ජනපති රනිල් ඇමරිකා තානාපතිට ඇමරිකා නීතිය කියා දෙයි.. ලංකාවේ ව්‍යවස්ථාව උගන්වයි..

July 23, 2022 at 10:22 pm | lanka C news
ජනපති රනිල් ඇමරිකා තානාපතිට ඇමරිකා නීතිය කියා දෙයි.. ලංකාවේ ව්‍යවස්ථාව උගන්වයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට රැඳීසිටින විදේශ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් කිහිපදෙනෙක් හමුවී තිබේ.

එහිදී ජනා‍ධිපති ලේකම් කාර්යාලයේ රැඳීසිටි අරගලකරුවන් ඉන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ යෙදවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් පැහැදිලි කර ඇත.

එම හමුවට අමෙරිකාව, කැනඩාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් මෙන්ම මෙරට යුරෝපා සංගම් කාර්යාලයේ නියෝජිතයින්ද එක්වී සිටි බව වාර්තා විය.

මෙරට නීතිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මියද අදාළ හමුව සඳහා සහභාගී වී තිබේ.

එහිදී අමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් පවසා ඇත්තේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් තමන් කණස්සල්ල පළකරන බවය.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබුණේ, අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල එරට විරෝධතාකරුවන් පිරිසකගෙන් මුදාගැනීම සඳහා අමෙරිකානු නීතියට අනුකූලව එරට ආරක්ෂක අංශ කටයුතු කරනු ලැබුවේදී මේ ආකාරයටම බවය.

ජනාධිපති ලේකම් කාර්යාලය මෙරට ප්‍රධාන පරිපාලනමය ගොඩනැගිල්ල වන අතර ඉතා වැදගත් ලියකියවිලි රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පවතින බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

එමෙන්ම 14,16 සහ 21 යන දිනවලදී විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වන ලෙස පූර්ව දැනුම්දීම් සිදුකර තිබුණද පෙරදින අලුයම 6ට එම පරිශ්‍රයෙන් පිටත්වීම ප්‍රතික්ෂේප කළ විරෝධතාකරුවන් පස්වරු 2වන තෙක් කල් ඉල්ලා සිටි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

නමුත් එලෙස දිගින් දිගටම කල් ලබාදීමට හැකියාවක් නොමැති පසුබිමක රටේ නීතියට අනුකූලව පොලීසිය සහ ආරක්ෂක අංශ යොදාගෙන විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

තමන් වැඩබලන ජනාධිපතිවරයාව සිටියදී තම පෞද්ගලික නිවස ගිනිබත් කළ අවස්ථාවේ කිසිදු පාර්ශ්වයක් ඊට විරුද්ධත්වය පළකරමින් ට්විටර් පණිවිඩ නිකුත් නොකිරීම සම්බන්ධයෙන්ද තමා විමතියට පත්වන බව ජනාධිපතිවරයා තානාපතිවරිය හමුවේ පවසා ඇත.

එහිදී කැනේඩියානු මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කළ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද සිය විරෝධය දක්වමින් නිවේදනයක් නිකුත් කර ඇති බවය.

තමා මෙන්ම මෙම සාකච්ඡාවට සහභාගී වන විදේශ කටයුතු ඇමතිවරයා ද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයින් වන අතර එය නීතීඥ සංගමයේ සමස්ත මතය නොවන බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

නමුත් එය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වත්මන් සභාපති සාලිය පීරිස් මහතාගේ මතය විය හැකි බවද ජනාධිපතිවරයා පැවසූ බව වාර්තා වෙයි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාදාමයේ සාමාජිකයෙකු ද වන තමන් සෑමවිටම කටයුතු කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූලව බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

– අරුණ

105,576 views

81 Comments to “ජනපති රනිල් ඇමරිකා තානාපතිට ඇමරිකා නීතිය කියා දෙයි.. ලංකාවේ ව්‍යවස්ථාව උගන්වයි..”

  1. Sun says:

    This is one of the worst politician in the country knows no democratic politics at all. He looted the central bank one stage to fil his pockets. Long ago he killed unarmed students by shooting the demonstrators. These idiots do not have democratic ideas other than filling their pockets as all know.

