ජනපති මෛත‍්‍රී ව්‍යවස්ථාව ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.. ජේ.ආර්.වත් මෙහෙවු කතා කියා නෑ..

August 2, 2017 at 3:50 pm | lanka C news
ජනපති මෛත‍්‍රී ව්‍යවස්ථාව ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.. ජේ.ආර්.වත් මෙහෙවු කතා කියා නෑ..

පාර්ලිමේන්තුවේ ආසන 113 ක්‌ හදා ගත්තත් තම කැමැත්ත සහ ආශිර්වාදය නැතිව ආණ්‌ඩුවක්‌ පිහිටුවිය නොහැකි බවට ජනාධිපතිවරයා කර තිබෙන ප්‍රකාශය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳව වැටහීමකින් තොරව කළ ප්‍රකාශයක්‌ පමණක්‌ නොව ජනාධිපතිවරයා රටට දී තිබෙන ප්‍රතිඥව පවා උල්ලංඝනය කිරීමක්‌ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්‌ මහතා පැවැසීය.

මෙරට විධායක ජනාධිපතිධුරයේ නිර්මාතෘ ඡේ.ආර්. ජයවර්ධන මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුන් කිසිවකු මෙවැනි ප්‍රකාශයක්‌ කිසිදාක කර නැති බවත් වත්මන් ජනාධිපතිවරයා මේ කරන ප්‍රකාශය පුදුම සහගත බවත් මෙය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ “අ” “ආ” යන්නටත් පටහැනි ප්‍රකාශයක්‌ බවත් හෙතෙම සඳහන් කළේය.

විධායක ජනාධිපතිධුරයේ ඒකාධිපති ස්‌වරූපය ඉවත්කර පාර්ලිමේන්තුව බලාත්මක කරන බව මුල සිටම කියා සිටි වත්මන් ජනාධිපතිවරයා එදා ඒ කළ ප්‍රකාශයත් අද කරන මේ ප්‍රකාශයත් අතර ඇත්තේ අහසයි පොළවයි වගේ වෙනසක්‌ යෑයිද ජී.එල්. පීරිස්‌ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරු 113 ක්‌ වත්මන් රජයට කැමැති නැහැ කියා ප්‍රකාශ කරන්නේ නම් ජනාධිපතිවරයා ඊට කෙතරම් විරුද්ධ වුණත් රජයක්‌ පවත්වා ගෙන යැමට නොහැකි බවත් මන්ත්‍රීවරුන් බහුතරයක්‌ ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති අනුමත නොකරන්නේනම් රජයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සඳහා ඉදිරිපත් කරන අයවැය පරාජය වී රජයක්‌ පවත්වාගෙන යැමට නොහැකි වනු ඇති බවත් ජී.එල්. පීරිස්‌ මහතා පැවැසීය.

ජනතා නියෝජිතයන්ගේ මතයට පටහැනිව විධායක ජනාධිපති ධුරය හොබවන කිසිම කෙනෙකුට ආණ්‌ඩුවක්‌ ගෙන යා නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්‌ථානයේදී ඊයේ 1 දා පැවැති ඒකාබද්ධ විපක්‌ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවක දී ජී.එල්. පීරිස්‌ මහතා මේ බව කියා සිටියේය.

– Divaina

61 views

15 Comments to “ජනපති මෛත‍්‍රී ව්‍යවස්ථාව ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.. ජේ.ආර්.වත් මෙහෙවු කතා කියා නෑ..”

  1. Pachaya says:

    But professor he will have to do it for his own survival

  2. ජසයා says:

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිලිබද මහාචාර්යවරයෙක් කියන දේ ද නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ග්‍රාම සේවා නිලධාරියෙක් කියන ප්‍රකාශයද අපි පිලිගතයුත්තේ?

