ජනපති විදුලි රථයෙන් ගොස් මැණික් ගඟ නව පිවිසුෙම් ඉදිකිරීම් අරඹයි..

January 2, 2022 at 2:12 am | lanka C news
ජනපති විදුලි රථයෙන් ගොස් මැණික් ගඟ නව පිවිසුෙම් ඉදිකිරීම් අරඹයි..

රුහුණු කතරගම මහා දේවාලයේ මැණික් ගඟේ නව පිවිසුම් ප්‍රාකාරයේ ඉදිකිරීම් (01) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීම ජනාධිපතිතුමා, අමාත්‍ය චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මීට සමගාමීව “සුරකිමු ගංඟා” ව්‍යාපෘතිය යටතේ පරිසර අමාත්‍යාංශය මගින් ට්‍රැක්ටර් රථයක් සහ විදුලිය මගින් ක්‍රියාකරන රථයක් රුහුණු කතරගම මහා දේවාලයට පරිත්‍යාග කරනු ලැබීය.

මැණික් ගඟට බැහැර වන කැළිකසල සහ ඝණ අපද්‍රව්‍ය එකතු කිරීම සහ පරිසර හිතකාමී ආදර්ශන ව්‍යාපෘතියක් ලෙස යොදාගැනීමට මෙම රථ ජනාධිපතිතුමා විසින් බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා වෙත භාරදෙනු ලැබිණ.

අමාත්‍ය මහින්ද අමරවීර, පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

35,903 views

8 Comments to “ජනපති විදුලි රථයෙන් ගොස් මැණික් ගඟ නව පිවිසුෙම් ඉදිකිරීම් අරඹයි..”

  1. Lal says:

    හූ කිව්වේ නැද්ද??

  2. sira says:

    මන් හිතන්නේ මිට වඩා වැඩක් මෙයා දන්නේ නැහැ. අපරාදෙ අපි මෝඩයෝ උනා

  3. Asela says:

    මුන් පුදුම විදියට අන්ද විශ්වාසයට සහ මිත්‍යාවට ඇබ්බැහි වෙලා. මේවට වියදම් කරන්නේ බදු ගෙවන දුප්පත් ජනතාවගේ සල්ලි බන්. කතරගමට හම්බවෙන කෝටි ගණන් සල්ලි කෝටිපති කපුවෝ ගසාකනවා. ලංකාවේ දුප්පත්ම මිනිස්සු ඉන්නේ කතරගම.

    • John the baptice says:

      අද රට පාලනය කරන්නේ අන්ධ මිත්‍යා විශ්වාසයෙන් උමතු වූ පිරිසක් ..රට ජනතාව ආහාර නැතුව පෝලිම් වල ..අහෝ 69 ලක්ෂයක් රැවටුණු රැවටිල්ලක් ..ඒ මුදල් අපේ රටේ දුප්පත් ජනතාවගේ යහපතට කටයුතු කිරීමට තිබුනා ..දේවාලෙට ලැබෙන මුදල් බහිරවයා ගිලිනවද ? ඒවත් දේශපාලකයින්ගේ ගිණුම් වලට බැර වෙනවද ?

  4. john says:

    People have severe economic hardships today. Vegetables , fruits costs are sky high. Most children of this country do not get enough nutrition as parents cannot afford it. Yet leaders are wasting peoples money on wasteful white elephant projects like this. This action shows the ignorance of the leaders. Instead of improving agriculture, stimulating economy, job creation, etc. they are following their blind faith. It seems like leaders are frightened and are running to kovils (as shown by recent trip to tirupati) and devalas like this place with no idea really what to do.

    • ගිරවා says:

      Yes, most of them are selfish and corrupt .Infact our politicians who engage in democratic system of any institute too are selfish as hell. They can go down to any level just to satisfy themselves and their personal pleasures.They have no regards for other person’s sentiments.” Pohottuwa” ,ruling party members & Political leaders have Golden period but our people has a worst period

  5. 0.00069 BIYYO says:

    මුන් පුදුම විදියට අන්ද විශ්වාසයට සහ මිත්‍යාවට ඇබ්බැහි වෙලා. මේවට වියදම් කරන්නේ බදු ගෙවන දුප්පත් ජනතාවගේ සල්ලි බන්. කතරගමට හම්බවෙන කෝටි ගණන් සල්ලි කෝටිපති කපුවෝ ගසාකනවා. ලංකාවේ දුප්පත්ම මිනිස්සු ඉන්නේ කතරගම.

  6. Kautilya says:

    This little lad can do this type of things only

Main News