ජනපති සමාව ගන්න කිවුවත් රන්ජන් බෑ කියයි..

January 31, 2017 at 12:23 am | lanka C news
ජනපති සමාව ගන්න කිවුවත් රන්ජන් බෑ කියයි..

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය සමග ඇතිවූ දුරකථන සංවාදයේදී තමන් අතින් වරදක් වී ඇත්නම් ඇයගෙන් සමාව ගන්නා ලෙස ජනාධිපතිවරයා තමන්ගෙන් ඉල්ලා සිටි බවත්, ජනතාවගේ ළිං දිය සිඳෙන ලෙස පස් කැපීමට අවසර දුන් රාජ්‍ය නිලධාරිනියකගෙන් තමන්ට සමාව ඉල්ලිය නොහැකි බව එතුමන්ට දන්වා සිටි බවත් සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ, දිවුලපිටිය, අකරගමදී එහි ප්‍රාදේශීය ලේකම්වරිය සමග ඇතිවූ දුරකථන සංවාදයකදී ඇතිවූ වචන හුවමාරුව පිළිබඳව‘ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙම මාධ්‍ය හමුව මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී පැවැත්විණි.

‘දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය සමග ඇතිකර ගත් ගැටුම කුමක්ද? එහිදී මා අතින් වරදක් සිදුව ඇත්නම් ඇයගෙන් සමාව ඉල්ලා එය සමථයකට පත්කර ගන්නා ලෙස මා අමාත්‍ය පී. හැරිසන් මහතාගේ රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී ජනාධිපතිතුමා මගේ ජංගම දුරකථනයට ඇමතුමක්දී ඉල්ලා සිටියා. ජනතාවගේ ළිං දිය සිඳෙන අයුරින් පස් කැපීමට අවසර දුන් රාජ්‍ය නිලධාරිනියකගෙන් සමාව ඉල්ලිය නොහැකි බව එතුමාට කාරුණිකව දැනුම් දුන්නා.

දිවුලපිටිය මගේ දේශපාලන කොට්ඨාසය තුළ සිදුවූ පරිසර හානිය පිළිබඳව පරික්ෂා කිරීමට රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු පැමිණෙන විට එහි ප්‍රධාන රාජ්‍ය නියෝජිතවරිය වන ඇයට එම අවස්ථාවට සහභාගි වීමේ යුතුකමක් හා වගකීමක් තිබුණා. නමුත් ඇය එය මගහැරියා. ඒ වනවිට අකරගම ජනතාව මෙම අනවසර පස්කැපීම පිළිබඳව ඇය පලකළ ප්‍රතිචාරයන් ගැන මා දැනුවත් කර තිබුණා. මට පමණක් නෙමෙයි, එම ජනතාව මේ අනවසර පස් කැපීම පිළිබඳව නිරන්තරයෙන් පැමිණිලි කරන විට ඇය තමන්ගෙ දුරකථනය විසන්ධි කිරීමේ ක්‍රියාදාමයකට යොමුව සිටි බව එතැන සිටි ජනතාව මට කිවුවා.

ඇය වගේම මමත් ජනතා බදු මුදලින් දීමනා ලබන දෙන්නෙක්. එහිදී රටේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාවට සවන් දිය යුතුයි. අන්න ඒ උතුම් වගකීමයි දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය පැහැර හැරියෙ. ඒ මොහොතේ මා වෙතින් පළවුණේ ජනතාව වෙතින් එතුමියගේ ක්‍රියාකලාපය අරබයා ඇතිව තිබූ කලකිරීම මිස ද්වේශයක් නෙමෙයි.