    • unp says:

      වෑඩ බෑරුව පෑන්නුව ග්‍රාම සේවකයට අනුකම්පා කරමු

  3. kaniya says:

    මොනවද පොර්පෙසර් මේ කියන කතා .
    ඔයා හිතුවද ග්‍රාමසේවක කමට ගන්නේ වියවස්තා කටයුතු ගැන ආචාර්ය උපාදිය තියෙන අය කියල ?
    මේ ඉන්නේ තනිකරම රටට පෙර තමා සහ තම පවුල කියල හිතන කිසිම ලැජ්ජාවක් නැතිව ‘මහින්ද ආවොත් මම සහ මගේ පවුල ඉවරයි “කියල ප්‍රසිද්දියේ කිව්ව ජනපති කෙනෙක් .එකියන්නේ මොහු ඕනෑම පාවාදීමක් කරනවා තමුන් සහ තම පවුල වෙනුවෙන් .මෙහෙවූ මිනිහෙකුගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද >රට ඉවරයි hane අපොයි දෙවියෝවත් මේගැන බලලා මොනවා හරි ඉක්මනටම කරන්න දෙවියනේ .පොල්ගහපල්ලා බන් පොල්ගහපල්ලා මුන්ව විනාස වෙලා යන්න කියල

    • suda says:

      අමතක උනා ඇත්තම තමයි මේ සැප්තැම්බර් මාසේ ලන්වෙන්ව නේද ?සමහරුන්ට අන්තිම කාලේ පිස්සු තද වෙනවලු නේද ?අනේ මේ රට විනාස කරන එකාල විනාස වෙලා යන්න කියල පොල් ගහමු කොල්ලනේ

  4. prof peiris, A person with third class O.L and agri Dip from pelwehera is ruling the country. what brain an wisdom he posses?? mahinda entered the law college with O.L thanks to mam, he was a library assistant under Dorakumbura ..he also ruined the the country pawned the country ..earned much you people worship him for privilages All are in the same boat

    • roshan says:

      mahinda was a room mate of Late minister Fernando pulle who helped to pass the exam. Though I would agree that polticians need a qualification, it doed noit necessarliy mean a degree. Evenin the developed countires there are heads of states with formal qulificatons. In cas eof maithree hois OL was much better and probably he didnt enter the law college because of finanacial issue at that time with 8 siblings.Be considerate when peoples integrity is analysed.

  5. love nature says:

    එක්තරා කාලයක, එක්තරා රටක කැකිල්ලේ රජ නම් රජකෙනෙක් සිටියා. කැකිල්ල කියන්නේ පඹ වැල් මෙන් ගාලට හැදෙන ගණ සැර වැල් ජාතියක් යැයි ඉහත පොතේම සඳහන් වෙනවා. ඒ කැකිල්ල ගාලක පැටළුන කෙනෙකුට ලේසියෙන් ගැලවෙන්නට බැරිය. තව තවත් පැටළි පැටළී අවුල් ජාලාව මැදටම යන්නට සිද්ධ වන්නේය. ඒ නිසා, මෝඩකම් පිට මෝඩකම් කරමින් සියල්ල අවුල් කරගන්නා රජාට කැකිල්ළේ රජු කියා නම් කර ඇති බව පොතේ ලියා
    තිබුනා.

  6. පිරිමි සාත්තු සේවිකාව says:

    අනාචාර්ය විජේසූරිය උන්නැහේට මේ ගැන අදහසක් ප්‍රකාශ කරන්ඩ තියෙනවද?
    අඩුගානෙ වෙනස සැපයි කියලවත්?

  7. Mahesh says:

    Rata para suddanta pawaladeepu ehelepolala saha ekneligodalage noothana awathaaya BRA-PATHI.

  8. aniwa says:

    aniwa sir, you were the best we’ve ever had ! love you, we want you back sir

  9. Rommel says:

    Kauruhari constitution eka sampoornayenma paththare dammanam meya e gana danagani.

  10. kith says:

    Not only about constitution, He does not even have any common sense.

Main News