ජනබලයේ ප‍්‍රතිඵල එයි.. විරෝධයෙන් පසු පළමු ඡන්ද ප‍්‍රතිඵලය මෙන්න.. පොහොට්ටුව 210යි.. එජාපය 0 යි.. ශ‍්‍රීලනිපය 0 යි..

September 7, 2018 at 11:04 pm | lanka C news
ජනබලයේ ප‍්‍රතිඵල එයි.. විරෝධයෙන් පසු පළමු ඡන්ද ප‍්‍රතිඵලය මෙන්න.. පොහොට්ටුව 210යි.. එජාපය 0 යි.. ශ‍්‍රීලනිපය 0 යි..

අටකලන් විවිධ සේවා සමුපකාර සමිතිය සඳහා නියෝජිතයන් පත් කර ගැනීමට පැවැති ඡන්ද විමසීමෙන් සියලු ප්‍රාදේශිකයන්හි නිතරග ජයක් ලැබීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබූ කණ්ඩායම සමත් විය.

ඡුන්ද විමසීමේදී ප්‍රාදේශික 23ක් සදහා කාරක සභිකයින් 210 ක් තෝරා ගැනීමට නියමිතව තිබිණි.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු අපේක්‍ෂකයෙක් ඡුන්දය සදහා ඉදිරිපත් නොකලේය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කළ සියලු අපේක්ෂකයන් තේරී පත්ව ඇත.

මෙම මැතිවරණය වසරක් තිස්සේ කල් දමමින් තිබූ බවත් එය සිදු වූයේ එජාප මන්ත්‍රී හේෂා විතානගේ සහ නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතානගේ බලපෑම මත බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි.

68 views
Main News