ජනපති විශේෂ පිරිසක් සිහිකරයි.. අලුත් අවුරුදු සුබ පැතුම මෙන්න…

April 14, 2021 at 10:00 am | lanka C news
ජනපති විශේෂ පිරිසක් සිහිකරයි.. අලුත් අවුරුදු සුබ පැතුම මෙන්න…

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩය මෙසේය.

නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම අපේ සංස්කෘතියෙහි අගනා සම්ප්‍රදායකි.

පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවති අයහපත් සෞඛ්‍ය පසුබිම ඊට බාධා කළද, පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමට පසුබිම මේ වසරේ අප සියලු දෙනා එක්ව සකසා ගෙන තිබේ. එය අලුත් අවුරුදු උදාව දෙස මහත් උද්යෝගයෙන් බලා සිටින කුඩා දූ දරුවන්ගේ සේම සියලු රටවැසියන්ගේ ද අපේක්ෂා සැබෑවීමකි.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද අපේ සංස්කෘතික මහා මංගල්‍යයයි. රටවැසියන් එකම නැකතකට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමෙන් ලැබුවා වූ වසරේ සෞභාග්‍යය උදාවනු ඇතැයි අප සිත් සතන්හි බලවත් විශ්වාසයක් පැලපදියම්ව තිබේ.

කුඩා දරු දැරියන් උද්දාමයට පත් කරන අලුත් අවුරුදු ඇඳුම්, ආහාර පාන සහ කෙළි සෙල්ලම් දෙස බලා සිටින වැඩිහිටියන් භුක්තිවිඳින්නේ අප්‍රමාණ සතුටකි. එසේම පරිසරයේ ඇතිවන සොඳුරු වෙනස්කම් අපට කායික මානසික සැනසීම ගෙන දෙයි.

සංකීර්ණ සිතුවිලි සමග ජීවන අරගලයක නිරත වැඩිහිටියන් ඔවුනොවුන් අතර නොහොඳ නෝක්කාඩු සමනය කර ගැනීම ද අවුරුදු සමයේ විශිෂ්ට ලක්ෂණයකි.

සමස්ත ජනතාව කිසිදු භේදයකින්, වෙනසකින් තොරව සෞම්‍ය හා දැහැමි සිතිවිලි ඇතිව සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර සමග එක්වනු දැකීම මගේ අපේක්ෂාවයි.

අලුත් අවුරුදු සමයේ දූ දරුවන්ගෙන් ඈත්ව රාජකාරියෙහි නිරත හා විදෙස්ගත සැම, කරන කැප කිරීම ද මම ගෞරවයෙන් සිහිපත් කරමි.

උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමට සෞභාග්‍යය, මනා සෞඛ්‍යය සහ සතුට සපිරි සුබ අවුරුද්දක් වේවා !

– ගෝඨාභය රාජපක්ෂ

22,868 views

8 Comments to “ජනපති විශේෂ පිරිසක් සිහිකරයි.. අලුත් අවුරුදු සුබ පැතුම මෙන්න…”

  1. Sayumi says:

    ගරු ජනපතිඳුන්, අපේ අගමැති මහින්ද රාජපක්ශ මැති තුමන් ඇතුලු පවුලේ සැමටත් අප හිතවත් ජයමල් සොයුරිය, පවර් සොයුරා, රටව්‍රනුවෙන් සොයුරා, හිතවත් ආලපාලු ඇතුලු දේශහිතෛශී සියලු හිතවතුන්ටත් රටවැසි සැමටත් සතුටින් හා යස ඉසුරින් සපිරි නිදුක් නිරෝගී බවින් යුතු සුභම සුභ නව වසරක් වේවා !!!

  2. බිල්ල says:

    පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් ‘සුද්දන්ගේ නිරෝධායන නීතිවලින් බලගැන්වුන’ සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමට පසුබිම මේ වසරේ අප සියලු දෙනා එක්ව සකසා ගෙන තිබේ.

  3. අපි says:

    අනේ මුගේ නල්ල මලේ පනිවිඩේ ආපු දවසෙ ඉදන් රටට කැදත් නැ.මුටයි මුගේ ගජ මිතුරු කල්ලියටයි නම් ඖරුදු සරු ඇති.ලැජ්ජ නැතිව පිට රට මිනිස්සු ගැන් කියනවා.තොපිට හොරා කන්න උවමනාවටනේ ඒ අහඅහිංසකයන් රටවල් වල දුක් විදින්නේ .ඒ මිනිස්සුන්ගේ සාපේයී අපේ සාපෙයි බොලාට වදිනවා හෙලන දාඩිය බින්දුවක් ගානේ

    • 🤬🤬🤬🤬🤬🤬🤬🤣 says:

      @අපි
      යකෝ පඳුරක් අස්සක අඩු වයසේ වේස ගෑණියෙකුට දාව උපන් [ අපි ] කියලා ලියන තොට..
      බීපු මීහරකගෙ කිරිවල ‘ තුහ් ‘ ගුණය පෙනුනි..!

      • අපි says:

        එක එක බල්ලන්ට වහල් කම් කරපු බැල්ලියක් ගෙන් ජාතක උන උබට වහල් කමෙන් මිඩෙන්න බැ..උබේ ජාතකේම වහල් වෙල තියෙන්නෙ ඒක බොගෙ ජාතකේ වැරද්ද..බොගෙ මහ එකී වලව්වෙ කබුරලා තමයි තෝව හදා ගන්න ඇත්තේ ඒකයි මේ තෝ වගේ අංග විකල උන් බිහි වෙන්නෙ

  4. Jagath says:

    අපිට ජීවිත් වෙන්න රට ඉතුරු කරන්න කිරි පුතේ

  5. Love nature says:

    සබ්බේතියෝ විවජ්ජතෝ
    සබ්බ රෝගෝ විනස්සතෝ
    මාතේ දීඝායු අන්තරායෝ
    සුඛි දීඝායු කෝ භවා,

  6. PULATHISI says:

    අතිගරු ජනාධිපතිතුමාටත් අයෝමා මැතිණියටත් උදාවූ සිංහල සහ හින්දු නව වසර තෙරුවන් බෙලෙන් සහ සියලු දෙවි රැකවරණෙන් සියලු සතුරු උපක්රිම දුරුවූ, සියලු සම්පත් උදා කරන්නාවූ ජයෙන් ජයපිරි අසිරිමත් වසරක් වේවායි ආසිරි පතමු.

Main News