ජනපති විධායක බලය පෙන්වයි.. සීනි ටොන් 29000ක් පවරා ගනී.. සමාගම් ලයිස්තුව මෙන්න.. පිරමිඩ් විල්මාත් ඒ අතරයි..

September 1, 2021 at 10:02 pm | lanka C news
ජනපති විධායක බලය පෙන්වයි.. සීනි ටොන් 29000ක් පවරා ගනී.. සමාගම් ලයිස්තුව මෙන්න.. පිරමිඩ් විල්මාත් ඒ අතරයි..

ගබඩා තුළ සඟවා තිබියදී සොයාගත් සීනි මෙට්ට්‍රික් ටොන් 29,900ක ප්‍රමාණයක් අද (01) සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම් ක්‍රියාවලියෙන් පසු රජයට පවරා ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පවසයි.

මෙම සීනි තොගය පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අළෙවි කිරීමට සැලසුම් කර තිබේ.‍

සීනි කිලෝවකට අය කළ රුපියල් 50ක් වූ ආනයනික බද්ද පාරිභෝගිකයාට සහනයක් සැලසීමේ අරමුණින් 2020 ඔක්තෝබර් මස 14 වන දින සිට ශත 25ක් දක්වා අඩු කරනු ලැබීය. එදිනට රට තුළ තිබූ සීනි ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 88,878කි.

2020 ඔක්තෝබර් 14 දා සිට 2021 ජුනි 30 වන දින දක්වා සීනි මෙට්ට්‍රික් ටොන් 5,84,000ක් ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි. මෙරට මාසික සීනි අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 35,000ක් පමණ වේ.

එහෙත් වාර්ෂික සීනි අවශ්‍යතාව ඉක්මවමින් සීනි ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දත්තවලට අනුව අනාවරණය වී තිබේ. කෘතිම සීනි හිඟයක් රට තුළ ඇති කර, පාරිභෝගිකයා දැඩි අපහසුතාවයට ලක් කරමින් ඉතා ඉහළ මිලකට සීනි අළෙවි කිරීමේ උත්සාහයක් පසුගිය කාල සීමාව තුළ දැක ගත හැකි විය.

මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි 2021-08-30 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කෙරිණ.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කර සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ වී, සහල්, සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා බලතල ලබාදීමට ද ජනාධිපතිතුමා පියවර ගත්තේය.

සඟවා තිබූ සීනි තොග රජය භාරයට ගෙන පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් වැටලීම් සිදු කර පාලන මිලකට වෙළෙඳපොළට නිකුත් කිරිමට පියවර ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

2021-09-01 රජයට පවරාගත් සීනි තොග පිළිබඳ විස්තර පහතින් දැක් වේ

134,599 views

71 Comments to “ජනපති විධායක බලය පෙන්වයි.. සීනි ටොන් 29000ක් පවරා ගනී.. සමාගම් ලයිස්තුව මෙන්න.. පිරමිඩ් විල්මාත් ඒ අතරයි..”

  1. ඉතාමත් විශිෂ්ඨ තිරනය යක් ඉදිරියෙදි සහල් වලටත් එම තිරනයම ගන්න.

    • Ajith says:

      පොඩි මිනිස්සු තමන්ට ඇතිදේ හැකිපමනින් තවත් කෙනෙකුට පරිත්‍යාග කරමින් තවත් කෙනෙකුගේ ජීවිතය ආරක්ෂා කරගන්න උත්සාහ කරන මේ මොහොතේ ධනපතියන් අත්‍යවශ්‍ය භාණ්ඩ පවා හංගා යටිමඩි ගසා පීඩිත ජනතාවගෙන් අයුතු ලෙස ගසාකන්ට උත්සාහ කරන රටක් ලංකාව කියන්නේ. එත් අපි අපේ දරුවන්ට කියලා දෙන්නේ “ලෝකෙන් උතුම්රට ලංකාවයි” කියලා.
      එත් මේ ධනපති මංකොල්ල කාරයින්ට ආගමික නායකයින් සහ දේශපාලන නායකයින් ආශීර්වාද කරනවා!
      ඔබට කාගේ සරණක්ද ලංකා මාතා!

  2. NAK says:

    මිල වැඩි කිරීමේ අලුත්ම ක්‍රමය. 100ට දෙන්න ඕන එක 220 ට දෙන්න ඇරලා දැන් 130ට අඩු කරලා දෙනවා කියනවා.මේ මරි මෝඩ ඇමති හැත්ත හිතන් ඇති අපිත් උන් වගේ හොරෙන් පුන්නක්කු කනවා ඇති කියලා!

  3. Chathura Gunarathna says:

    yko jandhipathi widayaka bale pennuwe nathnam oya jara hatta widayaka balaya pennai. ita kalin unge thatu bassuwe hoda welawata. dan ithin oya hangan inna ewa dapiyau eliyata.

  4. Sagarika Alvis says:

    ape jandhipathi Thuma kawdath welawata thirana gaththa kenek adatt rata mehema thiyenne ekane. ethumage mole nathnam ithin ada ratt na apith na.

  5. Sunil Perera says:

    oba thuma kala dein rate janathawa araksha una. me welawe eka godk watinawa. meyala haduwe sini hangan hoda labayak ganna. dan ithin wade nawa kiyala terenawa athi. anthimata sini walin ganna hadpu labeth na sinith na.

