ජනපති ලොවම ගිලගත් කොරෝනාවෙන් ලංකාව බේරගත්තා..- මිහින්තලා විහාරාධිපති හිමි

June 6, 2020 at 8:02 am | lanka C news
ජනපති ලොවම ගිලගත් කොරෝනාවෙන් ලංකාව බේරගත්තා..- මිහින්තලා විහාරාධිපති හිමි

පොසොන් රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධාන කෙරෙන මිහින්තලා ආලෝක පූජාව දෙවන දින විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් (05) සිදු විය.

සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස් ආයතනය) සහ ලංකා විදුලි බල මණ්ඩලයේ සම අනුග්‍රාහකත්වයෙන් 58 වැනි වරට පිංකම සංවිධාන කෙරිණි.

ත්‍රෛනිකායික මහානායක සහ අනුනායක ස්වාමීන් වහන්සේ පෙරහරින් වැඩම කරවීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

අදට යෙදී තිබුණු “ජගත් පරිසර දිනය” නිමිත්තෙන් ජනාධිපතිතුමා මිහින්තලා රාජමහා විහාර මැද මළුවේ සල් පැලයක් රෝපණය කළේය.

ලොවම ගිලගත් වසංගතයකින් මව්බිම බේරා ගැනීමට හැකිවූවා සේම ශ්‍රී ලාංකේය නිෂ්පාදන රැසක් ඉතා කෙටි කාලයකදී රටට දායාද කිරීමට ජනාධිපතිතුමාගේ නායකත්වයට හැකි වූ බව මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළහාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පිළිගැනීමේ අනුශාසනාව කරමින් සඳහන් කළහ.

මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි විශේෂ අනුශාසනාවක් කරමින් ධීර,වීර, සූර, සාර ගුණ සමුදායකින් යුත් පාලකයෙකුට සියලු අභියෝග ජය ගනිමින් ජනතාවට සුවිශාල සේවාවක් ඉටු කළ හැකි බව පැවසූහ.

රාජ්‍ය නායකයා ආගමට, දහමට අවනතව ධර්මානුකූලව කටයුතු කරන හෙයින් අතීතයේ තිබූ සශ්‍රිකත්වය වර්තමානයේ ද ළගා කරගත හැකි බව අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක ඇත්කඳ රාජමහා විහාරාධිපති පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ කියා සිටියහ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සභාපති, අමරපුර චූලගන්ධි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය ගංතුනේ අස්සජි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය මාතලේ ධම්මකුසල නා හිමිවරු ද විශේෂ අනුශාසනා කළහ.

මහා සංඝරත්නයේ සෙත් පිරි සජ්ජායනා මැද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් මිහින්තලා පුදාබිම ඒකාලෝක කෙරිණි.

එස්.එම්. චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන අමාත්‍යවරු, ආණ්ඩුකාර මහීපාල හේරත්, දුමින්ද දිසානායක, තිස්ස කරලියද්ද, ෂෙහාන් සේමසිංහ හිටපු අමාත්‍යවරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

72 views

11 Comments to “ජනපති ලොවම ගිලගත් කොරෝනාවෙන් ලංකාව බේරගත්තා..- මිහින්තලා විහාරාධිපති හිමි”

  1. Diysena Kumaraya says:

    ෙසාවාන් දැක්ම මිට කිරිබත්ෙගාඩ ඥනානන්ද මහ රහත් හිමි
    ෙහතු අැති වුන විට ඵලය අැති වන බවත්
    හෙතු (නාමරුප) අැති විට ඵලය අැති (දුක) බවත්
    ෙහතු නිරොධ වුන විට ඵලය නිරොධ වන බවත්
    ෙහතු නිරොධ වි නැති විට ඵලය නැති බවත් කියන සම්මා දෘෂ්ටියයි
    දිනක් තරුණ ලස්සන කාන්තාවක් මම දිහා රාග සිතින් බැලුවා. ඒවිට දැක්ෙකාත් දැක්කා පමණක් සිටි මම සම්මා සංකප්ප කරුණාව මෙත් සිත හා නෙක්ඛම්මය නිසා සම්මා වාචා වලින් කථා කරා සම්මා කම්මන්ත කරා සම්මා අාජිවෙ හිටියෙ විර්යය කලා කුසල් කරන්න ෙහාද සිහියක් හා සමාධියක් තිබුනා.මෙයයි සොවාන් ඵලය සහ මාර්ගය මිට දියසෙන් ෙලෟකික දෙවල් කෙරෙහි පමණක් ෙනාව ෙලාෙකාත්තර මාර්ගයද දන්න අහිංසක කමල් හා කිරිබත්ෙගාඩ හිමි

