ජනපති හා පොහොට්ටුව මත ගැටුමක.. පොහොට්ටු යෝජනා ජනපති ප‍්‍රතික්‍ෂෙප කරයි…

August 20, 2022 at 9:20 am | lanka C news
ජනපති හා පොහොට්ටුව මත ගැටුමක.. පොහොට්ටු යෝජනා ජනපති ප‍්‍රතික්‍ෂෙප කරයි…

පිහිටුවීමට යෝජිත සර්ව පාක්ෂික හෝ ජාතික ආණ්ඩුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩි ඇමැති ධුර සංඛ්‍යාවක් ඉල්ලා සිටීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර පවත්වා තිබේ.

එහිදී කැබිනට් ඇමැති ධුර හා රාජ්‍ය ඇමැති ධුර වැඩි වශයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වය පෙන්වා දී ඇත්තේ ඇතැම් මන්ත්‍රිවරුන්ට ඇමැති ධුර ලබා දීමේ යෝජනාවට දේශපාලන පක්ෂ කිහිපයක් විරෝධය පළ කර ඇති බවයි.

ඇමැති ධුර ලබා දිය යුතු මන්ත්‍රිවරු දහසයකගේ නාම ලේඛනයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබේ. එම ලේඛනයේ නම් සඳහන් නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන හා මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රිවරුන්ට ඇමැති ධුර ලබා නොදෙන ලෙස විපක්ෂයෙන් එක් වීමට නියමිත මන්ත්‍රිවරු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් ඇමැති ධුර ලබා ගැනීම සඳහා පක්ෂයක් ලෙස සාකච්ඡා කළ යුතු බවත්, තනි තනිව ජනාධිපතිවරයා සමග සාකච්ඡා නොකරන ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රිවරුන්ට දැනුම් දී තිබේ. හිටපු රාජ්‍ය ඇමැතිවරුන්ද තමන්ට රාජ්‍ය ඇමැති ධුර කඩිනමින් ලබාදෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ. ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ සමග ඉදිරි දෙසතිය තුළ ද සාකච්ඡා කළ යුතු බව ජනාධිපතිවරයාගේ අදහස වී තිබේ.

මේ අතර රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂය පථයන් මෙවර ගැසට් නොකිරීමේ යෝජනාවක්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වී තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂය පථයන් වෙන වෙනම ගැසට් කර තිබුණි.

– Aruna

64,424 views

10 Comments to “ජනපති හා පොහොට්ටුව මත ගැටුමක.. පොහොට්ටු යෝජනා ජනපති ප‍්‍රතික්‍ෂෙප කරයි…”

  1. දුක් විඳින මිනිස්සු says:

    උඹලා නිසා මිනිස්සු කෝටි දෙකහමාරක් දුක් විඳිනවා. උඹලා ඇමතිකම්වලට පොරකනවා. උඹලා විහින්ම විනාශ වෙනවා. ඔය පටන්ගත්තා විතරයි.

    • බොච්චං says:

      ඇත්තම ඇත්තයි. උන් විහින්මම උන්ව විනාශ කරගන්නවා. කල කම් පල දෙන හැට් බලාගෙන ඉමු. මුන් වැරදිලා හරි දැම්මෙ නරක සතාව.
      Set a thief to catch thiefs Or
      Fight fire with fire.
      රනිල් මයා ⁣මේ සෙල්ලම අඳිනවා ලබන පෙබරවාරි ඉවර වෙනකං. බලං ඉමු මොකද වෙන්නේ කියලා.
      පත් කළාට අයින් කරන එක ලෙහෙසි නැ මහත්තයෝ. හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙට කිව්වාළු

  2. athula says:

    මෙන්න රටේ කුසගින්න මුන්ට දැනෙන හැටි වරෙල්ලා ඕවා අරගෙන තොපි සේරම මෙදා පාර පණපිටින් වලදාන්නේ

  3. Sunil Jayatissa says:

    බොහොම හොන්දයි ජනපති. අරගල කරුවන් මට්ටු කරන ලෙසටම, කෙලින් කටයුතු කරන්න. ඔබ අවන්ක නම්, වචන දෙකක් කියගන්න බෙරි, මහ මෝඩ කපටි ‘කාක්කාට’ අයෙත් රට විනශ කරන්න දෙන්න එපා. —– මුගෙ සූත්ත්ර වලට ඉඩ දුන්නොත්, ඔයත් , රටත් දෙකම වල පල්ලට.

  4. SL says:

    රටත් ,රටේ අනාගතයත් එක්ක සූදු කෙලින බැසිල් කියන බල්ලව පන්නනු!

  5. Diesel says:

    පොහොට්ටුවේ ගතානුගතික ප්‍රතිපත්ති තමා මේ රට කෑවෙ
    එදා රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරද්දි එජාපයට රට විකුණන් කනවෝ කියල කෑගහපු උන්ට අද තේරිලා
    දැන්වත් එජාප ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක කරන්න දෙන්න නැත්තං මීටත් අන්ත වේවි රටේ තත්වය

  6. hywala says:

    අරගලයට පහර දුන් සනත් නිශාන්ත ගං කබරයාට ඇමති කං නොදෙනු.

  7. කොබෙයියා says:

    යකෝ බලං ගියාම තාම රට ගෙනියන්න හදන්නේ රටට කෙලවපු, මිනිසුන් ගේ සල්ලි හොරා කාපු ජඩ කපුටමනෙ.

  8. අපේ රට says:

    බුද්ධියට පලමු තැනදි මුන්ගේ අතිතය විමසා ඔබේ දෙශපාලන කාලය හරහා ලබාගත් පලපුරැද්ද තුලින් අරගලයේ තරැණ මතයටද නැන දි රට වෙනුවෙන් තින්දි ගන්න.

  9. Sura says:

    කාක් කාක් කියන මරි මෝඩ කපුටු නරියාව වහාම රටින් පන්නමු. මූ අපේ ඉදිරි පරම්පරාවම විනශ කරන්නයි උත්සාහ කරන්නේ.

Main News