  6. රුක්ෂාන් සිල්වා says:

    ඕකුන්ට ඔහොම කරලා මදි කරගෙන යන විදියට කරගෙන යන්නෙ නැතුව වැඩියෙන් කන්න හැදුවා සක්කිලි හැත්ත. දැන් ඉතින් සැප ඇතිනේ. ආණ්ඩු මට්ටු කරනන ආවා. රට මට්ටු කරන්න ආවා. කවුද දැන් මට්ටු වුනේ.

    • Darshana abayakoon says:

      2020 ඔක්තෝබර් 14 දා සිට 2021 ජුනි 30 වන දින දක්වා සීනි මෙට්ට්‍රික් ටොන් 5,84,000ක් ආනයනය කර ඇත. කිලොව රුපියල් 130 ගානෙ විකුනුවත් ජග මිතුරගෙ සාකුවට යන ශුද්ධ ලාභය 5,84,000*1000*65=
      රුපියල් 37,960,000,000ක්. ලක්ෂ වලින් ගත්තොත් රුපියල් ලක්ෂ 379600ක්.මේ රජයට ඍඉජුව එන්න තිබ්බ ආදායම ගජමිතුරො පස් දෙනෙක්ට බෙදල මාධ්‍ය සංදර්ශනයක් කරනව විදායක බලය පවිච්චි කරා කියලා. මෙලො දැනුමක් නැති ගොන් බය්යො ටික ඒකට හුරේ දානව.අඩු තරමෙ උන් දන්නෑ මේ කෙලින්නෙ උන්ගෙම සාක්කුවට කියල. 😁😁

  7. රංජිත් විජේසිංහ says:

    ඕකට තමා මහත්තයො ඉල්ලං කනවා කියන්නේ. ජනාධිපතිතුමාගේ දුරදක්නා නුවන නිසා ඔයින් ගියා. විධායක බලතල ඔය විදියට පාවිච්චි කරලා ඕක නැවැත්තුවෙ නැත්තන් කීදෙනෙක මඩ ගහයිද. දැන් මඩත් නෑ මඩ ගහන එවුනුත් නෑ.

  8. Darshana abayakoon says:

    අල්ලගත්ත ටිකත් රු 130ක පාලන මිලට විකුනන්න දෙනවලු. රුපියල් 50ට තිබ්බ බද්ද සත 25ට අඩු කරල රුපියල් 65ට ගෙනාපු සීනි දෙගුනයක් කරල ගජ මිතුරන්ට විකුනගන්න දෙනව හැබය් මාධ්‍ය සංදර්ශනෙ කරන්නෙ විධායක බලය පවිච්චි කරා කියල. ආන්ඩුවට එන්න තිබ්බ රුපියල් 50 කෙලින්ම ගජ මිතුරගෙ සාක්කුවට යවල ජනතාවට කියනව කැප කිරීම් කරන්න ලු.

    • Royal 82 says:

      මේවගේ දේවල් කරද්දීත් මේ වගේ ගොන් කතා කියන උන්ගේ මොලේ ගු … කන්නෙත් ගු …. සක්කිලි හැත්තෑ

      • Darshana abayakoon says:

        2020 ඔක්තෝබර් 14 දා සිට 2021 ජුනි 30 වන දින දක්වා සීනි මෙට්ට්‍රික් ටොන් 5,84,000ක් ආනයනය කර ඇත. කිලොව රුපියල් 130 ගානෙ විකුනුවත් ජග මිතුරගෙ සාකුවට යන ශුද්ධ ලාභය 5,84,000*1000*65=
        රුපියල් 37,960,000,000ක්. ලක්ෂ වලින් ගත්තොත් රුපියල් ලක්ෂ 379600ක්.මේ රජයට ඍඉජුව එන්න තිබ්බ ආදායම ගජමිතුරො පස් දෙනෙක්ට බෙදල මාධ්‍ය සංදර්ශනයක් කරනව විදායක බලය පවිච්චි කරා කියලා. මෙලො දැනුමක් නැති ගොන් බය්යො ටික ඒකට හුරේ දානව.අඩු තරමෙ උන් දන්නෑ මේ කෙලින්නෙ උන්ගෙම සාක්කුවට කියල. 😁😁

  9. රංජිත් විජේසිංහ says:

    මේ මිනිස්සුනට ඇත්තේම නැත්තේ ම්නුස්ස ක්ම මේ වගේ වෙලාවක මෙහෙම කරන්වද? දැන රටේ හැම තැනින්ම හංගපු සීනි හම්බෙනවාග මොනවා කරන්නද ඒ විදියට සිනි හංගං ඉදියේ. ඒවයේ නිෂ්පාදිත දිනයන් දැක්කම කල් ඉකුත් වෙන්නත් ලගයි. මොනවා වුනත් ජනාධිපතිතුමා ගත්ත තීරණය ගොඩක් හොඳයි. ඒකට රටේ ජනතාව හැටියට ඔබතුමාට ගොඩක් ස්තුතී.

  10. Felix says:

    The majority of these companies own by is the question?
    If they have imported more than the demand to the country as stated in the news, then the government has to answer who has approved these imports?
    The country is in a dire need of US foreign currencies. So who authorized these foreign currency payments to them?
    This all seems to be a planned game to divert the public attention and avoid the unpopularity of the government as many fools think this is a great job. Happy to see the last part of the short teledrama episode ending with cheers to the majority of fools.
    They are so cheap to touch, sugar, gas, milk powder, rice, etc common to everyone as big issues to solve while so many burning issues continue.

    • A Sri Lankan says:

      Agreed. Something is fishy here. This is very likely to generate Sugar sales and settle the Sugar import bills quickly before the exchange rate depreciates further.

Main News