  2. Alapaluwa says:

    KOID-19 walin rata beragatta herosla tamai Ape Party eka JJVP , niyama leadership, Harima Ugath
    No talk, only work

    1. Corona hadunama dawasakata paya 3 awwe-tiyanawa
    2. Dinakata Indiya walin anayanaya karapu pure GAWA HUJJA ponawa

    RED STAR EKATA JAYAWEWA

  3. nihitha says:

    වැරදි පෙන්නලා දෙන්න.. ජනාදිපතිතුමාව මුරුන්ගා අත්තේ ම තියන්න එපා.
    වන්දිබට්ට කම් කිරීමෙන් වෙන්නෙ අන්තිමට මහින්දට වෙච්ච දේ..

    • Opa-dupa says:

      මේ ජනාධිපති තුමාට හැකියාව තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුලෙ ඉදගෙන රටේ විනය හදන්න . අපිට ඕනෙ අපේ ලමයින් විනය ගරුකව ජීවත් කර වන්න . ඒකට ඔබ වහන්සේ ල හරි දේ අනුමත කරන ගමන් වැරදත් පෙන්නලා දෙන්න . ලාභ ප්‍රයෝජන වලට විතරක් වැඩ කරන්න එපා .

  4. කඩා වැටෙන රතු තරුව says:

    යකෝ එතකොට කණාමැදිරි එළියකින් දාහෙන් පංගු තුනකට විතර සමාන ජෙප්පන්ගෙ රතු තරුව නෙවෙයිද මේ රට කොරෝනාවෙන් බේර ගත්තෙ?

  5. නැදියවන්ගේ සිංහල මල්ලි says:

    මෙන්න මෙහෙම බෞද්ධ නායකයෙක් මහා ප්‍රතාපවත් ලෙස කටයුතු කරන එක නවත්තන්න තමයි නැදියවන් හමුවුන ජුන්ඩා මල්ලිට බාර කාර්‍යය. ඒකට දිල් කොටා ඇමෙරිකාවට ඕන දේ ජුන්ඩාට කියලා කරගන්න බස්සලා ඉන්නේ. මුන් ඔක්කෝම කරන්නේ ස්ථාවර සිංහල ආණ්ඩු මනෝ විද්‍යා මෙහෙයුම් මගින් සහ බොරු කලබල ඇති කර ජනතාව අතර අප්‍රසාදයට පත් කොට බලවත් සිංහල නායකයින්ගේ චරිත ඝාතනය කර ශක්තිමත් ආණ්ඩු පෙරලා දමා රූකඩයින් පත්කිරීමට කටයුතු කිරීමයි.

  6. ගිරිගෝරිස් says:

    දන්නෙ නැති නිසයි අහන්නෙ අපේ හාමුදුරුවනේ, ඔය කොරෝනාවට රටට එන්න ඉඩ දුන්නෙ කවුද කියලත් වදාරණවද?

    • gamarala says:

      හොදදේට හොඳයි කියන්න ඉගෙන ගනින් බූරුවෝ

  7. Saradiel says:

    පොහොට්ටුවට එන චන්දයෙන් විසාල ජයක් ලබාදී ජනාදිපති තුමාගේ ඉදිරි ගමනට සහාය දෙමු රටට ජය ශ්‍රී.

  8. david milibanda says:

    Aiyoooo these Buddhist priests repeat the same old song.
    Its time the Buddhist leave politics to Gota and they focused on propagating the Dharmaya among the people

Main News