ජනපති-සෙසු පක්‍ෂ යුගදනවි සාකච්චාව දැඩි උණුසුම්… එකගතාවක් නෑ.. කොළඹ රැස්වීම ස්ථිරයි..

October 29, 2021 at 9:20 am | lanka C news
ජනපති-සෙසු පක්‍ෂ යුගදනවි සාකච්චාව දැඩි උණුසුම්… එකගතාවක් නෑ.. කොළඹ රැස්වීම ස්ථිරයි..

ආණ්ඩුවට සහාය දක්වන දේශපාලන පක්ෂ 11ක නායකයන් යුග දනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ඊයේ (28 වැනිදා) රාත්‍රි පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (28 වැනිදා) සවස 5.00 ට පමණ ආරම්භ කළ මෙම සාකච්ඡාව පැය හතරහමාරක් පමණ කාලයක් පැවැති අතර ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා සහභාගි වී ඇත.

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට එරෙහිව දේශපාලන පක්ෂ 11ක නායකයන් මෙහිදී කරුණු දක්වා ඇති අතර සාකච්ඡාව දැඩි උණුසුම්කාරි ලෙස පැවැති බව ඊට එක්වූ පක්ෂ නායකයෙක් පැවසීය.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු දේශපාලන පක්ෂ 11ක නායකයන්ට අමතරව නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, දිනේෂ් ගුණවර්ධන යන ඇමැතිවරු සහ පො.ජ.පෙ. ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.

කෙසේ වෙතත් යුගදනවි ගිවිසුමට එරෙහිව පක්ෂ 11ක නායකයෝ අද (29 වැනිදා) සවස 3.00ට පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ සංවිධානය කර ඇති මහජන මන්ත්‍රණ සභා සැසිය පවත්වන බව ද පක්ෂ නායකයෝ පැවසූහ.

– Aruna

81,326 views

15 Comments to “ජනපති-සෙසු පක්‍ෂ යුගදනවි සාකච්චාව දැඩි උණුසුම්… එකගතාවක් නෑ.. කොළඹ රැස්වීම ස්ථිරයි..”

  1. A Sri Lankan says:

    A statement from the Government justifying and clarifying reasons for this sale agreement will help it to educate the public.

    The secrecy around this and ” We Don’t Care what you think” attitude s not helping the Government…

    • NDF says:

      කෝ චීන එම්බසි එක ඉස්සරහ පෙළපාලි යනවද උපවාස කරනව ද? ඇමරිකාවට එරෙහි උනාට චීන ගූ කාලා හත්පොලේ ගාගත්ත එක වාමාංශිකයෙක්වක් කට අරින්නේ නෑ.

  2. Samarapala says:

    විමල්, දැන් මේවා අතරින් ඔයාගෙ කේන්ද්‍රීය ප්‍රශ්නය කුමක්ද ? 1) කොරෝනා , 2) රටේ ආර්ථිකය , 3) බැසිල් , 4) 2024 මහමැතිවරණය හා අගමැතිකම

  3. Kalu Albot says:

    Our Presidentakaarayaa is Always Correct. Like Mussolini He Never makes Mistakes!!

  4. දෙවන ඉනිම says:

    නැවත වටයකින් රැවටෙමු ද අපි..

  5. Amda says:

    රජය හරි මඟ ගෙනයෑමේ උත්සාහයට ස්තූතියි

  6. Ranjith Gunawaradana says:

    We are in middle of Issue of that Gas Supply contract has given to US company without Democratic procedure which accepts & recognized by whole western system of rules of governances under Public Tender process.
    US has undermined whole system of Tender of that Publics policies has been followed by since several decides of rules of IMF World Bank and ADB

  7. Ranjith Gunawaradana says:

    We are in middle of Issue of that Gas Supply contract has given to US company without Democratic procedure which accepts & recognized by whole western system of rules of governances under Public Tender process.
    By policies of economics hegemonies of that USA has undermined whole system of Tender procedure of that Publics policies which has been followed by since several decides of rules of guidelines of IMF, World Bank and ADB of that range of rules apply world-wide. The giant US GAS and Oil companies are encouraging and promoting economic vandalisms in one hand. On the hand US is country talking of so-called “good governances and rule of law” by and large US companies encouraging most corruption methodology to undemocratic shape of procedure to be installed Family Politics in FIRST Island governances. Which

  8. Ranjith Gunawaradana says:

    We are in middle of Issue of that Gas Supply contract has given to US company without Democratic procedure which accepts & recognized by whole western system of rules of governances under Public Tender process.
    By policies of economics hegemonies of that USA has undermined whole system of Tender procedure of that Publics policies which has been followed by since several decides of rules of guidelines of IMF, World Bank and ADB of that range of rules apply world-wide. The giant US GAS and Oil companies are encouraging and promoting economic vandalisms in one hand. On the hand US is country talking of so-called “good governances and rule of law” by and large US companies encouraging most corruption methodology to undemocratic shape of procedure to be installed Family Politics in FIRST Island governances. Which is against Rights of Citizens that Sovereignty of Island of
    Sri Lanka. US is not bad shape of modern history against Right of Lankans sovereignty .

  9. Power says:

    මේ රජය දාගෙන තියන ලෙඩ වල හැටියට මේක මාර්ගයට ගන්න එක නම් හීනයක්. මේකට දැන් හොඳම එකෙන් කෙලවෙලා ගිහින් තියෙන්නෙ. ඒකට මම දකින හේතුව නම්, ජනාධිපති රජය පවත්වගෛන යන්නෙ එකේක පිංගුත්තරයන්ගේ කීමට. වර්තමානයේ පවතින කාබනික පොහොර ⁣හුට පටයත් පටලවා ගත්තෙ එහෙම උන්ගෙ කීමට වැඩ කොරන්න ගිහින් තමයි. මේ වාග් පඹ රජයක් තව දුරටත් පවතින එකෙන් වෙන්නෙ රටටයි, ජනතාවටයි තව තවත් හොඳම එකෙන් කෙලවෙලා යන එක විතරයි.

  10. 69 MIN BAIYOO says:

    මහින්ද, බැසිල්, ගොඨා”‘රටට ඡාතියට ද්‍රා්හිවු ශ්‍රීලකා දේශපාලන ඉතිහාසයේ බිහිවුන දූෂිතම වංචනිකයන් වන අතර,.! හොර නඩය රටේ මිනිසුන් මුලාකරමින් ඉතාම පහත්ලෙස කුට රංගනයක යෙදෙමින් රට ඡාතිය විකිනිමට පාවාදිමට කැසකවන අතර බලකැදර කම ඉහවහාගිය මිත්‍යාදුෂඨික වහල් නරැමයන් පනනාදමා.,හෙළ ඉතිහාසයේ වංශකථාවේ අළුත්ම පරිච්චේදයට සුදානම් වනු,.!

Main News