ජනපති මෛත‍්‍රී හා ඇමති එස්.බී. මැතිවරණ පරාජයට වගකිව යුතුයි..- එජපයෙන් චෝදනා

March 26, 2018 at 3:00 pm | lanka C news
ජනපති මෛත‍්‍රී හා ඇමති එස්.බී. මැතිවරණ පරාජයට වගකිව යුතුයි..- එජපයෙන් චෝදනා

පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ පරාජය වීමට වගකිවයුතු පුද්ගලයින් අතර ජනාධිපති වරයා ද සිටින බව මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිණි රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය සදහන් කළාය.

මැතිවරණයට ආසන්න දින කිහිපයේ දි ජනාදිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට දැඩි ප‍්‍රහාර එල්ල කිරීම මැතිවරණයේ පරාජයට හේත වූ බව ද ඇය සදහන් කළාය.

මාතලේ දිස්ත‍්‍රික්කයේ පළාත්පාලන ආයතන පහකට අයත් නව සභිකයින් දිවුරුම් දීමේ අවස්ථාවට මාතලේ දී එක්වෙමින් මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමෙන්තු මන්ත‍්‍රි රංජිත් අළුවිහාරේ මහතාගේ පක්ෂ කාර්යාලයේ දී ඇය මේ බව සදහන් කළාය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද කියා සිටියාය.

‘කැත්තේ තියාගත්ත මාලූ කෑල්ල වගේ ජනාධිපති තුමා උදේ හවා එක්සත් ජාතික පක්ෂය පතුරු ගහන එක තමයි කළේ.

අපි යහපාලනයක් විදිහට එක ආණ්ඩුවක් විදිහට යනවා නම් අපි පක්ෂ දෙකකට බෙදිලා මේ ඡුන්දේ ඉල්ලූවත් යුතුකමක් හා වගකීමක් තිබුනා පක්ෂයේ නායකත්වය හැටියට මේ පක්ෂ දෙක විවේචනය කරගන්නේ නැතිව යන්න.

නමුත් අපි බොහොම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා මොනම වෙලාවක වත් ජනාධිපතිතුමා විවේචනය කළේ නැහැ. මෙන්ම මේ තත්ත්වයත් අපේ ඡුන්ද ප‍්‍රතිඑලයට බලපෑවා.

අනිත් කෙනා තමයි එස්. බි. දිසානායක මහත්තයා එයත් මේ මැතිවරණය පරාජයට වගකියන්න ඕනේ. අද රජයේ මුදල් විශාල ලෙස අවභාවිතා කරන පුද්ගලයෙක් තමයි සමෘද්දි නියාමක කියන්නේ ගොවිනියාමකත් එහෙමයි. එවුන් ගෙන ගිය ඡුන්ද ව්‍යාපාරය මේ කවුරුත් දැක්කේ නැහැ. අපි දැක්කා අපේ ගම්වල සමෘද්ධි නියාමක ගොවිනියාමක මැතිවරණයට අන්තිම දවස් කිහිපයේ එලියට බැස්සා. සමෘද්ධි නියාමකගේ වසමේ නොසඅදු කි දෙනෙකුට සමෘද්ධිය දී ලා තියෙනව ද මේවා එයාගේ ගෙදරින් ගෙනාපුවා නෙමේ ඒ වගේම අම්මා තාත්තගේ බුදලෙත් නෙමේ.

මේ මුදල් අහිංසක මහජනතාවගෙන් ගත්තු බදු මුදල් මේවා තමයි ඔවුන් තමන්ගේ හිතවතුන්ට දිලා තියෙන්නේ. අපි අද කනගාටුවෙනවා මුදල් අවභාවිත කරුපු එක සමෘද්ධි නියාමක කෙනෙක් එහා වසමකින් මෙහා වසමකට මාරු කන්න බැරිවෙලා තියෙනවා. රජයේ මුදල් අවභාවිත කළා කියලා නීතියෙන් දඩුවම් දීම කෙසේ වෙතත්. ඒ නිසා මේ ඡන්ද ප‍්‍රතාඑලයේ වගකීම එස් බී දිසානයක ඇමතිතුමත් භාරගන්න ඕනේ.

අද වැරදි කරපු පුද්ගලයොම අපිට චෝදනා කරනවා විශ්වාස භංග ගේන්න හදනවා සමහර අය. මේ ඡන්ද ප‍්‍රතිඑලේ මහජනතාව දීලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙනස් කරන්න නෙමෙයි. ඒකට ඇගිල්ල දික්කරන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් , ඒකාබද්ධ විපක්ෂයටවත් අයිතියක් තියනවා කියලා මම හිතන්නේ නැහැ. ලග්ගල නම් මැතිවරණයට අන්තිම දවස් ටිකේ ගෙවල්වලට ඇවිත් රුපියල් පන්දාහා ගානේ බෙදුවා ගොවිනියාමක හා සමෘද්ධි නියාමක හරහා. මෙන්මේ තත්ත්වය මැතිවරන්‍ය පරාජයට බලපෑවැ කියලා මම තමුන්නාන්සේලාට කියනවා’’ යැයි ද සදහන් කළාය.

– ඉන්දික අරුණ කුමාර

13 views

3 Comments to “ජනපති මෛත‍්‍රී හා ඇමති එස්.බී. මැතිවරණ පරාජයට වගකිව යුතුයි..- එජපයෙන් චෝදනා”

  1. Ruwan says:

    Yahapalanayama epa wela inne , My3 kiuwa magulak hinda nemi mokuth une ,mokada My3 kiyana ewa ahanda minisu na , degolloma ekata illuwath ochchara thami .. 😂😂😂😂

  2. බන්ඩා says:

    2015 අගෝස්තු මහ මැතිවරණෙදි 44% ක් ගත්ත එජාපය 2018 පෙබරවාරි 10 වෙනකොට 32% කට පල්ලම් බැස්සෙ රනිල් මහ එකාගෙ ගජ මිතුරැ සෙට් එක මහ දවල් කල මහ බැංකු මගඩිය සහ රටේ අාර්තිකය කාපු නිසා කියල මේ ලේ කොල පාට ගොන් ගෑනිට නොතේරෙන හැටි. රනිලට බැනල අගමැටි මාරැ කරනව
    කඩුවෙන් හොරැ කපනව කිව්ව නිසා තමය් මොඩියෙ සිරා 13% ක් වත් ගත්තෙ නැත්නම් 3%ය්.

  3. Asaranaya says:

    ඇස් බී යෝ දීපන් බොල උත්තර බය නැතුව, මේකිත් ඇනිබලා වගෙ විචාරයක් නැති එකියක්, සාරි උස්සගෙන එන කතාවලට රෙද්ද උස්සා දීපිය, දහානායක මහාතත් ඔයවගේ කතන්දර කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ

Main News