපති මෛත‍්‍රී ‘මොනාලිසා’ වගේ.. ලස්සනට බැලූවොත් ලස්සනයි..- විජිතමුණි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලොව සුප‍්‍රකට ‘මොනාලිසා’ සිතුවම වගේ යයි ධීවර ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා සදහන් කර ඇත.

ජනාධිපතිවරයා ලස්සනයි කියා සිතන අයෙකුට ලස්සනට පෙනෙන බවත්, කැතයි කියා සිතන අයෙකට කැතට පෙනෙන බවත්, හොදයි කියා සිතන අයෙකුට එසේ පෙනෙන බවත්, නරකයි කියා බලන අයෙකුට එසේ පෙනෙන බවත් ඇමතිවරයා පවසා තිබේ.

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමේ ප‍්‍රබල මන්ත‍්‍රිවරයෙකු සමගින් අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

කලින් ධිවර ඇමති ධුරය දැඩිව ප‍්‍රතික්‍ෂෙප කලද එයම බාර ගත්තේ මන්දැයි 16 කණ්ඩායමේ මන්ත‍්‍රීවරයා කල විමසීමට ඇමතිවරයා පිලිතුරක් නොදී ඉහත පැහැදිලි කිරීම සිදු කර තිබෙන බවද සදහන්ය.

197 views