ජනපති සමග හවුල එජපායට එපා වෙයි… 10 වැනිදාට එජාපයෙන් තනි ආණ්ඩුවක්.. ජාතික ආණ්ඩුව අවසන්..

October 21, 2018 at 9:20 am | lanka C news
ජනපති සමග හවුල එජපායට එපා වෙයි… 10 වැනිදාට එජාපයෙන් තනි ආණ්ඩුවක්.. ජාතික ආණ්ඩුව අවසන්..

ජනාධිලති ඇතුළු ශ‍්‍රිලනිපය සමග දිගින් දිගටම සිදුවන ගැටුම්කාරී තත්වය හේතුවෙන් තනි ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානමින් සිටින බව එම පක්‍ෂ ආරංචි මාර්ග කියයි.

ඒ අනුව දෙසැම්බර් 10 වැනිදා වන විට වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වී තනි ආණ්ඩුවක් පිහිටුවීම සදහා එජාපය මේ වන විටත් තීරණය කර තිබේ.

2019 වසර සදහා වන අයවැය සම්මත කර ගැනීමෙන් පසු සෙසු පක්ෂද එක් කර ගනිමින් නව ආණ්ඩුව පිහිටුවීමට එජාපය අදහස් කර ඇත.

ජනාධිපතිවරයා හා ශ්‍රීලනිපය සමග සිදුවන ගැටුම් දිගටම පැවැතීම නිමා ජාතික ආණ්ඩුවේ තව දුරටත් සිටිය නොහැකි බව එජාප මැති ඇමතිවරුන් විසින් අගමැතිවරයාට දැඩිව අවදාරණය කිරීමත් සමග මෙම තීන්දුවට එළැඹ ඇත.

එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරුන් 106ක් පාර්ලිමේන්තුවේ ආසන ඇති අතර ඔවුන් අදහස් කර ඇත්තේ මන්ත්‍රීවරු 16ක් සිටින දෙමල සන්දානය සමගින් නව ආණ්ඩුවක් ඇතිකිරීමටයි.

58 views