ජනපති හදිසි කැබිනට් හමුවක් කැදවයි.. හේතුව නොකියයි.. අගමැති හා ඇමති පිරිසක් රටේ නෑ..

September 13, 2018 at 8:40 am | lanka C news
ජනපති හදිසි කැබිනට් හමුවක් කැදවයි.. හේතුව නොකියයි.. අගමැති හා ඇමති පිරිසක් රටේ නෑ..

අද පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැදවා ඇත.

සාමාන්‍ය පරිදි සතිපතා පැවැත්වෙන කැබිනට් හමුව අගහරුවාදා දිනයේ පැවැත්වී ඇති අතර මෙම සතියට අදාල තීන්දු තීරණය එහිදී ගෙන තිබියදී මෙම හමුව කැදවා තිබේ.

අද කැබිනට් හමුවට සහභාගී වන්නැයි සියළු කැබිනට් ඇමතිවරුනට ජනාධිපති කාර්යාලයෙන් දුරකතනයෙන් ඇමතා දන්වා ඇතත් කුමන හේතුවක් මත කැදවන්නේදැයි දැනුවත් කර නැත.

අගමැති රනිල් වික්‍රමසිංහ හා ඇමතිවරුන් වන මලික් සමරවික්‍රම, නිමල් සිරිපාලද සිල්වා, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, සාගල රත්නායක ඇමතිවරුන් විදේශ සංචාරවල යෙදි සිටියදී මෙම හමුව කැදවා තිබීමද විශේෂත්වයකි.

15 views