ජනපති මෛත‍්‍රී 2016දී ලොව හොදම ජනපති යයි විදෙස් අඩවියක් කියයි..

September 20, 2016 at 12:00 pm | lanka C news
ජනපති මෛත‍්‍රී 2016දී ලොව හොදම ජනපති යයි විදෙස් අඩවියක් කියයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ වසරේ ලොව හොදම ජනාධිපතිවරයා යයි විදෙස් වෙබ් අඩවියක් විසින් වාර්තාවක් පල කර ඇත. එක්සත් ජාතීන්ගේ අනුබද්ද සංවිධානයක් විසින් මෙසේ නම් කර ඇතැයිද එම අඩවියේ දැක්වෙයි.

නමුත් එම වෙබ් අඩවියේ මේ වසරේ ලොව හොදම ජනාධිපති යයි තවත් රටවල ජනාධිපතිවරැන් කිහිප දෙනෙකුම දක්වා ඇත.

ලොව ප‍්‍රකට ගාඩියන් වෙබ් අඩවියේ වෙබ් ලිපිනයට හා මුහුණකට සමාන ලෙස සකසා ඇතත් වැඩිදුර නිරීක්‍ෂණ කිරීමේ පෙනී යන්නේ එය ගාඩියන් වෙබ් අඩවිය නොවන බවයි.

අදාල වෙබ් වාර්තා  01 02 03

29 views

14 Comments to “ජනපති මෛත‍්‍රී 2016දී ලොව හොදම ජනපති යයි විදෙස් අඩවියක් කියයි..”

  1. පොලොන්නරුවේ සිඩ්නි says:

    සහතික ඇත්හ මෙන්න එතුමා රට සිග්‍රයෙන් දියුණු කල ක්‍රමය.
    සුපුරුදු ලෙස ජනාධිපති දේශනය සම්මන්ත්‍රණ . රට පුරාම පවත්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂටත්, බැසිල් රාජපක්ෂටත්, රජයේ නිලධාරින්ට සහ සමාජයටත් දොස් කියමින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට නොව කාර්යක්ෂමතාවය බිඳ දැමීමට හේතුවන කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා නොදැනීම කරගෙන යන දේශන පුදුම සහගතය,.
    නව රජයේ වැඩපිළිවෙළ හෝ මෛත්‍රී පාලනයේ ප්‍රතිපත්ති හරහා රට ගොඩ නගන ආකාරය හෝ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට හෝ කිසිම විසඳුමක් එම කතාවල අන්තර්ගත වී නොමැත
    එක වචනයක් වෙනුවට සමාන වචන 20 ක් පමණ කියමින්, සහභාගී වන්නන් පැය ගණන් බඩගින්නේ තබමින්, නීරස දේසනා පැවැත්වීම සැබැවින්ම මානසික විකෘතියකි. මුලදීම ප්‍රතිකාර ගත්තේ නම් මනෝ චිකිත්සන ප්‍රතිකාර ක්‍රමයකින් සුව කර ගත හැකි තත්ත්වයක් වුවද ජනාධිපති වීමෙන් පසු ලෙඩේ සහලවා ගොස් තිබේ.
    නමුත් ඇත්තවශයෙන්ම රජයේ සහ අමාත්‍ය මණ්ඩල ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා නොදැන මෙවෙනි කටයුතු සිදුවීම හාස්‍යට ලක්වන අතර අවසානයේ සියලුම වැරදි ජනතාව පිටින් යැවීම ජනාධිපතිවරයාගේ උපක්‍රමයකි,

  2. ගුරුලු ගෝමි says:

    රටේ නායකයා ලෝකය රවටා ඇත , තම රටේ පොදු ජනතාව රවටා ඇත, තම රටේ ප්‍රධාන ආගම වන බුද්ධගයාව ඇතුලු සෙසු ආගම් රවටා මෙන්ම එම ආගම් නායකින් එනම් මල්වතු අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිවරුන ඇතුලු සියලු ආගම් නායකයින් ගොනාට අන්දවා ඇත ලෝක පූජිත ශුද්ධවූ ජුවාම් පාප්වහන්සේද ඇතුලුව,
    තමාට ගමේ ග්‍රාමසේවක තනතුර ලබාගැනීමේ සිට ජනාධිපති පුටුව ලාබාගැනිමට අවශ්‍ය ජාතියේ මහා පාවාදීම කරන තුරු තමුන් ඔසවා තැබූ සමස්ථ ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින් මෙන්ම තමන්ගේම පක්ෂය සහ එහි නායකින් කෘර ලෙස සහ ඉතා අමානුශික ලෙස රවටා පවාදිම සිදු කොට ඇත ,
    එතනින් නොනැවති ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින්ගේ සදාකාලික පොදු සතුරා සමඟ එකතු වී එදා බණ්ඩාරනායක ශ්‍රීමතානන් මේ රටේ සඝ වෙද ගුරු ගොවි කම්කරු යන පoච මහා බලවේගය එකතුකොට ගොඩනැගූ මහා ජාතික බලවේගය විනාශ කොට අපේ මව්බිම යූ එන් පී එකේ පරදේශී ආක්‍රමණයට නතු කරමින් සිටින මහා පාපතර මිලෙච්ච අවස්ථාවක මේක ,

