ජනපති-සෙසු පක්‍ෂ යුගදනවි සාකච්චාව දැඩි උණුසුම්… එකගතාවක් නෑ.. කොළඹ රැස්වීම ස්ථිරයි..

October 29, 2021 at 9:20 am | lanka C news
ජනපති-සෙසු පක්‍ෂ යුගදනවි සාකච්චාව දැඩි උණුසුම්… එකගතාවක් නෑ.. කොළඹ රැස්වීම ස්ථිරයි..

ආණ්ඩුවට සහාය දක්වන දේශපාලන පක්ෂ 11ක නායකයන් යුග දනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ඊයේ (28 වැනිදා) රාත්‍රි පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (28 වැනිදා) සවස 5.00 ට පමණ ආරම්භ කළ මෙම සාකච්ඡාව පැය හතරහමාරක් පමණ කාලයක් පැවැති අතර ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා සහභාගි වී ඇත.

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට එරෙහිව දේශපාලන පක්ෂ 11ක නායකයන් මෙහිදී කරුණු දක්වා ඇති අතර සාකච්ඡාව දැඩි උණුසුම්කාරි ලෙස පැවැති බව ඊට එක්වූ පක්ෂ නායකයෙක් පැවසීය.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු දේශපාලන පක්ෂ 11ක නායකයන්ට අමතරව නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, දිනේෂ් ගුණවර්ධන යන ඇමැතිවරු සහ පො.ජ.පෙ. ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.

කෙසේ වෙතත් යුගදනවි ගිවිසුමට එරෙහිව පක්ෂ 11ක නායකයෝ අද (29 වැනිදා) සවස 3.00ට පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ සංවිධානය කර ඇති මහජන මන්ත්‍රණ සභා සැසිය පවත්වන බව ද පක්ෂ නායකයෝ පැවසූහ.

– Aruna

80,598 views

15 Comments to “ජනපති-සෙසු පක්‍ෂ යුගදනවි සාකච්චාව දැඩි උණුසුම්… එකගතාවක් නෑ.. කොළඹ රැස්වීම ස්ථිරයි..”

  1. Sun says:

    Worst is Basil learned dirty tricks from the American politics.

  2. calista says:

    මේ බොරු කාරයින් තවත් මගෝඩියකට අර අදිති මේ ගෙබි හැත්ත ජනතාව රැවටීමට තවත්
    උපායක් ගෙන එන්නේය බලාගාරය විකිණීමට එරෙහිවන හිවල්ලු අද උඩබුරති උන්ගේ තානාන්තර සමග දීග කමින් ජනතාවට තවත්
    කොකා පෙන්වීමකට වීරශන්යලා ඇතුලු 🐃🐖🐕🐄🐪🐗🐷🐒🐀🐃🐂🐄මේ සත්තු සෝභනයක්
    පටන්ගෙන ඇත දැන් ජනතාව ඇන්ද වීමට තොපට බැරිය

  3. calista says:

    රටේ මහා වියසනයක් සිදුවෙන අවස්ථාවේ ඔය බල්ලෝ රටේ නැත මහජනතාව දැඩි පීඩනයට
    ඇද දමා ජීවන බර හාකොරෝනාව ජනතාව මිරිකමින් අසරණ වූ අවස්ථාවේ එක බල්ලෙක්
    හිටියාද ඒ අසරණ යින් වෙනුවෙන් ගම්මන් පිලයා වැනි බලාලෝ ආන්ඩුව ට රෙදි හෝදපු
    උන්ගේ අසූචි කාපු හැටි දැන් ඔය කාවෙනු වෙන්ද
    මිනිසුනි ඥාණවන්තව සිතන්න ඔබේ දරුවා අද
    අනතුරේය

Main News