ජනප‍්‍රිය ලාබාල රංගන ශිල්පිනිය මැදිවියේ ඇමති එක්ක සතියක් රට සවාරියේ..

March 8, 2019 at 12:02 am | lanka C news
ජනප‍්‍රිය ලාබාල රංගන ශිල්පිනිය මැදිවියේ ඇමති එක්ක සතියක් රට සවාරියේ..

මැදිවියේ පසුපව ඇමතිවරයෙක් මෑතකදී රූපවාහිනිය ඔස්සේ ජනප‍්‍රියත්වයට පත් ලාබාල නිලියක් සමගින් සතියක පමණ කාලයක් විදේශ සංචාරයක නිරත වී සිටි බවට ඇය රංගනයේ යෙදෙන ටෙලි නාට්‍ය කණ්ඩායමක ආරංචි මාර්ග කියයි.

ඇය රටවල් දෙකක සිට ඇමතුම් ගත් බවත් එක් අවස්තාවක එකී ඇමතිවරයාගේ හඬද ආසන්නයෙන් ඇසුනු බවත් ඔවුහු කියති.

ආපසු එන ගමනේදී නිලිය ආසන්න රටක සිට සෘජුවම මෙරටට පැමිණ ඇති අතර ඇමතිවරයා ඉන්දියාව හරහා පැමිණ ඇත්තේ දෙදෙනා එක්ව නොගිය බව අගවන්නට යයිද කතාබහ වෙයි.

සංචාරය නිමවා පැමිණි ඇය තවත් දින තුනක පමණ කාලයක් රූගත කිරීම්වලට සහභාගී වී නැති අතර තෙහෙට්ටුව නිසා යයි දන්වා තිබින.

කලකට පෙර මේ දෙදෙනාගේ සමීප පින්තූරයක් ඉන්ස්ටරග‍්‍රෑම්හි පලව තිබුනත් ඊට එතරම් අවධානයක් ඇති නොවින.

148 views
Main News