ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ඉවත් වෙයි..?

October 8, 2019 at 10:02 pm | lanka C news
ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ඉවත් වෙයි..?

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව වැඩ බලන සභාපතිවරයා ලෙස සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පත් කර ඇතැයිද එම ආරංචි කියා සිටී.

අද දිනයේ පැවති ශ‍්‍රීලනිප මන්ත‍්‍රී හමුවේදී ඇති වූ දැඩි උණුසුම්කාරී තත්වය හමුවේ ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇතැයිද සදහන්ය.

අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම මෙම පුවත වාර්තා කර ඇතත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ප‍්‍රතිචාර දැක්වීමට කිසිවෙකු සම්බන් කර ගත නොහැකි විය.

කෙසේ වෙතත් මෙම වාර්තා ප‍්‍රතිෂෙප කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නිල ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත්තේ එකී ප‍්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.

92,922 Viewers

11 Comments to “ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ඉවත් වෙයි..?”

  1. සකලබුජං says:

    නාගානන්ද සල්ලිවලට ගන්න පක්ෂයක් හොයනව. ඊයෙ නම් හොඳ ගණනකට දෙන්න තිබුන.

    • 🧭🧭 says:

      දෑතේ තිබුනු මාලිමාව මුහුද මැදටම විසිකරල නැව ගිල්වල රටම අතරමං කරල ඉවරයි !!

  2. senaka says:

    good idea

    • තිත්ත ඇත්ත says:

      මෙෙත්‍රිපාල ජනාධිපති නැතුව අනෙක් අය එන එක හරියට අර වරක ගෙඩිය ගන්න ඇද්දහම නහය අතට ආවා වගේ දෙයක්.
      තමන්ට අගමැති කම දෙන පොරොන්දුව නැතිව මෙෙත්‍රිව ගන්න ලැබෙන්නේ නෑ.
      මෙෙත්‍රි එනවනම් ගෝටා නැතිවත් පොහොට්ටුවට දිනන්න පුළුවන්.
      ගෝටා හිටියත් මෙෙත්‍රි එන්නේ නැත්නම් පොහොට්ටුව පරාදයි.

      • Ex SLFP says:

        ම‍යි3 නැතුව ගෝටා පරදිනව නම් පරදින්නෙ චන්ද 4 ක් මදි උනොත් විතරයි. (මයි3, බිරිද, පුතා, දුව) ඩඩ්ලි දෙන්නෙත් ගෝටට. මයි3 ට දිට්ඨ ධම්මවේදනීය කර්ම පල දීල තියෙන්නෙ. මෙයා හංසයා ගෙ පිටේ නැග්ග වෙලාවෙ ශ්‍රීලනිප ක්ෘත්‍යාධිකාරි මන්ඩලය මෙයාව පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයෙන් ඉවත් කළා. මෙතෙක් මෙයා හයිජැක් කරගෙන දරපු ශ්‍රිලනිප සභාපතිත්වය කොහොමත් නීති විරෝධීයි. මෙයාගෙ කුහක කමත්, ඉරිසියාවත් අහස උසට. මොනව දුන්නත් මෙයාට හිත හදා ගන්න බැහැ මෙයා දරන තනතුර රාජපක්ෂ කෙනෙකුට දෙන්න. අනික් අතට මෙයා මොන බයිලා ගහගෙන ආවත් මහින්ද මෙයාව ලං කර ගන්නෙ නැහැ. හිටං ට දැං යන්න තැනක් හොයා ගන්න කාලෙ හරි. ගිහිං කරපු පව් ගෙවෙන්නත් එක්ක පිං අතේ වැඩක් බලා ගත්තොත් හොදයි. ඔය කුහක කම අරින්න මහවැලි ගගේම වතුර ගෙනාවත් මදි වෙයි.

  3. Think Tank says:

    Pressure from Batakola Aachchcie must be very strong.

    That old rag is completely anti-national and anti-Buddhist.

    • Rata Wenuwen says:

      කොන්දටත් පොල්ල කෙලින්කර ගන්න හොඳම වේලාව, බටකොල ආච්චිත් කෙලින්වූ පොලුවලට කැමතිවෙයි

  4. sama says:

    Too late , should have done long before

  5. Nawodhi says:

    Bus conductor is now in-charge of SLFP.

  6. රන්බණ්ඩා says:

    හුජ්ජ කොල්ලා කාලෙ ඉඳන් දේශපාලනය කෙරුවලු.
    එහෙව් එකාට රනිල් කියන පරයා එක්ක හවුලේ රටක් කොරන්නට බැරි බව නොතේරී නොව, කොරන්නට ගියේ රාජපක්ෂගෙන් පළිගන්නටමය.
    පරයාගේ රැළට අහුවුණු මේ මෝඩයා සියතින්ම අත්තටුද කපා ගත්තේය.
    දැන් කොරන්නට දෙයක් නැත. පෙරහැර අවසානයට ලඟා වී ඇත.
    සිරිසේන පටන්ගත් තැනම වූයේ පළිගැනීමේ චේතනාවන්ම හේතුවෙන් එහි කර්මඵලයන්ට දැන් ඔහුට මුහුණදීමට සිදුව ඇත.
    අවසානයේ මුන් දෙන්නාගේ බලුපොරය හේතුවෙන් මුළු රටම අරාජික වී ඇත.
    ඉඳින්, මේවරනම් රටට ආදරැති ජනතාව වගකීමෙන් යුතුව තම නායකයා තෝරා පත්කරගත යුතුවම ඇත.
    එසේ නොවුනහොත් රනිල් ඇතුළු මේ කැණහිල් නඩය බටහිර පරයන්ගේ උදව්වෙන් සිංහල බෞද්ධයාගේ සියලු උරුමයන් විනාශකර දමන්නේය.

Leave a Comment

Main News