ජනපති හා ලෝක බැංකු පිරිසක් නාගලගම් වීදියට..

November 5, 2021 at 7:16 pm | lanka C news
ජනපති හා ලෝක බැංකු පිරිසක් නාගලගම් වීදියට..

කොළඹ නාගලගම් වීදිය ජල පොම්පාගාරය අද (05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ලෝක බැංකු නියෝජිතයන්ගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම්වරයා ලෙස 2012 වසරේදී කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබීය. ඊට උප ව්‍යාපෘති 55ක් ඇතුළත් වන අතර නාගලම් වීදිය ජල පොම්පාගාරය එක් උප ව්‍යාපෘතියකි.

කොළඹ නගරය වැසි ජලයෙන් යටවීම වැළැක්වීම, වියළි කාලයේ දී ඇළ මාර්ගවල ජලය අඩු වීම නිසා සිදුවන අපවිත්‍රතා මඟහැරවීම මෙම උප ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ. තත්පරයකට ජලය ඝණ මීටර් 30ක් කැලණි ගඟට මුදා හැරිය හැකි පොම්ප පහක් සහ තත්පරයකට ජලය ඝණ මීටර් 12ක් කැලණි ගඟෙන් ඇළ මාර්ගවලට රැගෙන ආ හැකි පොම්ප දෙකක් මෙහි සවිකර තිබේ. ස්වයංක්‍රීය දොරටු දෙකකින් සහ පාලක පද්ධතියක් ද මීට ඇතුළත්ය.

සමස්ත ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 321ක් වැය කෙරෙන අතර ලෝක බැංකුව ඩොලර් මිලියන 213ක සහනදායී ණයක් ඊට සපයා තිබේ. ශ්‍රී ලංකා රජය ඊට ලබා දී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 108කි.

සමස්ත ඉදිකිරීම් ඉදිරි මාස කිහිපය තුළ නිම කළ හැකි බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා ඒ.එච්. තුෂාරි මහත්මිය ජනාධිපතිතුමා ඇතුළු පිරිසට ප්‍රගතිය සමාලෝචනය කරමින් සඳහන් කළාය.

මීට සමගාමීව තෝරාගත් ප්‍රදේශ කිහිපයක මාර්ග කිලෝමීටර් 47ක් සංවර්ධනය කෙරේ. විහාරමහා දේවී, කාක දූපත වෙරළ සහ බැද්දගාන තෙත් බිම් යන උද්‍යාන වැඩිදියුණු කිරීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් ය.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හාර්ට්විග් ෂෙෆර් (Hartwig Schafer) ඇතුළු නියෝජිතයෝ, රාජ්‍ය අමාත්‍යවරුන් වන නාලක ගොඩහේවා සහ මොහාන් පී. ද සිල්වා‍ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

39,675 views

5 Comments to “ජනපති හා ලෝක බැංකු පිරිසක් නාගලගම් වීදියට..”

  1. Saman says:

    මූ හොදයි නගරසභාවකට

  2. Jayanath says:

    අනිවාර්යෙන් වෙන්න ඕන දෙයක්. කට්ටිය ඉතින් ඕකටත් කුණු කතාවක් කියනවම තමයි.

  3. සාටක සුනඛයා says:

    මේ කාලකන්නි කරන්නේ …රටම බංකොලොත් කරලා හොරා කරලා….ඊට පස්සේ අපේ මිනිස්සුම පෙන්න පෙන්න…ලෝකෙ වටෙන්ම සල්ලි එකතු කරලා ඒ ටිකත් හොරා කන එක ….යුඑන්පී කාලේ මහ බැංකුවට වැඩේ දුන්නා..පට්ට හොරා බැසිල් රාජපක්ෂ මුදල් ඇමති වුණා ….ජෙප්පො ටික කැටවල මිනිසුන්ගෙන් සල්ලි හූරගෙන අරන්..උන් ගෙවල් දොරවල් ගත්තා පිටරටවල් වල ගෙවල් දොරවල් ගත්තා උන්ගෙ ළමයි පිටට යැව්වා ….මුන් සේරම එකෙක් නෑර රටෙන් හොරකම් කරා ….පාඨලී චම්පික කියන්නෙත් ඒ වගේම පට්ට හොරෙක් ….රාජිත නැව් ගත්තා …රවි කරුණානායක විදේශ විනිමය වංචා කරන horakan keruwa ….මුංගේ මොකාද හොර කන් no කෙරුවෙ ….හැමදාම මේ කාලකන්නින්ට රැවටුනා ඇති …මෙතන බොරු කොමෙන්ට් දාගෙන වැලපෙන ජෙප්පන්ගේ හෙයියන් ඇතුළු සේරම බඩගෝස්තරවාදී න් …ගැන ජනතාව අවබෝධයෙන් ඉන්න ඕනේ

  4. සාටක සුනඛයා says:

    මේ කාලකන්නි කරන්නේ …රටම බංකොලොත් කරලා හොරා කරලා….ඊට පස්සේ අපේ මිනිස්සුම පෙන්න පෙන්න…ලෝකෙ වටෙන්ම සල්ලි එකතු කරලා ඒ ටිකත් හොරා කන එක ….යුඑන්පී කාලේ මහ බැංකුවට වැඩේ දුන්නා..පට්ට හොරා බැසිල් රාජපක්ෂ මුදල් ඇමති වුණා ….ජෙප්පො ටික කැටවල මිනිසුන්ගෙන් සල්ලි හූරගෙන අරන්..උන් ගෙවල් දොරවල් ගත්තා පිටරටවල් වල ගෙවල් දොරවල් ගත්තා උන්ගෙ ළමයි පිටට යැව්වා ….මුන් සේරම එකෙක් නෑර රටෙන් හොරකම් කරා ….පාඨලී චම්පික කියන්නෙත් ඒ වගේම පට්ට හොරෙක් ….රාජිත නැව් ගත්තා …රවි කරුණානායක විදේශ විනිමය වංචා කරන horakan keruwa ….මුංගේ මොකාද හොර කන් no කෙරුවෙ ….හැමදාම මේ කාලකන්නින්ට රැවටුනා ඇති …මෙතන බොරු කොමෙන්ට් දාගෙන වැලපෙන ජෙප්පන්ගේ හෙයියන් ඇතුළු සේරම බඩගෝස්තරවාදී න් …ගැන ජනතාව අවබෝධයෙන් ඉන්න ඕනේ….ඔය එකෙකුටවත් ආයෙම ඡන්දෙ දෙන්න හොඳ නෑ

Main News