ජනපති RMV පනී.. ජනතා රස්තියාදුව මාස දෙනෙක් විසදන්නැයි නියෝග.. ස්වාධීන ජනතාව ජයඝෝෂා නගති..

December 27, 2019 at 8:40 am | lanka C news
ජනපති RMV පනී.. ජනතා රස්තියාදුව මාස දෙනෙක් විසදන්නැයි නියෝග.. ස්වාධීන ජනතාව ජයඝෝෂා නගති..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක් ගියේය.

එම කාර්යාලයේ පැවති අධික තදබදයට වහා පිළියම් යොදන ලෙස ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දුන්නේය.

ඇතැම් නිලධාරීන් කාර්යාල පරිශ්‍රයේ නොසිටීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විවේචනය එල්ල විය.

ජනතාවට රස්තියාදු නොකර කාර්යක්ෂමව සේවාව ලබාදීම සඳහා ක්‍රමවේදයක් ඇති කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා එය නිරීක්ෂණය කිරීම සඳහා තමන් නැවතත් මාස 2ක කාලයක් ඇතුළත එහි එන බවද සඳහන් කළේය.

එහි සිටි ජනතාව අනාපෙක්‍ෂිත අවස්ථාවක පැමිණි ජනාධිපතිවරයාට සිය ගැටලු ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයා ඊට මැදිහත් වූ ආකාරයට ජනතාව ජය ඝෝෂා නැගූහ.

කෙසේ නමුත් එහි සිටි රාජ්‍ය නිලධාරීන්ට ද ජනාධිපතිවරයා දැඩිව දොස් නොපැවරු අතර ජනතාවට සේවය කඩිනමින් ලබාදීම සඳහා ක්‍රමවේදය ඉක්මනින් වෙනස් කළ යුතු බව දැනුම් දුන්නේය.

තමන් තිස් වසරක් රාජ්‍ය සේවයේ නියුතු වූ බවත් ජනතාව විසින් තමන් ජනාධිපති බවට පත්කර ගෙන ඇත්තේ එහි කාර්යය නිසි ලෙස කිරීම නිසා තමන් එය සිදු කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

117 views

15 Comments to “ජනපති RMV පනී.. ජනතා රස්තියාදුව මාස දෙනෙක් විසදන්නැයි නියෝග.. ස්වාධීන ජනතාව ජයඝෝෂා නගති..”

  1. Happy says:

    ලාංකික අපේ බලාපොරොත්තු ඔබතුමා පමණි. ඉදිරියට යන්න. ඔබතුමාට සියලු දෙවි රැකවරණය ලැබේවා. ඔබතුමාට ජේසු පිහිටයි..

  2. දේශයේ උන්නතිය ඔබතුමා පමණි. ගරැ අපේම ජනාධිතිතුමණි කුම්භාණ්ඩයන්ගෙන් පුවේශම් වන්න.

  3. ව්මුක්තිධරයාණනී, අපේ එකම පැතුම ඉටුවන ලකුණු පහලවේ. නමුත් දුෂ්ඨ අවතාර හැම තැනම සැරිසරයි. එබැවින් අපේ ජනාධිපතිතුමණි අාරක්ෂාවට පලමු තැන දිය යුතුය. අපේ ජනාධිපතිතුමණි Pension Department එකට යන්න. එකදු phone call එකකටවත් ඔවුන් answer නොකරයි . widows pension ගැන ඔවුන් කිසිදු තැකිමක් නාෙකරයි. Please Our Mr. President අපිට උදව් කරන්න.

    • chandra says:

      labour department also same

      • The Public Service Mutual Provident Association එක PSMPA එකත් එහෙමයි. අපි මිය ගියාම දෙන මරණ පුදානය ගන්න පුදුම දුකක් විදින්නවලු. කෝල් කරලාම පෝන් බිල අහස උසට නගිනවා. ජනාධිපතිතුමණි මේඔබතුමාගේ අවධානයට.

        • දෙහිවල සත්තු වත්තේ ඉන්න ඉංජිනේරැවා ගැනත් හාෙයලා බලන්න. මත් කුඩුත් අහුවුනා. නිල නිවාස දෙන්නෙ තියෙන අයට. ඉංජිනේරැවා තනි ගෙයක ඉන්නේ. අනික අපිරිසිදු නරකාදියක් වගේ දෙහිවල. ගරැ ජනාධිපතිතුමණි පුලුවන්නම් මාධ්‍ය හොර රහසේ මේ සදහා යොමු කරන්න. වාහන අවභාවිතය සරැවට කෙරෙන තැනක් සත්තු වත්ත. පුධාන කාර්යාලයේ ගිණුම් අංශයේ නව ගණකාධිකාරී නෝනා දස මාසේ ණය නවත්තලා කියලා අාරංචි. ලෝන් දාලා ගන්න බැරැව ලත වෙනවලු.

  4. ලක්වැසියා says:

    දැන් ස්විස් කාරයන්ට වෙච්ච දෙයක් නෑ. උන් අර බලහත්කාරයෙන් හංගගෙන හිටපු සිම් cards, phones ටික පොලිසියට බාර දුන්නැයි?

  5. gamaya says:

    Next stop passport office please.

  6. Fernando says:

    Janadi pathe tumane foreign minister eka pathe geyoth oba tumata pin

  7. Goto-2020 says:

    දේශයේ උන්නතිය ඔබතුමා පමණි. ගරැ අපේම ජනාධිතිතුමණි කුම්භාණ්ඩයන්ගෙන් පුවේශම් වන්න.

  8. බන්ඩා says:

    ජනාධිපතිතුමනි!
    නුගේගොඩ රියදුරැ බලපත්‍ර සදහා වෛද්‍ය පරීක්ෂණ කරන ස්ථානය යමරජ්ජුරැවන්ගෙ දඬුවම් ගාරයක් බවට පත් වෙලා. එතන පරීක්ෂකයො හිතන්නෙ ඒ අය බලසම්පන්න දෙවිවරැ කියලය්. පරීක්ෂණයට වරැවකට වඩා යනවා. මෙම වෛද්‍ය පරීක්ෂ. කිරීම කලින් මෙන් පුද්ගලික රෝහල් වලටත් බාර දුන්නොත් ජනතාවට ඉතා පහසු වෙනවා නොඅනුමානය්.

  9. බන්ඩා says:

    ජනාධිපතිතුමනි!
    නුගේගොඩ රියදුරැ බලපත්‍ර සදහා වෛද්‍ය පරීක්ෂණ කරන ස්ථානය යමරජ්ජුරැවන්ගෙ දඬුවම් ගාරයක් බවට පත් වෙලා. එතන ලොක්කා හිතන් ඉන්නෙ ඔහු මහා බලසම්පන්න දෙවියෙක් කියලය්. ජනතාව පරීක්ෂණයට වරැවකට වඩා ගත කරන්න වෙනවා. මෙම වෛද්‍ය පරීක්ෂණය කිරීම කලින් මෙන් පුද්ගලික රෝහල් වලටත් බාර දුන්නොත් ජනතාවට ඉතා පහසු වෙනවා නොඅනුමානය්.

Main News