ජනපති මෛත්‍රී හම්බන්තොට වරාය විකිණීම හරියටම හරි.. රවිගේ විශ්වාසභංගයට ආණ්ඩුවේ ඇමතිලා ඡන්දය දීම වැරදියි..- චමල් මනරම් දෙසුමක
August 8, 2017 at 10:14 pm | lanka C news
‘1956 දි බණ්ඩාරනායක මහතා තම පියා සමඟ එකතුව එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සඝ වෙද ගොවි ගුරු කම්කරු බලවේග හරහා ප්රගතිශීලි ජනතාවට නායකත්වය දෙමින් එදා ශ්‍රීලංකා නිදහස් පක්ෂය බිහිකලා, එදා එසේ කලේ එජාපයේ ප්‍රතිපත්ති හරහා මේ රටේ ජනතාවට එජාප ආණ්ඩුවක් යටතේ නියම නිදහසක් භුක්ති විදිමට නොහැකි වූ නිසා’ යැයි ඊයේ චමල් රාජපක්ෂ හිටපු කතානායකවරයා වැලිගම ආසනයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන දේශනය කරමින් පැවසීය.
‘බණ්ඩාරනායක මහතා ශ්‍රිලනිප ආණ්ඩුව යටතේ ත්‍රිකුණාමල සහ කටුණායක තිබු බ්‍රිතාන්‍යයේ හමුදා කදවුරු වහාම ඉවත් කොට වරාය ගුවන් තොටුපොළ ජනතාව සතු කරමින් ආරම්භ කල වැඩපිළිවෙළ අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක මැතිනිය සුද්දා සතුව තිබු අපේ ජාතික සම්පත් සියල්ලම මේ රටේ ජනතාවට මෙන්ම අනාගත පරම්පරාවට හිමිකර දුන්නා.
77 බිහිකළ එජාප ආණ්ඩුව පලවා හැරිමට එදා මහින්ද රාජපක්ෂ පාද යාත්‍රා, ජනඝෝසා ඇතුළු වැඩසටහන් මෙහෙයවමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ නැවත ශ්‍රිලනිප ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කලත් ඇය විසින් එජාපයේ පුද්ගලිකරණය වැඩපිළිවෙළ තවත් ඉදිරියට ගෙන යමින් කොළඹ වරාය පර්යන්තයක් බදු දීම හරහා ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන රාශියක් පෞද්ගලිකරණය කලා.
ඒත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පැමිණ පෞද්ගලිකරණ වැඩපිළිවෙළ නවතා දැම්මා පමණක් නොව නැවත රක්ෂණ සංස්ථාවවැනි ආයතන ජනතාව සතු කලා, එදා සුද්දාගේ කාලයේ සිට අවශ්‍යයි කියා තීරණය කොට තිබු සේද මාවත ඔස්සේ වැටි තිබු හම්බන්තොට වරාය ඉදිකිරීම ආරම්භ කොට ජනතාවට බාර දුන්නා, එය මේ රටේ අද ජීවත්වන ජනතාවට පමණක් නොව මතු ඉපදෙන පරම්පරා ගනනාවකට උරුම ජාතික සම්පතක්.
ඒත් 2015 ජනවාරි 8 වෙනිදා එක්සත් ජාතික පක්ෂය විසින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා එජාපය ප්රමුඛව ඔවුන්ගේ ඡන්දය ලබාදි ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්තා.අපි එතුමාට ඡන්දය දුන්නේ නැහ, මම අහනවා මෙතන් ඉන්න අපේ ශ්‍රිලනිප පාක්ෂිකයින්ගෙන් ඔහුන් ඡන්දය දුන්නා ද කියලා, ඡන්දය දුන්නේත් නැහ. එහෙනම් එතුමාට ඡන්දය දුන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලට විරුද්ධ උදවියයි. ඒ අනුව එතුමා විසින් හම්බන්තොට වරාය විකිණීම සාධාරණයි, මොකද එජාපයේ ජනාධිපතිවරයා එම පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල යුතුයි.
ඒත් 2015 අගෝස්තු 18 වෙනිදා මහා මැතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්රමුඛව ශ්‍රිලනිප රජයක් බිහිකොට බණ්ඩාරනායක ප්‍රතිපත්ති නැවත ක්‍රියාත්මක කිරිමට ජනතාව ඉදිරියට ගොස් ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුව පැමිණ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ ඇමතිකම් ලබාගෙන එජාපයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිම සදාචාරත්මක නැහ.
