ජනපති යාපනයේ.. ජනාධිපතිවරණ යහළුවන්ට එරෙහිව අධිකරණ නියෝගයක්..
October 14, 2017 at 1:20 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අද (14) දින යාපනය සංචාරය අතරතුර විරෝධතාවන් නොපැවත්විය යුතු ස්ථාන කිහිපයක් හා දේශපාලඥයින් කිහිප දෙනෙකුට විරෝධතා තහනම් කරමින් යාපනය පොලීසිය විසින් අද අධිකරණ තහනම් නියෝගයක් ගෙන ඇත.
මේ අනුව යාපනය අධිකරණය අසල ,යාපනය හින්දු විද්‍යාලය අසල හා යාපනය ආණ්ඩුකාර කාර්යාලය අසල කිසිදු විරෝධතාවක් සිදු කිරීමට නොහැකි අයුරින් යාපනය පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ගෙන ඇත.
ඊට අමතරව අදාල විරෝධතාවන් වෙනුවෙන් දේශපාලඥයින් වන එම්.කේ. සිවාජිලිංගම්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සුරෙස් ප්‍රේමචන්ද්‍රන් ඇතුලු පිරිසකට සහභාගී වීමට නොහැකි වන අයුරින් අධිකරණ තහනම් නියෝගය ගෙන ඇත.
මේ අතර ජනාධිපති තුමන්ගේ යාපනය සංචාරය අතරතුර දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය ඇතුලු සංවිධාන කිහිපයක් විසින් යාපනයේ ස්ථාන කිහියක කලු කොඩි විරෝධවන් පැවත්වීමට තිබූ සූදානමක් හේතුවෙන් යාපනය පොලීසිය විසින් මෙම අධිකරණ තහනම් නියෝගය ගෙන ඇති බවට වාර්ථා වෙයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
විරෝධාතා පළ කිරීම තහනම් කිරීම උතුරේ වේවා දකුණේ වේවා ප්රජාතන්ත්රවාදයට එරෙහි මරැ පහරකි. අධිකරණ මේ යහපාලන ආණ්ඩුවේ රබර් මුද්‍රාවක් වීම සුදුසුද?
Come on JVP1 trying to score a point. Idiots, any Law or rule must be applied to local social dynamics. When a killer running shoot you, you can not go looking for police or courts. Stop the killer by any means.
උතුරේ විරෝධතා කරන්ඩ දුන්නානම් උඹලා ඔහොම නෙවෙයි කියන්නෙ එහෙනම් කියන්නෙ උතුරේ එවුන්ට බයයි උතුරෙ එවුන් හුරතල් කරනවා දකුනෙ එවුන්ට ගහනවා පඹ ජනාධිපති කියලා උඹලට ඕන කොටියගෙ පහනින් හරි මරාව නැවත බලයට ගෙන ඒමයි හරියට උඹලා පාට වෙනස් කරන කටුස්සෝ වගේ.
කොටි මිනීමරුවන් නිදහස් නොකරනු
බලමු දැන් සිංහලයන්ට වගේ මුන්ටත් පොල්ලේ පොලිස් කටයුතු කරනවද කියා?