ජනපති හා කෙහෙලිය මත ගැටුමකද.. ‘කරන්න බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා’ කෙහෙලිය කියයි..

November 15, 2021 at 10:26 pm | lanka C news
ජනපති හා කෙහෙලිය මත ගැටුමකද.. ‘කරන්න බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා’ කෙහෙලිය කියයි..

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු පත් කිරීමේ දී තමන් සහ ජනාධිපතිවරයා අතර කිසිදු ගැටුමක් සිදු නොවූ බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

පනතට අනුව එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කිරීමේ බලය විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන්ට පැවරී ඇති බවද පැවසූ ඔහු අදාළ නිලධාරියා පත්කිරීම් ලිපිය අත්සන් කර බාර දුන්නේ තම අත්සනින් බවද පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය පැවති මාධ්‍ය හමුවකදී ”අමාත්‍යවරයා ලෙස නිවැරදි දේ කරන්න බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා යැයි පැහැදිළිව කියන බව” පැවසූ ඔහු මෙසේද සඳහන් කළේය.

”එම පුරප්පාඩුව ඇති වූ අවස්ථාවේදී කැඳවීම් වගයක් කරලා තිබුණා. යම්කිසි විදියේ තෝරාගැනීමක් තාවකාලිකව ඉදිරිපත් වුණා. ඒක විශ්ලේෂණය කළ විට ඒ වෙලාවේ ඒ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරලා ඒ සුදුසුයි කියන නිලධාරියාගේ සුදුසුකම්වල යම්කිසි විදියක අඩුවක් පෙන්නුම් කළාට පසුව මේ ප්‍රශ්නය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරලා. මම ජනාධිපතිතුමා සමඟත් සාකච්ඡා කරලා. අපි එකඟතාවයක් එක්ක ඒ සුදුසුකම් සියල්ල තියෙන කෙනෙක් පත්කිරීමට අපි තීන්දු කළා.

ඒ විෂය සම්බන්ධව යම් යම් සුදුසුකම් තිබෙනවා. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මණ්ඩලය සහ ඇමතිවරයාගේ එකඟතාවයත් ඇතිව පත්කිරීමයි එහි තියෙන්නේ. එහි සඳහන් වෙනවා කෙසේ වෙතත් ඇමතිවරයා දෙන නියෝගය ක්‍රියාත්මක කිරීමට ඔවුන් බැදී සිටිනවා කියලා. යම් පරස්පරයක් තිබුණා ඒක මම නතර කළා”

103,794 views

9 Comments to “ජනපති හා කෙහෙලිය මත ගැටුමකද.. ‘කරන්න බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා’ කෙහෙලිය කියයි..”

  1. එදා වේල says:

    අනේ පිංසිද්ද වෙයි ඔය උද්ඝෝෂණ රැල්ල නවත්වන්න.
    ඇයි කියනවනම් උද්ඝෝෂණ වැඩි වෙනකොට ආණ්ඩුව පණබයේ අර PHI බකමූණයි,වෙල්ල-කාස දොස්තර චිංචිමානවිකාවෝ තුන් දෙනයි,පාන්ඩොකාලා තුන්දෙනයි, අනෙක් බූරු හිපාටුවොයි දම්මවලා නව-ප්‍රභේද තියරි, නව-පොකුරු තියරි,බොරු මරණ බිය ඇති කරලා නරි TV හරහා මුළු රටේම බ්‍රේන් වොෂ් කරලා රට වහනවා,දිස්ත්‍රික් අතර ගමන් වලක්වනවා.‍..දුප්පත් අපට එදා වේල නැති වෙනවා.
    ඔයගොල්ලන්ට වගේ අපිට බැංකු වල Fix Deposit නෑ, ඇඟේ සංචිත මේද තට්ටු නෑ,මාසේ පඩි පෙන්ෂන් නෑ..
    මේකේ ප්‍රගතිශීලි යයි කියාගන්නා අලිපණ්ඩිතයෝ ඔක්කම මහමොළකරු “හතා” කපන රෑ ‌වලෙයි දවල් වලෙයි කෙලවරක් නැතිව වැටෙනවා.
    (මෙය ඔක්තෝබර් මස මැද කල අදහස් දැක්වීමකි)

    • Silva says:

      එක එකා කියන විදිහට රට වහන පඹයෙකුට ඡන්දෙ දුන්නනම් විඳෝපන් දැන්.

  2. Power says:

    වැක්සීන් කාඩ්පත අනිවාර්ය කරන්න කතා කරපු මිනිහා නේද මේ..😂

  3. saman says:

    මීටත් වඩා රටට වෙන්න දෙයක් නෑ. මුන් 225 උන්ගේ නෑයොයි ඇරුනම අනිත් හැමෝම මොකක් හරි පෝලිමක ඉන්නේ, තවත් මොනවද මුන් ෆේල් කියන්න ඕනේ. හැබැයි ඉතින් අපිට ඉන්න රටක් තියනවා නේද කියලා හිතෙනකොට ආඩම්බරයි. අපිටනම් ඉතින් පලමුවත්, දෙවනුවත්, තුන්වෙනුවත් අපේ රට තමයි.

    • Jagath says:

      225 සෙට් එක රටින් පනින්න ලැස්තිවෙනවා…. 😁😁. අපිට හුලං 😥

  4. kkbandara says:

    me minisa mahajana mudal kabaseeniya kala. kalakanniyek elawa damanna. nethnam api elawannam

  5. Suguna says:

    එකපාරටම ඕස්ට්‍රේලියාව පැත්තෙන් බැල්කනියක් කඩා ගෙන වැටෙන සද්දයක් ඇහුනා

  6. 0.00069 BIYYO says:

    මීටත් වඩා රටට වෙන්න දෙයක් නෑ. මුන් උන්ගේ නෑයොයි ඇරුනම අනිත් හැමෝම මොකක් හරි පෝලිමක ඉන්නේ, තවත් මොනවද මුන් ෆේල් කියන්න ඕනේ..😂😂😂😂😂

  7. Chathura Gunarathna says:

    hari de hari widiyata wenawa nam niwaradi thirna arn rate janathawa wenuwen wada karanawa nam eka thama wenna oni.