  2. Lapa kumara says:

    Hamu Mahattaya Kelinnay hadanne. Aye deal ekak gahanna one. Nathnam tyre male thamay

  3. Sunil Perera says:

    මූ හිතනවා ඇති අපේ ගොන් මිනිස්සුන්ව අන්දනවා වගේ තානාපතිවරුනුත් අන්දවන්න පුළුවන් කියලා… කැපිටල් බිල්ඩිමට ඇතුළුවුනේ , ට්‍රම්ප්ගෙ මැරයෝ… මෙතන හිටියේ නිරායුධ සාමකාමී අරගලකරුවෝ… කවුරු නැතත් රනිල් තොට ස්වභාවධර්මය හරි දඩුවම් කරයි….

    • damian says:

      රටක ප්‍රධානම​ ගොඩනැගිල්ලක් ආක්‍රමණය කළ කැරැලි කරුවන්ට ලව් කරන්නද බූරුවෝ කියන්නේ ? ඇට කටු කුඩු වෙන්න දෙන්නෙ නැතුව​.

  4. atta says:

    නීතිඥවරු අයකරන ගණන රුපියල් වලින් කීයද?

  5. David Milli-banda says:

    These Western Hyenas (US/Canada/Japan/France/UK/Japan/Australia.) hunt in packs.

    How many minutes did it take for Ranil to k/o the American Ambassador Julie Chung ? Has she now sent for the Proud Boys to defend her ?????????
    Canadian sucker who jumped in with his two cents was immediately floored.

    Ayatolla /Saleem : In Afganistan it was American mercenaries who fought there. Blackwater & others.
    They were provided by the American Defence Contractors. They got paid as well as the
    regular soldiers that were send.
    American Government paid for both.
    NO WONDER THE AMERICAN DEFENCE INDUSTIRS & CONTRACTORS GET
    FATTENED AND AMERICAN gOVERNMENT DEBT RISEN TO $ 30 Trillion

    America creates wars to to fatten defence Industries and it so happens in Ukraine where weapons are concerned. In Ukraine mercenaries fighting for Ukraine are careful as Russia too has engaged.

    • Milli,old friend(foe),even though this isnt the time for jokes,its so funny when YOU talk about western hyenas.😂
      is Kouchner doing well? seeing RW turning down those western idiots,i remembered the time when president MR rebuffed you and Kouchner…

  6. Udaya says:

    Oya hamomo twiter messages danne 🇱🇰 ta ❤ eketa newe kiyala හැමෝම understand kara ganna…Lawyer’s socity ekath hamadetama 🥴🥴oka thama…

  7. Lionel says:

    මහ බැංකුව කූඩුවේ වියස්තාව අනුවද?

    • RAGA says:

      උබේ තාත්තා වයවස්ටවට අනුව අම්මට කෙලියනම් තෝ වගේ අවලමෙක් මෙලොවට බිහිවන්නේ නැ ටුත්තෝ ,,,තෝ වගේ මෝඩ මීහරකෙක් යකෝ ,,,මෝඩ මුසලයෙක්

  8. jagath says:

    US Policy is divide and Rule ..we’ll not let that happen in Sri-Lanka . US/UK and othr European nations must saty out of SL politics ..they mst not intervene in our internals affairs

  9. Api enawaa 9 daata wahama eta pera Ranil minimaruwa illa aswenna nathi nam chandayakata yanna ona.

  10. RAGA says:

    දැන් තරුණයන්ට දෙන්න කියල වැලපෙන එවුන් හිතපල්ලා ලෝකයේ ඉන්න නායකයන්ගෙන් 90% කම නාකි කියල ඇමරිකාවේ හිටපු ට්‍රුම්ප් ට 80 ය් ,බිදොන්ට 86 ය් ,,,චිනේ සිජින්ට 73 ,ඉන්දියාවේ 72ය් යකෝ වලලෙන්නේ නැතිව හිටපියව් ලප අනුර ratta බඩු දමිතා උන් හොරකන්න පටන්ගතේ අරගලයෙන් කෝටි ගණන් බලයත් නැතිව හොදට හිටි උන් අවොත් ,,,සියලු සැප විදලා ,තියෙන තැනකින් ආපු හොදට ඉගෙනගත රනිල් මහත්තයට අපෙන් ගන්න දෙයක් න යකෝ දෙන්න මිසක්

Main News