ජනපති මෛත‍්‍රී රජෙක්.. ඔහු ඉතිහාසගත වෙනවා.. මෛත‍්‍රී හදන්නේ චේගුවේරා වගේ වෙන්නයි..

November 14, 2016 at 4:05 am | lanka C news
ජනපති මෛත‍්‍රී රජෙක්.. ඔහු ඉතිහාසගත වෙනවා.. මෛත‍්‍රී හදන්නේ චේගුවේරා වගේ වෙන්නයි..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද “යහපත් සීමාවාසික වෛද්‍යවරුන්” සදහා වූ වැඩසටහන අද දින 13 උදෑසන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවෙ දී පැවැත්විනි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“වෘත්තීය සමිති තමන්ගේ අයිතිවාසිකමි වෙනුවෙන් සටන් කරනවා. එයයි වෘත්තීය සමිතියක ස්වභාවය. අයිතිවාසිකමි දිනා ගැනිම සදහා සෑම වෘත්තියකටම වෘත්තීය සමිති අවශ්‍යයි. වෘත්තීය සමිතියක් තිබීම තුලින් වෘත්තීය ගැටලු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් සමග සාකචිඡා කරන්න පුලුවන්. එමගින් පාලකයින්ට වෘත්තීය ගැටලු පිළිබද අවබෝධයක් ලබාගත හැකියි.”

මමත් රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකමිවරයා ලෙස වසර 15 ක් කටයුතු කලා. මට වෘත්තීය සමිති ව්‍යාපාරය හොදට පුරුදුයි. මම සිටින කාලයේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සහ රජයේ දන්ත වෛද්‍ය සංගමය අතර අනවබෝධයක් තිබුනා. මගේ ප්‍රථම කාර්යය වුයේ මෙම සංගමි දෙකේ අනවබෝධය තුරන් කිරිමයි. එම අනවබෝධය තුරන් කිරිමට මට හැකි වුනා. ඉන් පසු අපි ඉල්ලීමි ඒකාබද්ධව ඉදිරිපත් කර ඉල්ලීමි දිනා ගැනීමට සමත් වුනා. වෘත්තිකයින් ලෙස විශ්වාසය දිනාගත යුතුයි. රටට සේවය කළ යුතුයි. වෛද්‍යවරයෙකු ලෙස ඔබගේ වගකීම මම පහදා දෙන්නමි. චෙි ගුවෙිරා කියන්නේ ජනප්‍රිය පුද්ගලයෙක්. තවද ගරිල්ලා නායකයෙක්. ඔහු ජාත්‍යන්තරය දිනු පුද්ගලයෙක්. ඔහු වෛද්‍යවරයෙක්. තව ද ඇස්මා රෝගියෙක්. වෛද්‍යවරයෙකු ලෙස ඔහු ඇස්මා රෝගයට ඖෂධ සෙවීම සදහා පර්යේෂණ සිදු කළා. අවසානයේ ශල්‍ය වෛද්‍යවරයෙකු ද වුනා. සමාජවාදය, මාක්ස්වාදය, දේශපානය ඔහු හදාරා තිබෙනවා. මෙම නිසා මාක්ස්වාදය තුලින් මෙම ප්‍රශ්ණ ජයගත්තා. කියුබානු විප්ලවය පිළිබදව ද ඔහු අධ්‍යයනය කර තිබෙනවා. එහිදී පිදෙල් කස්ත්‍රෝ වගේම රාවුල් කස්ත්‍රෝ සමගත් එකතු වුනා. අද චෙිගුවෙිරා ගැන අපි දන්නේ වෛද්‍යවරයෙකු ලෙස නොවෙයි. සටන්කාමියෙකු ලෙසයි.

අපේ ජනාධිපතිතුමාටත් එතුමා වගේ වෙනසක් කරන්න  අවශ්‍යයයි. බෝනොවන රෝග තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී ඇති බරපතලම ගැටලුව. දුමිවැටි, මත්ද්‍රව්‍ය නතර කරන්න තනිවම බැහැ. රජයේ සහයෝගය අවශ්‍යයයි. නමුත් ජනාධිපතිවරයා තනිවම එය සිදු කළා. එතුමා අයිතිහාසියක තීන්දු තීරණ රැසක් ගනු ලැබුවා. වෙනසකට මුල පිරිමෙී දි වැරදි සිදු වුවත්, එය හදාගන්න පුලුවන්. බුදුරජානන් වහන්සේට සත්‍ය අවබෝධ කර ගැනීමට තවත් ශාස්තෘන් වහන්සේලා 05 නමක් ලගට යාමට සිදුවුනා. අවසානයේ තේරුමි ගත්තා තනිවම නිර්වාණය අවබෝධ කර ගත යුතු බව. අපේ ජනාධිපතිවරයාත් සෞඛ්‍ය පිළිබද හොද වැටහිමකින් ඉන්නේ.

