ජනබල විරෝදය අතරේ නව ආණ්ඩුවක් ප‍්‍රකාශ කරන්න ඒකාබද්ද ලොක්කෝ ෂැංග‍්‍රිලා හෝටලයේ කාමර 15ක් වෙන් කරලා..

September 6, 2018 at 10:26 pm | lanka C news
ජනබල විරෝදය අතරේ නව ආණ්ඩුවක් ප‍්‍රකාශ කරන්න ඒකාබද්ද ලොක්කෝ ෂැංග‍්‍රිලා හෝටලයේ කාමර 15ක් වෙන් කරලා..

ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පවත්වන ලද විරෝධතාවය අතිශයින්ම අසාර්ථක යයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සදහන් කරයි.

විරෝධතාවය අතරතුර ඒකාබද්ද විපක්‍ෂයේ නායකයන් විසින් නව ආණ්ඩුවක් ප‍්‍රකාශයට පත් කිරීම සදහා ගාළුමුවදොර ෂැන්ග්‍රිලා හෝටලයේ කාමර 15ක් වෙන් කර තිබූ බවද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් විරෝධතාවය අසාර්ථක වීමත් සමගින් නව ආණ්ඩු සිහිනය බොද වී ගියේ යයිද ඇමතිවරයා කීය.

හිල්ටන් හෝටලයේ හා ටාජ් සමුද්‍රා හෝටලයේද කාමර 3 බැගින් වෙන් කරගෙන තිබූ බවත් ඔහු සදහන් කලේය.

පොහොට්ටුවට හෝ ඒකාබද්ද විපක්‍ෂයට බැසිල් රාජපක්ෂ නැතිව ගමනක් නැතැයි එහිදී ඔප්පු කර ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

10 views

7 Comments to “ජනබල විරෝදය අතරේ නව ආණ්ඩුවක් ප‍්‍රකාශ කරන්න ඒකාබද්ද ලොක්කෝ ෂැංග‍්‍රිලා හෝටලයේ කාමර 15ක් වෙන් කරලා..”

  1. Alapaluwa says:

    කෙසේ වෙතත් දැන්නම් අපිට සැබෑවටම වෙනසක් අවශ්‍ය කාලයකයි අපි මේ සිටින්නේ.නමුත් සැමදාම දකින වෙනසනම් එක්කෝ UNP එසේත් නැතිනම් SLSP යනමේ ඔළුගෙඩි ටිකම තමයි. මේ දෙකෙන්ම දකින්නේ එකම ඩයල් ටිකයි දැන් දශක ගණනක් තිස්සේම දැකලා අපිට තිත්තවෙලා .අපේ අසරණ තව තවත් අසරණ වෙන එකම පමණි.මෙයට පසු මේ ජනතාවත් මොකද කරන්නේ එකකින් හොඳටම බැටකාපසු සිතනවා අනේ දැන් නම් මේ අනිත් පාටිය හොඳයි දැන්නම් හොඳ පාඩමක් ඉගෙන ඇතිබැවින් අපිටත් රටටත් හොඳ කාලයක් යාවි කියා නමුත් වෙන්නේනම් එවුන් පැමිණි පසුත් එකම බෙරපදයටම නටන එක විතරයි එයින් වන්නේ අපි තවත් කබලෙන් ළිපට වැටුන එක පමණි.එමනිසා මේදෙවර්ගයේම කකුල්දෙකේ සත්වයන් ගැන හොඳට සිතා මටසිතෙනවා අළුතෙන් ජනාධිපතිවරණයට පැමිණෙන්න සුදානමින් සිටින නගානන්ද කොඩිතුවක්කු වැනි අමුතුම සංකල්පනාවක් ඇති නියම රටගැන සිතන රටට හිතෂි අදහස් ඇති අවංක පුද්ගලයෙක් පත්වුවහොත් හොඳයි කියා මොකද සමහරවිට එතුලින් අපි බලාපොරොත්තුවන සැබෑවෙනසක් එතුළින් ඇතිවේන්න ඉඩකඩ ඇති කියා .ඇත්තටම මා ඔවුගේ ගොඩක් Video clips කිහිපයක් බැලුවා කථාවනම්100% සත්‍යයි එම ප්‍රතිපත්ති තුළින් නවරටක් හැදියාවක් සහා සැබෑ නීතියක් රටකට අවශ්‍ය පොදුකාටත් යන මෙවැනි දේවල් අති බහුලය.ඇත්තටම මෙය මට සිතෙන විදියකි මාසමග සිටින අනිකුත් සහෝදරයන්ගේද මතයනම් මෙයමය.එමනිසා චුට්ටක් ඔබලාගේ වටිනා කාලය යොදවා ඔවුගේ එමසංකල්පනා මොහොතකට බලා ඔවු මොනවාගේ පුද්ගලයෙකුද කියා තේරුම්ගන්න උත්සහා කරන්න.

  2. Amda says:

    අනුන්ගෙ ඒව හොයන වෙලේ තමුන්ගෙ රාජකාරිය හරියට කලා නම් අනික් මිනිස්සු පාගමන් යන්න ඕනෙ වෙන්නෙ නෑ බොලවු

    • අනේ යකෝ සුවසැරිය ගිලන්රථ ගේන කොටත් බයියගෙ හරක් විරුද්ධ වුනා. හොඳ කරත් ⁣පටු දේශපාලනය වෙනුවෙන් ඒකට විරුද්ධ වෙන හරක් තොපි. එහෙව් එකේ මොනව කරත් තොපි හරකුන්ට මොළයක් නෑ තේරුම්ගන්න.

  3. don katugampala says:

    muge gobba talk, kiyanna deyak nethuva “nandodavanava” tho gallen eliyata dala thamayi janathava thota salakanne,

  4. නිහමසිංහ says:

    ඇත්තම කතාව මේ ලොක්කො කවුරුත් ජනතාවට බයයි ජනතා නැගිටීමකට බයයි. බොහෝ දෙනෙක් මහින්දලට කැමති ඇත්තෙම නැතුවට ටිකක් හොඳයි කියන න්‍යයාය යටතේයි. විමල් හොඳ කතිකයෙක් ඒත් සිදුවන දේ පිලිබඳ ජනතා හැසිරීම් රටාව පිලිබඳ
    අවබෝදයේ දුර්වල තාවයක් තියෙනව.

  5. Aurora says:

    ඔන්න කිව්වා නියමම ගොන් කතාවක්. ආණ්ඩුවක් ප්‍රකාශ කරන්න ෂැන්ග්‍රිලා හෝටලයේ කාමර වෙන්කරගන්න ඕනෑද? එතකොට ලැබෙන විශේෂ වාසිය මොකක්දකියල කිව්වානම් තමයි හොඳ. මේ කථාව තමුන්ගේ බුද්ධි මට්ටමේම ඉන්න පාක්ෂිකයන් සඳහා පමණයි.

Main News