මෙම ප්‍රදේශයේ පස්කැපීම හේතුවෙන් ළිං සිඳී ජනතාව බොහෝ දුක් විඳිනවා. ඔවුන් මෙම පස් කැපීම හේතුවෙන් දිය උල්පත් සිඳීයෑම පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරිය දැනුවත් කළත්, ඇය ජනතා හඬට සවන් නොදී මුණිවත රකිනවා. ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ, ඔහුගේ පියා හේරත්, සහෝදරයා තුසිත සහ මස්සිනා වසන්ත දංගල්ල යන අය විශාල ලොරි, ටිපර්, කැටපිලර්, පස් කපන යන්ත්‍ර සහ වාහන ගණනාවක් තබා ගෙන දිවුලපිටිය ප්‍රදේශයේ විශාල පරිසර සංහාරයක් කාලයක් පුරා සිදුකරනවා. අද විශාල වශයෙන් මුදල් උපයා තිබෙනවා. ඒ පළාතේ රාජ්‍ය නිලධාරීන් ඔවුන් අල්ලා ගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් ප්‍රාදේශීය ලේකම්වරයෙක් එක් කොට්ඨාසයක වසරක කාලයක් පමණයි සේවයේ නියැළෙන්නෙ. එහෙත් මෙම ලේකම්වරිය එක දිගට වසර හතක් දිවුලපිටිය කොට්ඨාසයේ සේවය කරනවා. මෙතැන කපන පස්වලින් තමයි මුතුරාජ වෙල අනවසරව ගොඩකරන්නෙ. මෙම පස් කැපීම රටට පරිසරයට විශාල හානියක්. එය වැළැක්වීම දේශපාලඥයන්ගේ වගකීමක් වෙනවා.

විල්පත්තු වනය විනාශ කිරීමේ අපේ ඇමතිවරයා රිෂාඩ් බදියුදීන් කළේ වරදක්. එහි සිංහල පිරිසට එක හැන්දකින් සහ මුස්ලිම් පිරිසට තවත් හැන්දකින්ං බෙදුවා. මා බැඳුම්කර සිද්ධියේදී අර්ජුන් ඇලෝසියස් සහ අර්ජුන් මහේන්ද්‍ර විශාල දූෂණයක් සිදුකර යහපාලන රජයට අපකීර්තියක් ගෙන ආ බව කීමට පැකිළෙන්නෙ නැහැ.” යැයි පවසා සිටියේය.

අමිල සංකල්ප
– ADA

0 views

9 Comments to “ජනපති සමාව ගන්න කිවුවත් රන්ජන් බෑ කියයි..”

  1. බකලදාස says:

    හා හා!
    :😄

    නියමයි ගොංජො!

    🙂

    • harshana says:

      මුගේ තියෙන නුගත් කමට උගත් බුද්දිමත් මිනිස්සු පෙන්න බෑ .කතාවක් තියෙනව ඉස්කෝලේ යන කාලේ කවුද පාසලට වාහනෙකින් ආවා කියල එකේ වහලේ උඩ මලපහ කළා කියල .දන්නා කෙනෙක් ඉන්නවනම් මේකේ ඇත්ත නැත්ත හෙළි කරන්න .
      හීනමාන කාරයා ඔහොම තමයි .අනික මුගේ තියෙන නුගත් කමට තේරෙන්නේ නෑ ඒ ඒ නිලධාරියාට තියෙන්නේ ඒ ඒ බලතල කියල .

      ප්‍රාදේශීය ලේකම්ට පස් කැපීමට බලපත්‍ර දෙන්න පුළුවන් කියුබ් 25 කට පමණයි .මේ කියන පස් කැපීමට බලපත්‍ර අරගෙන තිබෙන්නේ භූවිද්‍යා හා පතල් කාර්යාලංශයෙන් එහි වගකීම තියෙන්නේ එම ආයතනයට .මු ගොන්ජා බැනලා තියෙන්නේ මේ සිද්දියට කිසිම අදාලත්වයක් නැති නිලධාරිනියකට .එතුමිය උසාවි ගිහිල්ලා මුට අපහාසයට නඩු දැම්මොත් මු ගස් .අනිවාර්යෙන්ම එතුමියට කල අපහාසයට මුට නඩු දාන්න ඕනා .
      එතුමියට මු අපහාස කළා ඇගේ නිවාසය හදන්නේ හොර සල්ලි වලින් කිව්වා රටේ ප්‍රසිද්ද මාද්‍ය මගින් මෙහෙම පෙන්වුවාම ඇයට වන පුද්ගලික අපහාසය කොපමණද ?ඉගනගෙන වැදගත් විදියට රස්සාව කරලා නුගත් මෝඩ නළුවෙක් ගෙන් මෙහෙම නොසන්ඩාල කතා අහන්නේ මොකටද ?මුලු රටේම රාජ්‍ය සේවකයෝ ගොන්ජාට සහ මුදල් ඇමතියාට විරුද්දව උද්ගෝෂණය කරන්න ඕනා