රාජ්‍ය සේවා කොමිසන් සභාව ස්වාධීනව කටයුතු කරනවා. එම කොමිසන් සභාව කාර්යශුර විය යුතුයි. රාජ්‍ය සේවකයින්ට වගකිව යුතුයි. මීට වඩා රාජ්‍ය සේවකයින් ගැන උනන්දු විය යුතුයි. ලක්ෂ 14 ක රාජ්‍ය සේවකයින් සිටිනවා. දෛනික කටයුතු ගැන සැළකිලිමත් විය යුතුයි. අපි හැමදාම කථා කලේ ප්‍රමාදය ගැනයි. සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීමිවලට අනුමැතිය ලැබුනේ 2016 මාර්තු 31 යි. නමුත් ඔවුන් උපාධි ලබාගත්තේ 2015 නොවැමිබර් මාසයේ දී.

රාජ්‍ය සේවා කොමිසන් සභාවෙ ප්‍රමාදය නිසයි බදවා ගැනීමි පරක්කු වුනේ. ඔවුන් රාජ්‍ය සේවක පැමිණිලි වලට දක්වන ප්‍රතිචාරය පිළිබදව සොයා බැලිය යුතුයි. රාජ්‍ය සේවය දුර්වල වුවහොත් ගැටලු ඇති වෙනවා. එම නිසා මෙම කොමිසන් සභාවට විශාල වගකීමක් තිබෙනවා.

වත්මන් ජනාධිපතිතුමා ඉතිහාස ගත වෙනවා. ජනවාරි 08 මැතිවරණය පැරදුනා නමි අපිව දකින්න ලැබෙන්නේ වැලිකඩ සිරගෙදර දී. තවුරුත් තීරණ ගන්නේ නැහැ. පොලිස් මූල්‍ය අපරාධ කොටිටාශය, අල්ලස් කොමිසම, අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව අප රට තුල ක්‍රියාත්මකයි. ලිපිගෙනු යොමු කරනවා. නමුත් රාජ්‍ය සෙවකයින් නිවැරදි තීන්දු තීරණ ගත යුතුයි.

වෛද්‍යවරු රජවරු වගේම තමයි. අපේ ජනාධිපතිතුමත් රජෙක්. ඔබලාටත් අතිගරු ලෙස කටයුතු කරන්න පුලුවන්. එම නාමය ඔබලාට දෙන්නේ සාමාන්‍ය ජනතාවයි. නමුත් ජනාධිපතිවරයාට අතිගරු ලැබෙන්නේ ව්‍යවස්ථාවෙන්. සමහරු අති කෑල්ල කපාගන්නවා. සමහරු ගරු කපා ගන්නවා. ඔබලා අතිගරු වෛද්‍යවරු වෙන්න. රෝගීන් බලා ගැනීම පිනක්.”

මෙහිදී Health.lk වෙබි අඩවියක ද විවෘත කළ අතර දුමිකොළ හා මධ්‍යසාර තුරන් කිරී‍මෙ වැඩපිළිවෙල ද අතිගරු ජනාධිපතිතුමන්ට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට පිළිගන්වන ලදි.

තවද රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අතිගරු ජනාධිපතිතුමන්ට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට සමරු ඵලකයක් ද පිරිනමන ලදි.

– නිපුන් ඒකනායක

12 views

4 Comments to “ජනපති මෛත‍්‍රී රජෙක්.. ඔහු ඉතිහාසගත වෙනවා.. මෛත‍්‍රී හදන්නේ චේගුවේරා වගේ වෙන්නයි..”

  1. Sam says:

    Stupid idiot

  2. Naya says:

    හුහ්. සිරා මහින්ද මහත්තයට ඔබතුමා රජෙක් කියලා පස්සට පිහියෙන් ඇන්න වගේ සිරාට වැඩ්ක් දීලා ඊලඟ පාර ජනාධිපති වෙන්නද මෙයා හදන්නේ.

    ඌරගේ මාලු ඌරපිටේම තුයල කපන්න……

  3. SALMAL says:

    A liar a cheater a thief. Never can grow up. unfortunetly you can only lie to people so many times before they just have to assume that everything you say is complete bullshit

  4. Sandya says:

    Stupid Idiot, Parajitha don’t insult to great Chey, who was sacrified his life for his mother land Bolivia.

Main News