ජනපති සමග ගිය ආරක්‍ෂක රථ දෙකක් රිය අනතුරක..

July 20, 2020 at 10:40 am | lanka C news
ජනපති සමග ගිය ආරක්‍ෂක රථ දෙකක් රිය අනතුරක..

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂක රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මහරගම නගරයේ දී ඊයේ රාත්‍රිය අනතුරක් සිදුව ඇත.

එම අනතුරෙන් රථ දෙකට සුළු අලාභ සිදුව ඇතත් කිසිවකුට අනතුරක් සිදුවී නැති බව පොලීසිය සඳහන් කරයි.

ජනාධිපතිවරයා ඊයේ දිනයේ ඇඹිලිපිටියේ පැවති ජනහමුවකට සහභාගී වී නැවත එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා ඔහුගේ රථයට පසුපසින් ගමන් ගත් ආරක්‍ෂක රථ ඉදිරියෙන් මහරගම නගරයේ දී සිදු ත‍්‍රිරෝද රථයක් එකවරම හැරවීමට යාමේදී අනතුර වළක්වා ගැනීමට තිරිංග තද කිරීම හේතුවෙන් පසුපසින් පැමිණි ජීප් රථය ගැටීමෙන් අනතුර සිදුව ඇත.

ජීප් රථ දෙක සහ ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර ත්‍රී රෝද රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ.

77,678 Viewers

32 Comments to “ජනපති සමග ගිය ආරක්‍ෂක රථ දෙකක් රිය අනතුරක..”

  1. kavirathna says:

    ඉදිරියෙන් ගිය ත්‍රීවීල් රියදුරු අත් අඩන්ගුවේ.

  2. Mongala says:

    Eka paarata 90 degree wangu gahan 3 weel karayo nisa mala wadayak

  3. ktrw says:

    For U turn there should be designated spots like in the USA, Canada etc.

  4. Ds says:

    Anathurak walakwa noganimata waradikaru three week driver da?

Main News