      • MAHASONA says:

        ඇත්ත කථා කිරීම ගැන රන්ජන් ඇමතිතුමාට අපේ ප්‍රණාමය
        දිවුලපිටිය දේශපාලන කොට්ඨාසය තුළ සිදුවූ පරිසර හානියට දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය වගකිව යුතුයි
        වරද කර ඇත්තේ එම දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියයි ඇයව වහාම ප්‍රාදේශීය ලේකම් ධුරයෙන් ඉවත් කලයුතුයි
        ඇය සහ ජනපති එම ගමේ සිදුවී ඇති පරිසර හානියට වගකිවයුතුයි නැවත එම ප්‍රදේශය යථා තත්වයට පත් කිරීමට වහාම කටයුතු කල යුතුයි
        https://www.youtube.com/watch?v=m2awFB5kaNg

    • ඇත්ත says:

      ජනතා අභිලාෂයන්ට පිටුපා මහජන මුදල් විනාශ කරමින් මේ ඊනියා ජාතික ආණ්ඩුව කටයුතු කරගෙන යයි. ඡන්දයෙන් පැරදුන් වුන්ට ඇමතිකම් ලබා දී විශාල ඇමති මණ්ඩලයක් ජනතාවගේ මුදලින් නඩත්තු කිරීමට සිදුවී ඇත. බැදුම්කර වංචාවෙන් විශාල මුදලක් පිල්ලි ගසා ඇත. අධිකරණය සම්බන්ධකරගෙන ඒ පිල්ලි ගැසීම වසා ගැනීමට උත්සාහ කරයි..මේ නරනාටක එළිදරව්වීම වැළක්වීමට ප්‍රධාන රංගන ශිල්පීන් 5ක් මේ ජාතික ආණ්ඩුවේ සිටී. (රජ පස් කට්ටුව)
      1. මෛත්‍රීපාල සිරිසේන‍
      2. රංජන් රාමනායක
      3. අනුර දිසානායක
      4. සුසිල් ප්‍රේම් ජයන්ත
      5.සජිත් ප්‍රේමදාස
      යමු යමු ඔහොම යන් කෝ……

    • alaya says:

      “ජනතාවගේ ළිං දිය සිඳෙන ලෙස පස් කැපීමට අවසර දුන් රාජ්‍ය නිලධාරිනියකගෙන් තමන්ට සමාව ඉල්ලිය නොහැකි බව එතුමන්ට දන්වා සිටි බව”
      මුට තාමත් තේරිලා නැහැ මේක එතුමියගේ රාජකාරියක් නෙවෙයි ….භූ විද්‍යා එකේ රාජකාරියක් කියන එක …….මු කොච්චර ගොං පැටියෙක්ද ?

  2. ExUNPer says:

    Even if she had done something wrong, this is not the right approach !
    Ranjan is not alone…most of our politicians use this approach leading to revenge, anger, strikes, etc all sorts of negative results.

  3. shantha dissanayake KURU says:

    janapathi hiwelek nedda macho

  4. තිත්ත ඇත්ත​. says:

    පස් කපන කොන්ත්‍රාත් එක මගේ ගෝලයෙකුට හම්බ උනේ නෑ.. ඒකයි මේ..

  5. Nana says:

    Ranjan and Palitha Thewarappeuma should be commended, these Govt Officials behave like kings infront of Public getting all the benefits from Public Money and involving in full scale corruption. Sweat talk and Yahapalanaya cant control them. THEY NEED TO BE PUT TO SHAME… AT LEAST.

Main News