ජනපති මෛත‍්‍රී ශ‍්‍රීළනිප නායකයා ලෙස පිලිගන්නවාද.. නැද්ද.. – අධිකරණයේ සාක්‍ෂි දෙන්න ශ‍්‍රිලනිප ඔබට අවස්ථාව..

December 24, 2016 at 2:10 pm | lanka C news
ජනපති මෛත‍්‍රී ශ‍්‍රීළනිප නායකයා ලෙස පිලිගන්නවාද.. නැද්ද.. – අධිකරණයේ සාක්‍ෂි දෙන්න ශ‍්‍රිලනිප ඔබට අවස්ථාව..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරය ලෙස පිලිගන්නේද නැද්ද යන් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සාක්‍ෂි ලබා දීම සදහා කැමැති ශ‍්‍රීලනිප සාමාජිකයින්ට ඒ සදහා අවස්ථාව ඇති අදාල නඩුවේ පැමණිලිකාර නීතිඥ සමාගම නිවේදනය කරයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණවට ඉදිරිපත් වන අවස්ථාවේ ඔහුගේ ශ‍්‍රීලනිප සාමාජිකත්වය අහෝසි කර තිබූ බවත් ඔහු තරග කරුනු ලැබුවේ ශ‍්‍රීලනිප ආපේක්‍ෂකයාට විරුද්දවත් නිසා ශ‍්‍රිලනිප නායකත්වය දැරීමට ඔහුට අයිතියක් නැතැයි අදාල නඩුවේ පැමිණිල්ල කියයි.

කොළඹ 10 ටි බි ජයා මාවත, අංක 307 දරන ස්ථානයේ පිහිටා ඇති පිලිගත් දේශපාලන පක්ෂය , එහි විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව අරභයා කොළඹ දිසා අධිකරණයේ අංක DSP/156/2016 දරණ නඩුව පවරා ඇත්තේ එකි නඩුවේ පැමිණිල්ලේ එන ආයාචනයට, එකි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ, එහි විධායක කාරක සභාවේ හා හෝ සමස්ථ ලංකා කාරක සභාවේ කිසියම් අයෙකුට එකී නඩුවට ඇතුලත්ව වී පක්ෂව හෝ විරුද්ධව කරුණු කීමට හැකිවන පරිදි, සිවිල් නඩු විධාන සංග්‍රහයේ 16 වන වගන්තිය යටතේ, මෙම ප්‍රසිද්ධ දැන්වීම පලකොට ඇත.

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් තරග කල බවත් ඊට විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීමට එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛව සන්ධනයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වූ බවද සදහන් කරන පැමිණිලිකරුවන් එම ජනාධිපතිවරණයේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛව සන්ධාන අපේක්ෂකයා පරාජයට පත්ව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් වු පසු තමා පරාජය කල පක්ෂය සහ එහි නායකත්වය ලබා ගැනිම අභියෝගයට ලක් කරමින් මෙම නඩුව අධිකරණය හමුවේ ගොනු කර තිබේ.

මේ සම්බන්ධයෙන් එම සමාගම විසින් පල කර ඇති පුවත්පත් දැන්වීම පහත දැක්වෙයි.

19 views

6 Comments to “ජනපති මෛත‍්‍රී ශ‍්‍රීළනිප නායකයා ලෙස පිලිගන්නවාද.. නැද්ද.. – අධිකරණයේ සාක්‍ෂි දෙන්න ශ‍්‍රිලනිප ඔබට අවස්ථාව..”

  1. asaranaya says:

    ආප්ප නියාමයෙ( Theory ) ආචාරියාට මොන සභාපතිකමක්ද

    • Micro Man says:

      එකෙන්ම..

      අපි නම් මෙයා නිකම්ම නිකං පඹයෙක් විතරයි.

  2. Yahapala says:

    කව්ද දන්නේ, දිනුවට පස්සේ අලුතින් සාමාජීක වෙලා, සබාපති උනාද කියලා. මෙයා ඕකට ගැටයක් ගහල ඇති. එතකොට ඔය නඩු ඉවරඊ.

  3. Dickie Bird says:

    Muuuuuuuuuuu Hansayage sabapathi……ශ‍්‍රීළනිප නායකයා ලෙස පිලිගන්න behe.

  4. prasanna says:

    ශ‍්‍රීළනිප නායකයා ලෙස පිලිගන්න behe

  5. upali Sedere says:

    Kisisethma piligatha nohaka. Sri Lanka nidahas paksaye api jandhipathi waranye chanday dune Ape apekshaka Minda Rakapakshta misa Mithripalal Sirisena to nowe. Ohuta Pakshaye chandayak nometha

    Our SLFP Candidate was Mr. Mahinda Rajapakse and not Maithripala sirisena. We never voted him to power. Therfere he cannot be the leader of SLFP. He left the party and contexted on his on against the SLFP/ Sanadanya.

Main News