අද රවි කරුණානයක හිටපු මුදල් අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ ගෙන එන එක නෙවි මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට ගිය අය කල යුත්තේ, ඔහුන් වහාම තවත් ඔය ආණ්ඩුවේ නොසිට පොදු විපක්ෂයට පැමිණ එජාපයේ ආණ්ඩුවේ මැති ඇමතිකම් අත්හැරිමයි. එසේ නැතිව ඒ ආණ්ඩුව තුල සිටගෙන මුදල් ඇමතිට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒම ජනතාව මුලා කිරිමකි එය බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලට එරෙහිව යෑම’ යයි චමල් රාජපක්ෂ හිටපු කතානායකවරයා වැඩි දුරටත් පැවසීය.
චමල් මහතා මොනවාද මේ කියන්නේ ? පුදුමයි මොහුට අමු කැවිලද ? හම්බන්තොට වරාය විකිණීම හරි කියන්නේ කෙසේද ?
දැන් මහලු වයසට මොලේ කොලොප්පන්ද ? මේ රටේ දේශපාලකයින් දෙපැත් නයි වගෙයි ,,විශ්වාස කල නොහැක
රාජපක්ෂලා සහ ඇලෝසියස්ලා අතර මොන යාළු මිත්‍රකම් තිබ්බත්, අපට වැඩක් නෑ. මේ විශ්වාස භංගයට රාජපක්ෂලා අත්සන් නොකලොත්, ඡන්දය නොදුන්නොත්, රාජපක්ෂලාගේ දේශපාලන අනාගතය එතනින්ම ඉවරයි. ඒක මතක තියාගන්න.
Use your brain to understand what is he says
Liyala thiyena de hariyata kiyawala therum ganna.
වාසනා ලිපිය කියවල බලපන් වලං කඩේට පැනපු ගොනා වගේ හැසිරෙන්නේ නැතිව
අමු කැවිලා ඇත්තේ ඔයාට,කියපු දේ හොඳින් අද්‍යනය කරලා තේරුම් ගන්න,..
Vasana, thamunta 5 vasare daruwekuta tharamvath molayak na kiyala ratama danagana kaliyen oya moda comment eka delete karaganna. Mokada sarala sinhala kiyava awaboda kara ganeeme hakiyava obata natha.
අැත්තනෙ. රනිල්ලා පත්කොර ගත්ත සිරිසේනගෙ අාණුඩුවෙ ඉදන් රවිට විරැද්ධව චන්දෙ දෙන එක වැරදි තමය්.
Vasana didn’t understand what he said. Read the article carefully again and try to understand before writing comments
චමල්ගේ තාත්තා බණ්ඩාරනායක උන්නැහේ එක්ක ගියා නෙවෙයි විපක්ෂෙට. හවසට අඩියක් ගහලා පාර්ලිමේන්තුවට එද්දි ඒ වෙලාවෙම තමයි බණ්ඩාරනායක උන්නැහේ පැත්ත මාරු කරලා අනික් පැත්තෙ ඉඳගත්තේ. වෙරි පිට ඩී ඒ උන්නැහේ පස්සෙන් ගිහින් විපක්ෂේ ඉඳගත්තා.
Vasana ta Chamal Rajapakse mahathaa kiyapu de hariyata therilaa nehe. Read again. Try to understand what he says.
හරියට article නොකියවා මුල් කියමන පමණක් කියවා ලියු comment එකට ගරු චමල් මහතාගෙන් සමාව යදිමි
එය පැහැදිලි කර දුන් සැමට මගේ ස්තුතිය
චමල් රාජපක්ෂ මැතිතුමා කියා ඇති දේ තේරුම් නොගෙන අර්ථ කථන නොකරන්න. එජාපයේ ජනපති සිරිසේනයි. එජාපයේ ප්‍රතිපත්තිය ඔහු ක්රීයාත්මක කිරීමට බැදී සිටිනා. ඔහු රනිල් වික්‍රමසිංහගේ දාම් ඉත්තෙකි. ඔහු සුදු හෝ රත්තරං අශ්වයෙක් නොවේ, ඔහු රනිල්ගේ රූකඩයෙකි. ජනතාව තවම හිතන් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපති රකියි කියළ. සිරිසේන රනිල්ට අවජාතවුන බූරුවෙකි. ඔහුගේ රාජකාරීය රට ජාතිය වනසන දෙස් විදෙස් සතුරන්ට සුදු හුණු ගාමින් ජනතාව ඇන්දවීමයි. බැංකු හොරුන් සුද්ද කිරීමට රනිල් සිරිසේනගේ වඟකීමක්. එය සිදු කරණවා අනිවාර්යෙන්ම.
Chamal is Quite Right