  3. පක්ෂයේ ආරි says:

    1977 එක්සත් ජාතික පක්ෂය 6/5 බලයක් ලබාගෙන ශ්‍රීලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති කම ලබාගෙනත් JR ජයවර්ධන ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික වියාපාරය මේ රටේ සහමුලින්ම විනාශ කරන්න බැරිවුණා,
    එත් අද අවාසනාවක මහිම වර්තමාන එක්සත් ජාතික පක්ෂය අගමැති, ආසන 106 ක් අරගෙන සුලුතර ආන්ඩුවකින් මුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික වියාපාරය මේ රටේ සහමුලින්ම අතුගා දැමිමට කටයුතු කිරිමට වැඩපිළිවෙළක් සූදානම් කොට ඇත .
    මෙහි සම්පූර්ණ කොන්ත්‍රාත්තුව බාරගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසින් කුලියට ගෙන ඔහුනගේ ඡන්දය ලබාදී ජනාධිපති කල මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසිනි ,
    මේ සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිම කෙනෙකුට නොතේරෙන අන්දමින් ඔහු එම වැඩපිළිවෙළ ඉතාම සූක්ෂම අකාරයට කරගෙන යයි , ඔහු විසින් තම පැරණි පාක්ෂිකයින් ඇතුළු සියලු දේශපාලන නායකයින් ඔහුන්ගේ පොදු ප්‍රතිවාදියා වන යූ එන් පී එකේ දo ගෙඩියට සීනි බෝල ටොපි චොකලට් වැනි ඇමතිකම් තනතුර හා නම්බුනාම දෙමින් දක්කමින් පවතී ,
    මේකට තමා කියන්නේ යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය කියාලලු ,

  4. ගාමිණී says:

    sustainable development යනු දරාගත හැකි සoවර්ධන්ය, එය රටක් දීයුනු කිරීමයට අත්‍යවශ්‍යයි, එදා D S සේනානායක අගමැතිතුමා ගල්ඔය වියාපරය පොලොන්නරු ගොවිජනපද බිහිකිරීමට මුල් උනා, දීවoගත ගාමිණී දීසානායක මැතිතුමා මහවැලි සoවර්ධන්ය කලානම්, මහින්දරජපක්ෂ ජනාධිපතිතුමා අධිවේග මාර්ග ඇතිකලා වගේම ඉහළ කොත්මලේ, නොරොච්චෝලේ කරපු නිසා අපේ රට දීයුනු වුනා ,
    දැන් යහපාලන ආන්ඩුව වැඩ නොකරන්න වැඩපිළිවෙළක් හොයනවා එකට ලෙහෙසිම වචන සෙට් එක තමා පරිසර ආරක්ෂා කිරිම හා වකුගඩු පස්නය ඉස්සරහට දමමින් මොනවත් නොකර සිටිම,
    එතකොට හරි ලෙහෙසියෙන් රට දීයුනු කරපු රටට වැඩ කරපු මිනිස්සුන්ට බැණ බැණ හිටපු නායකයන්ට මඩ ගගා කයිවාරුවෙන් බොරුවෙන් ලොකු වචන සෙට් එකක් කිය කිය ඔහේ ඉන්න පුලුවන්, හැබැයි දැන් මිනිස්සු ටිකක් ගොනාට අන්දන්න බැරි බව එතුමා තේරුම් ගත්තොත් හොඳයි ,

  5. Toma says:

    Oh mama hithuwe meka Tamilnet eke thiyana news ekak kiyala.

  6. Critic says:

    Exactly Sam!He’s the biggest puppet in the South-East Asia according to my knowledge! Isn’t he?Sam.

  7. PoorCitizen says:

    If there are no other leaders??? Or Yamapalla would have selected him.

    NOTE – All other pages are with same comments.

  8. බ්‍රාපතිගේ වෛරපාල​,,, says:

    හොඳට බලාපල්ල ඕක පච රණවකයගෙ වැඩක්ද නැත්නම් දතාගෙ වැඩක්ද කියල​.බ්‍රාපතිය තුච්ච වෙච්ච වෙලාවක ඔය වගෙ එව්ව දාන්නෙ ඔය පීචමාල දෙන්නගෙන් එකෙක් තමයි ටක්කෙටම ඕං කිව්ව​.

  9. dakunehaadaya says:

    ඒ වෙබ්සයිට් එකට ගිහින් disclaimer එක කියවන්න කොත්තමල්ලි කෝප්පයක් බොන ගමන්.. හි.. හි.. හි..

    https://theguard1an.com/disclaimer/

  10. Dickie Bird says:

    Moo ta Ang thattu kiyak bata hiren thiyanna hadanawada lankawe minissunge support eka labaganna.
    Lankawe nam dan modayan geth mola paadila.

Main News