ජනපති සොයුරු ඩඩ්ලි නුවරඑළිය ‘5 Star’ හෝටලයේ බලු සුරතලා සමඟ වේග රිද්ම රංගනයේ.. [Video]

August 26, 2018 at 10:42 pm | lanka C news
ජනපති සොයුරු ඩඩ්ලි නුවරඑළිය ‘5 Star’ හෝටලයේ බලු සුරතලා සමඟ වේග රිද්ම රංගනයේ.. [Video]

සංචාරකයන් බහුතරයක් නුවරඑළිය හදුන්වනු ලබන්නේ පුංචි එංගලන්තය ලෙසයි. ඒ එතරම්ම සුන්දරත්වයෙන් පිරි ශ්‍රී ලංකාවේ පිහිටි සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් සංචාරක මර්මස්ථානයක් වූ බැවිනි.

වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු පොලොන්නරුවේ අරලිය  සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් මීට ටික දිනකට පෙර මහා පරිමාණ සංචාරක හෝටලයක් නුවරඑළියේ නගර මාධ්‍යයේ ඉදිකල අතර වසරක් යාමට පෙර එම හෝටලය ‘තරු 5’ (5 Star)  තත්ත්වයට ශ්‍රීලංකා සංචාරක අධිකාරිය මගින් උසස් කර ඇත.

එහි ඒ සමගම සුපිරි පන්තියේ රාත්‍රී සමාජ ශාලවක් ඉදිකල අතර එම සමාජ ශාලවේ ආරම්භක දින අරලිය අධිපති ඩඩ්ලි සිරිසේන මහතා රංගනයක් ඉදිරිපත් කලේ යුරෝපයේ සිට ගෙන එන ලද මිල අධික තම සුරතලා වූ ‘බබී’ බලු පැටවාද වඩාගෙනයි.

සාමාන්‍යයෙන් මෙවන් සුරතල් සුනඛයන් සඳහා වෙනමම කාමරයක් අවශ්‍ය අතර ජර්මනියේ උෂ්ණත්වයට සමාන සෙන්ටිගේඩ් අංශක 20ට අඩු සීත තත්ත්වයක් අවශ්‍යය. එමෙන්ම සාමාන්‍යයෙන් එක් ආහාර වේලක් සඳහා ඩොලර් 5 ක් පමණ ‘බබී’ වැනි ඉහළ පන්තියේ සුනඛයෙකු වෙනුවෙන් වැය කලයුතුය.

– වීඩියෝව හා සටහන අන්තර්ජාලයෙනි..

235 views

12 Comments to “ජනපති සොයුරු ඩඩ්ලි නුවරඑළිය ‘5 Star’ හෝටලයේ බලු සුරතලා සමඟ වේග රිද්ම රංගනයේ.. [Video]”

  1. පොදු ජනයා, says:

    සරල ජනාධිපතිගේ සරල සොහොයුරුගේ සුනඛයාට රජ සැප ජනතාවට වැලේ වැල් නැහ,

  2. රතු අලි පැටියා says:

    උප්පත්තියෙන්ම පොහොසත් වූ අයට අපි අපහාස නොකරමු.

  3. Kara says:

    Dudli Sirisena 1988/1989 kalaye samanya Guwan niladariyek. Ada multi millionaire kenek. Sirisena’s Black money he still investing .

  4. siran says:

    salli hamba karanne tamange satutata wiyadam karanna tamayi.meweni wiyaparikayan nisa raekiya keeyak bihiwenawada…?

  5. polonnaruwa says:

    upathin samanya pawulaka mema minisa janathawa gasa kala. hal/rice hanganawa. podi mudalalilata wada denawa. goviyo gasa kanawa ,,gotabaya support maitre wedi bana kiyanawa horunta rahasin udaw karana. dahadiya bindak nosolwa.. ugathkamak nethi mema minisa samajaya soorakanawaa ada prakotipathiyek wela thiyenne asadarana lesa

  6. daddy boy says:

    රතු අලි පැට්ට ගෙ කතාව ඇත්ත​. එතුමන්ලා පරම්පරා ගත පෝසත්තු. අපි එතුමන්ලා යටතේ ඉන්න යටත් වැසියො. අපි වගේ ද උන්නැහැල ගෙ බලු කුක්කත් අපට වඩා වටිනව​. අයියල මල්ලිල දූල පුතාල දෙමාපිය උරුමයෙන් ලැබූ ධන්ස්කන් ධය අපවෙනුවෙන් වැය කරනව​.
    ඒ මදිද ? මට බය අපට දීලදීල එතුමන් ලා දුප්පත් වෙයිද කියල.

  7. Chandi Pora says:

    ඔන්න මිනිස්සු!ඉස්පිරිතාලෙදි මාරු වෙලා!

  8. SG JAYASENA says:

    Mr Dudly is a rich man.Dont jelaus.He is Sri Lanken.

  9. REAL MAN says:

    Moota pissuda manda…..

  10. Sadda says:

    හිගන්නගේ ඉදන් ධනපතිය දක්වා කන් හාල් කිලෝවකින් රු. 10ක් ලාභයක් ගත්තොත් මෙවැනිම හෝටල් කීයක් හදන්න බැරියැ . ඇවිත් ඉස්සරම ගැහැව්වෙ බත් පතටනෙ.

Main News