ජනබල විරෝධතාව ගැන නාමල් සමාව අයදී..

September 6, 2018 at 1:20 pm | lanka C news
ජනබල විරෝධතාව ගැන නාමල් සමාව අයදී..

ඊයේ දිනයේ කොළඹදී පැවති ‘ජනබලය කොළඹට’ විරෝධතාව හේතුවෙන් අපහසුතාවට පත් වූ සියළු පුද්ගලයන්ගෙන් තමන් සමාව අයැද සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ ආණ්ඩුවට එරෙහිව ඉදිරියේදීද ජනබල විරෝදවය සිදු කරන බවයි.

මෙරට ජනතාව බොහෝ දෙනෙකු වෙනසක් අපේක්‍ෂාවෙන් සිටින බවද ඊයේ විරෝධතාවයෙන් පැහැදිලි වූ බව මන්ත‍්‍රිවරයා සදහන් කරයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස නායකයින් පත් කරනා තුරු අඛණ්ඩව සටන් කරන බවද මන්ත‍්‍රිවරයා වැඩි දුරටත් කියා සිටී.

177 views
Main News